ජීවිතය ජයගන්න නිවැරැදිව සීවලී හාමුදුරුවෝ නමදින්න

views 2017-06-19 10:51:00 IRANAMA_New

සීවලී හාමුදුරුවෝ කොහි වැඩියේද?

තිස්‌ තුන් කෝටියක්‌ දෙවිවරු ඇතැයි බෞද්ධයින් විශ්වාස කළද ඔවුන් ගෙන් නම් වශයෙන් හෝ හැඩරුව ගතිගුණ ගැන දන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක්‌ ගැන පමණි. ඒ ලෙසින්ම ඉතිහාසයේ රජවරු - පාලකයන් දහස්‌ ගණනක්‌ සිටින්නට ඇත. ඒත් අප නම් වශයෙන් දන්නේ කී දෙනකු ගැනද. බුද්ධ ශාසනයේද අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක්‌ භික්‍ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා සිටින්නට ඇත. ඒත් වර්තමානයේ අප කථා කරන්නේ පූජා පවත්වනු ලබන්නේ මේ මහරහත් වහන්සේලා අතරින් ඉතාම සුළු සංඛ්‍යාවක්‌ සඳහා පමණි. සැරියුත් මුගලන් අගසව් දෙනම හැරුණු විට ආනන්ද කාශ්‍යප, අංගුලිමාල, රාහුල, සීවලී, මිහිඳු,, මලියදේව වැනි මහරහතන් වහන්සේලා ස්‌වල්ප දෙනෙකුගේ නම් අපට මතකය. පිරිත් දේශනා කරනවිට හෝ වෙනත් පුද පූජා පවත්වන අවස්‌ථාවලදී අතීතයේ ජීවත් වූ මහරහතන් වහන්සේලා කිහිප දෙනකු ගැන අපි කතා කරමු. අප විමසන අපට කථා කරන සෑම පුද්ගලයෙකුම අපගේ ජීවිතයට සම්බන්ධය. එසේ නොවේ නම් අපට ඔවුන් අමතකය. වර්තමානයේ මැතිසබයේ සිටින ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ සහ නම් කියක්‌ ඔබට මතකද? අපි ඉතාම සරල උදාහරණයක්‌ ගනිමු. ඔබට ඔබ හා එකට ඉගෙනගත් කී දෙනකු ගැන ඔබට මතකද? ඔවුන්ගේ දුරකථන අංක කීයක්‌ ඔබ ළඟ තිබේද?

අප කෙසේ කීවත් කුමන ආගමක්‌ ඇදහුවත් කුමන ජාතියකට අයත් වූවත් අපි ආත්මාර්ථකාමීහු වෙමු. අපේ මතකයේ ඇත්තේ අප සිහිකරන්නේ කුමන හෝ අයුරකින් අපට ප්‍රයෝජනවත් අය පමණි. (ඔබ බෞද්ධයෙක්‌ නම් ඔබේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ නම ඔබ දන්නවාද?) මේ අයුරින් අප පුදන්නේ අපට ප්‍රයෝජනයක්‌ ඇති දෙවිවරුන්ට පමණි. කතරගම විෂ්ණු, සමන්, ලක්‍ෂමි, ගණ, සරස්‌වතී, ශිව, පත්තිනි ආදී දෙවි දේවතාවුන් ගෙන් අපට යමක්‌ ලබාගන්නට පූජා පවත්වමු. ඒ ලෙසින්ම "සීවලී මහරහතන් වහන්සේටද අප පූජා පවත්වන්නේ අපගේ ආර්ථික ලාබ ප්‍රාර්ථනා කරමිනි. නැතහොත් අපි සීවලී හිමියන්ද නොහඳුනමු.

බෞද්ධයින්ගේ බොහෝ නිවාසවල සහ ව්‍යාපාර ස්‌ථානවල බුදුරුව නැතත් සීවලී මහරහතන් වහන්සේගේ පිංතූරයක්‌ තබා ඊට මල් පහන් පැන් සහ ආහාර පූජා කරනු දැකිය හැකිය. බුදුන්වහන්සේට නොවැන්දත් සීවලී මහරහතන් වහන්සේට පූජා තබන අය අනන්තය. කුඩා පිංතූරයක්‌ හෝ දොර උළුවහුවට උඩින් තබා උදය සවස උන්වන්සේට ගරු බුහුමන් කරන අය අනන්තය. ඒ අතර පුද පූජා නොකළද සීවලී මහරහතන් වහන්සේගේ පිංතූරයක්‌ එල්ලා එයට විදුලි බුබුලක්‌ දල්වා තබන අයද බොහෝය. මේ විදුලි බුබුල බොහෝ විට පැය විසිහතර පුරාම දැල් වේ. සීවලී මහරහතන් වහන්සේට මෙසේ පුද පුජා කළද කිසිදු දියුණුවක්‌ සිතේ සැනසුමක්‌ වින්දනයක්‌ නොමැති බැතිමතුන් අනන්තය අප්‍රමාණය. අප වෙත එන බොහෝ දෙනා "සීවලී හාමුදුරුවන්ට හැමදාම පූජා පවත්වනවා, ඒත් සමහර දවස්‌වලට පොඩි උන්ට පාන් කෑල්ලක්‌වත් දී ගන්න බැරි වෙනවා. මෙසේ අඬාවැටෙන අය අනන්තය.

සීවලී මහරහතන් වහන්සේ " ලැබීම් අතින් අග්‍රස්‌ථානයට" පත්ව ඇති බව පිළිගැනීමකි. සීවලී හාමුදුරුවන්ට මල් පහන් සුවඳ දුම් පූජා කළද ගෙදරට " පාන් කෑල්ලක්‌වත්" නොලැබේ නම් සීවලී මහ රහතන්වහන්සේට පූජා කරන්නේ ඇයි? පැන් බඳුනක්‌ තබන්නේ ඇයි? එහි වරද කොතනද කොතනක හෝ වරදක්‌ සිදු වී ඇත. අපි ඒ වරද නිවැරදි කරගනිමු.

බොහෝ දෙනා සිතන්නේ සීවලී මහ රහතන් වහන්සේගේ පිංතූරයක්‌ නිවසේ තිබීමෙන් හෝ ඊට මල් පහන් පූජා කිරීමෙන් සියලු යස ඉසුරු පහළ වනු ඇත කියායි. ආහාර පාන ලැබීම් අතින් වාසනාව ලැබෙනු ඇත කියාය. එය වැරදි මතයකි. අඹ පැළයක්‌ සිට වූ පමණින් ගෙඩි ලැබෙන්නේ නැත. ඊට පොහොර ජලය යොදා "පැළය" ගසක්‌ බවට පත්කරගත යුතුය ඒ ලෙසින්ම සීවලී මහ රහතන්වහන්සේගේ පිංතූරයක්‌ තැබූ පමණින් කුස්‌සියේ හාල් පොල් ඉබේට පහළ වන්නේ නැත.

සීවලී මහරහතන් වහන්සේ ගෙන් ආහාර පාන ලබාගැනුමට නම් පළමුව නිවසේ බුදුන් වහන්සේට මුල්තැන දී උන්වහන්සේට මල් පහන් පුදා දෙවනුව සීවලී මහ රහතන්වහන්සේට පූජා පැවැත්වීම සිදු කළ යුතුය. බුදුන්වහන්සේ ගුරුවරයාය. සීවලී හිමි ගෝලයාය. ගුරුන්ට නොසලකා ගෝලයාට පිදීම නොකළ යුතුය. ඒ ලෙසම සීවලී හිමිගේ රූපය පමණක්‌ නොව "සීවලී යන්ත්‍රයද" අත්‍යවශ්‍යය. නිවැරදි ලෙස ඇඳ ජීවම් කරන ලද සීවලී යන්ත්‍රයක්‌ නිවසේ තබාගෙන පූජා පැවැත්වීම අවශ්‍යය. වර්තමානයේ මුද්‍රණය කර ඇති බොහෝ සීවලී හිමිගේ පිංතූරවල සීවලී යන්ත්‍රයද මුද්‍රණය කර ඇත. නමුත් මේ යන්ත්‍රය අපට උපකාරී වන්නේ නැත. ඒ සීවලී යන්ත්‍ර පමණක්‌ නොව මුද්‍රණය කර ඇති රත්නමාලී යන්ත්‍ර ආදී බොහෝ යන්ත්‍ර වැරදි ඒවාය. නිවැරදි යන්ත්‍රයක්‌ නොමැතිව සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැක. ඒ නිසා නිවැරදි යන්ත්‍රයක දැකිය යුතු ප්‍රධාන ලක්‍ෂණ මොනවාද? කියා සොයා බලමු.

1 යන්ත්‍රයකට නියමිත දිග සහ පළලක්‌ තිබිය යුතුය. වැරදි දිග සහ පළලක්‌ නිසා සිදුවන්නේ අනර්ථයකි. ඒ නිසා යන්ත්‍රයක්‌ පැලඳීමේදී හෝ නිවසේ යන්ත්‍රයක්‌ තබා ගැනීමේදී නිවැරදි දිග සහ පළල ගැන අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය.

2. යන්ත්‍රයක රේඛා එකිනෙක කැපී යැම නුසුදුසුය. තිරස්‌ රේඛා හෝ සිරස්‌ රේඛා හමුවන විට ඒ රේඛා කිසිසේත් කැපී යැම නොකළ යුතුය. මුද්‍රණය කරන ලද සීවලි යන්ත්‍රවල රේඛා සියල්ල එකිනෙක කැපීගොස්‌ ඇත.

3 නිවැරදි යන්ත්‍රයක්‌ ස්‌පර්ශ කරන විට ඇඟිලිවලට දැනීමක්‌ විය යුතුය. ඒ නිසා තඹකොළ රිදී කොළ රත්රන් කොළ හෝ තල්කොළවල යන්ත්‍ර ඇඳීම ඈත අතීතයේ සිටම සිදු කරන ලදී. අතීතයේ කඩදාසි නොතිබුණද වර්තමානයේ කඩදාසි කොළවල යන්ත්‍ර ඇඳීම සිදු නොකරන්නේ ඒවා ස්‌පර්ශ කිරීම කළ නොහැකි නිසාය.

4 යන්ත්‍රයක්‌ නිවැරදිව ඇන්ඳත් ඒවා "ජීවම්" කිරීම හෝ "පිරිත් කිරීම" හෝ " පේ කිරීම" නොකර ඒවා ගුණදායි වන්නේ නැත. " මන්ත්‍ර රහිත" යන්ත්‍ර ඇතත්, ඒවා පේ කිරීම අවශ්‍යය. නිවැරදි වත් පිළිවෙත් නොමැතිව යන්ත්‍රයක්‌ පැලඳීම "ඉල්ලාගෙන කෑමකි" සීවලි මහරහතන් වහන්සේගේ පිංතූරයක්‌ තිබීමෙන් අපලයක්‌ වන්නේ නැත. ඒත් වැරදි ආකාරයෙන් පූජා පැවැත්වීම නිසා සඵලයක්‌ (ගුණයක්‌) ලැබෙන්නේද නැත. ඒ නිසා නිවැරැදිව සීවලී යන්ත්‍රයක්‌ සහිතව සීවලි හිමිට පුද පූජා පැවැත්වීමෙන් ආර්ථික සංවර්ධනය පමණක්‌ නොව නිවසේ සාමය සතුට දියුණුව උදාකරයි.

ව්‍යාපාර දියුණුව - දරුසම්පත්, මංගල යෝග ආදී ලෞකික සම්පත් උදාකරගන්නටද සීවලි යන්ත්‍රයෙන් බලයක්‌ ලැබේ.

සීවලී මහරහතන් වහන්සේ " සියලු ලැබීම් අතින්" අග්‍රස්‌ථානය ලබාගත් රහතන්වහන්සේය. ඇතැමුන් ආහාර පාන ලැබීම් ගැන පමණක්‌ බලාපොරොත්තු තැබුවද නිවැරදිව ඇඳ ජීවම් කරන ලද සීවලී යන්ත්‍රය සමඟ සීවලී මහරහතන් වහන්සේට පුද පූජා පැවැත්වීමෙන් ලෞකික ජීවිතයේ බොහෝ සම්පත් ලබාගත හැක.

වැඩි විස්‌තර සඳහා 0727430179, 0812085541.

විශ්ව කීර්ති ජ්‍යෙතිෂ විද්‍යා ප්‍රසාදිනී
එස්‌. වීරරත්න


සතියේ ලග්න පලාපල