දේශපාලන ලෝකයේ නොසිතූ හැල හැප්පීම්
කෝණ මාසය උදාකරමින් ග්‍රහලොව රජු මිථුනයට

views 2017-06-18 10:51:00 IRANAMA_New

ශ්‍රී ලංකාවට පමණක්‌ නොව
ලෝකයටම අපල කාලයක්‌

විවාහ හා නිවාස නැකැත් නොමැති කුජට ශනි සම සප්තම වූ වසරේ දෙවන කෝණ මාසය උදාවේ.

මේ වසරේ දෙවන කෝණ මාසය උදා කරමින් ග්‍රහ ලොව රජු හෙවත් රවි ග්‍රහයා ජුනි 15 වන බ්‍රහස්‌පතින්දා අළුයම 05.32 ට පමණ බුධ හිමි මිථුන රාශියට පිවිසුණේය. ඇත. මෙය තවත් කෝණ මාසයක ආරම්භයකි. ජ්‍යෙdතිෂානුකූලව කෝණ මාසයක්‌ යනුවෙන් අදහස්‌ කරනුයේ එම කාල සීමාව තුළ හිරුගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් ගුරු, සිකුරු, සඳු, බුධ යන සුබ ග්‍රහයන්ගේ සුබ ග්‍රහ බලය මෙම කාලය තුළ දුර්වල වීමයි. එම හේතුව නිසා මෙම සුබ ග්‍රහ බලය දුර්වලව පිරිහී ගොස්‌ ඇත. විශේෂයෙන් ශුභ මුහුර්තයක්‌ සෑදීමේ දී කෝණ ලබන කාල සීමාවන් සම්බන්ධව දැනුවත් විය යුතුමය. විශේෂයෙන් විවාහය, නිවාස ඉදිකිරීම, ව්‍යාපාර ආරම්භය වැනි ශුභ කටයුතු වලදී කෝණ මාස යොදා නොගනී. කෙටියෙන් කියතොත් හිරු බුධගේ සහ ගුරුගේ රාශිවල ගමන් කරන කාලය කෝණ මාසයි.

1. මිථුන කෝණ මාසය හෙවත් මිථුන රවිය

මෙය ජුනි 15 වැනිදා පමණ සිට ජූලි 16 වැනිදා පමණ දක්‌වා සූර්යයා මිථුන රාශියේ ගමන් කරන කාලයයි. මිථුන කෝණ මාසයේ සත්‍ය වශයෙන්ම කෝණය යෙදෙන්නේ සෑම වසරකම ජුනි 21, 22 හෝ ඊට ආසන්න ඉදිරි හෝ පිටුපස දිනක දෙකකය. මේ නිසා එම දිනය හෝ දෙක අතහැර කෝණ මාසයේ සෙසු දිනයන් බලවත් ශුභ නැකතක්‌ සාදා ගැනීමට භාවිත කළ හැක. මෙය වගා කෝණය ලෙසද හඳුන්වයි. සාමාන්‍යයෙන් මේ කාලයේ වගා කටයුතු නොකරයි.

ඒ අනුව මෙම කාලය තුළ විශේෂයෙන් නව නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ මංගල සම්බන්ධ කටයුතු වලට අසුබය. මෙම කාලසීමාව තුළ ඒ සම්බන්ධව නැකැත් සෑදීමක්‌ සිදු නොකරනු ඇත. එසේම විවාහ මංගල කටයුතු, නව නිවාස සෑදීම මෙන්ම ගෙවදීම සිදු කළද එම අයගේ සියලු අංශයන් කෙරෙහි එහි අසුබ ප්‍රතිඵල උදාවනු ඇත.

එසේම මේ වන විට රවි, බුධ, මිථුන රාශියේ ග්‍රහ ගමනක යෙදෙන අතර ශනි හා කුජ යන ග්‍රහ දෙපළද සම සප්තමව කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ගමන් කරයි. එසේම සෙනසුරුද එළඹෙන 2017 ජුනි 21 වෙනිදා සිට වෘශ්චික රාශියට නැවත පිවිස ග්‍රහ චලිතය පවත්වා ගනු ඇත. ඒ අනුව මෙම ග්‍රහ ගෝචරය ඉතා අසුබ අසාමාන්‍ය ග්‍රහ ගෝචරයකි. මෙම තත්ත්වය හේතුවෙන් ජුනි 15 ත් ජුලි 16 ත් අතර කාලය තුළද බරපතළ නායයැම් මෙන්ම ගුවන් යානා අනතුරු ඇතිවීමේ අවදානමක්‌ ඇත. පොදුවේ ගත් කළ මෙම ග්‍රහ ගෝචරය අප රටට මෙන්ම ලෝකයට අපල හා පීඩාකාරී තත්ත්වයන් උදා කරනු ඇත.

මෙම කාලසීමාව තුළ ජන්ම ලාභය ලබන දරුවන්ගේ ජන්ම පත්‍ර තුළ කුජ ශනි යෝගය හෙවත් ශනි මංගල යෝගය පිහිටනු ඇත. මෙම යෝගය විවාහයට (පිහිටන රාශිය අනුව) යම් පමණක අසුබ ගෙනෙන අන් කටයුතු වලට නම් සුබදායක යෝගයක්‌ වනු ඇත. ඒ අනුව මෙම ග්‍රහලොව පාපී බලවතුන්ගේ වෘශ්චික රාශිගත ග්‍රහ චලිතය මත සලකා බැලීමේදි පොදු වශයෙන් මෙම ඉදිරි මාස 04 කට ආසන්න කාලය තුළ කුජ - ශනි සම සප්තම ග්‍රහ චලිතය පවත්වාගෙන යන කාලයේදී වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික හා ධනු යන ලග්නවලට සුබ ඵල උදාවන අතර ඔවුන්ගේ බොහෝ සිතුම් පැතුම් ඉටුවනු ඇත. මේෂ, කටක, තුලා, මකර, කුම්භ හා මීන යන ලග්නවලට තරමක්‌ අසුබඵලද උදාවනු ඇත.

කුම්භ ලග්න කේන්ද්‍රය හිමි අප රට දෙස අවධානය යොමු කිරීමේදී මෙම කාලය තුළ විශේෂයෙන් මෙම ග්‍රහ තත්ත්වයන්ගේ බලපෑම හේතු කොටගෙන මෙම ඉදිරි මාස 4 කට ආසන්න කාලය තුළ අප රටට පමණක්‌ නොව මුළුමහත් ලෝකයටම යම් පීඩාකාරී හා කරදරකාරී කාලයකට මුහුණදීමට සිදුවනු ඇත. මහජනතාවට යම් යම් අසහනකාරී තත්ත්වයන්ට ලක්‌වීමට සිදුවන කාලයකි. ස්‌වාභාවික විපත් බහුලවම සිදුවන කාලයකි. ගංවතුර, නායයැම්, භූමිකම්පා, සුළි සුළං තත්ත්ව, මුහුදු විපත්, හදිසි අනතුරු කැපීපෙනෙන ලෙස වර්ධනය වන කාලයකි. රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි. ජනතාවගේ මානසික සෞම්‍යතාව බිඳ වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක්‌ වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්‌ෂේත්‍රයේ හා රාජ්‍ය පාලන කටයුතුවලට නොයෙකුත් බාධා හා පීඩාකාරී තත්ත්වයන් ඇති වනු ඇත. රාජ්‍ය පාලන කටයුතුවලදී රජයට මහත් වූ අසීරු තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන කාලයකි. පාර්ලිමේන්තුව තුළ මෙම කාලසීමාව තුළදී උණුසුම්කාරී තත්ත්වයන් ඇතිවනු ඇත. දේaaශපාලන පක්‌ෂ තුළ පිල් බෙදීම් මෙන්ම මත ගැටුම් බහුලවන කාලසීමාවකි. අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ගැටලු හා ප්‍රශ්න බහුල වන කාලයකි. උසස්‌ ප්‍රභූන්ට මෙන්ම කුඩා දරුවන්ට අපලදායකය. විශේෂයෙන්ම අප රටේ ගව සම්පතට අපලදායක වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක්‌ ගැටලු හා කරදර ඇති වනු ඇත. දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැලහැප්පීම් ඇති වේ. උද්ඝෝෂණ, උපවාස, වැඩ වර්ජන ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතිය ක්‍රියාත්මක වනු ඇත. රථවාහන අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක්‌ සිදුවනු ඇත. ආහාරපානවල මිල ඉහළ යනු ඇත. මහජනතාව යම් කළකිරීමට ලක්‌වනු ඇත.

මෙම අපල තත්ත්වයන්ගෙන් මිදීමට ආගමික ස්‌ථාන තුළ ආගමික වතාවත්වල යෙදීමත්, අකුසල් උපදවන කටයුතුවලින් ඈත්ව කුසල් ජනිත වන කටයුතුවල නිරත වීමත්, ඉරිදා, අඟහරුවාදා හා ශනිදා යන දිනවල බෝධි පූජා පවත්වා එම පින් විෂ්ණු, කතරගම, පත්තිනි, ශිව (ඊශ්වර) දෙවියන්ට අනුමෝදන් කිරීමත් ඉතාමත් සුබ දායක වනු ඇත.

ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම,
සම්පත් එස්‌ කල්පගේ

සතියේ ලග්න පලාපල