ළඳකට හිමිනම් කුජ හත සැත්කම් කිසිවිට අඩුවක්‌ නැත

views 2017-04-20 11:50:00 IRANAMA_New

හඳහනක සත්වැන්න විවාහයේ සුබාසුබ පෙන්වන ස්‌ථානයයි. මෙහි අඟහරු ග්‍රහයා තැන්පත් වී ඇතිවිට එම හඳහනට විශේෂ අවධානයක්‌ මව්පියන් විසින් යොදවනු ලැබේ. එම දෝෂය මඟහරවා ගැනීමට කුජ හත හඳහන් දෙකක්‌ම තෝරා ගනිති. එවිට විසෙන් විස නැසෙන්නාසේ දෝෂය භං වේයෑයි පිළිගනු ලැබේ. එක්‌ අයකුගේ හඳහනෙහි කුජ හතේ සිටීනම් සහකරුට හෝ සහකාරියට විපත් ගෙනෙන බව අත්දැකීම් අනුවද සමාජය පිළිගෙන ඇත. කුජ හත හිමි අය ස්‌වභාවයෙන්ම රාගාධික වෙයි. එක්‌ අයකුගෙන් තෘප්තියක්‌ නොලබයි. විවාහ එකක්‌ නොව දෙකක්‌ හෝ එයට වැඩි ගණනක්‌ කර ගැනීමට පෙළඹෙයි. පළමු විවාහය ඇරෙයි. නැතිනම් අනෙකාට මාරක ගෙනෙයි. කුජහත හිමි ළඳුන්ගේද පිරිමින්ගේද හිසකේ තරුණ බවක්‌ පෙන්වයි. කෙස්‌ සුදු වීම අඩුය. ඉන් පෙනී යන්නේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි බවයි. දතකට මුහුණ ශරීරය ශෝභාමත්ය. එයද අනුන් වශී කරවයි.

ලෝකයේ ප්‍රබල පුද්ගලයන් බහු විවාහයන් කරගෙන ඇති හැටි ලෝක ඉතිහාසයෙන් පෙනී යයි. එබන්දෝ රෝගී අය නොවේ ශක්‌තිමත් ප්‍රබලයන්ය. කුජ හත හිමි අය රූමත්ය. ධනවත්ය, ධෛර්යමත්ය එහෙත් ගුණවත් නොවේ.

කරුණාව, දයාව තොර හෙයින් ධනය ඉතිරි වෙයි. වැඩි ධනය අයුතු ආශ්‍රයට වියදම් කරයි. පිරිමි නම් ස්‌ත්‍රීන්ට වසඟ වෙයි. ගැහැනු නම් පුරුෂයන්ට වසඟ වෙයි. එකිනෙකාට කීකරු නැත. අභිභවා යයි. එයම විවාහය දෙදරා යැමට හේතුවෙයි. සැර පරුෂය මුඛරිය පාපයට බරය.

බොහෝ විට කුජ හත හිමි අයට කුඩා කාලයේ සිටම පවුලෙන් වෙන් වී තනිව ජීවත් වීමට යෙදෙයි. මේ නිසා වරදට පෙළඹෙයි. විවාහය තනි මතයට කර ගනියි. පසුව ලතවෙයි. නොසෑහී වෙනත් ඇසුරක්‌ පතයි. ස්‌ත්‍රියක්‌ නම් වත දෙබැම පියයුරු උකුල දෙපා පියකරුය. නෙත් කැල්ම කතාව ගමන බිමන මනබඳනා සුළුය. වැඩටද දක්‍ෂය. ලෙඩ රෝග අඩුය. එහෙත් ශල්‍යකර්ම, තුවාල වීම් ආදියට ලක්‌වෙති. හදවත කුරිරුය. අනුකම්පා නැත. ගහබැණ ගනියි. කපා කොටා ගනියි. නඩු මඟට බරය.

කුජ හත පිරිමියා හතේ කුජ නැති බිරිඳක්‌ ලදොත් ඇයට දුක්‌ දෙවා වැඩගනියි. කුජ හත බිරිඳද කුජ හතේ නැති පුරුෂයාට දස වධ දෙයි. අනුකම්පා නැත. සැමියා අකාලයේ මරවයි. බිරිඳද වහලියක්‌සේ වැඩකර ලෙඩ වී එක්‌තැන් වෙති. නැතිනම් මියයති. ඉන්පසු සැමියා තවත් දීගයක්‌ ගෙන රසබලයි. බිරියන් රැසක්‌ අත්හරින කුජ හත කාරයෝද ඇත.

දරු ප්‍රසූතියකදී පවා ශල්‍යකර්ම වලට ලක්‌වන්නේ කුජ හත ළඳුන්ම බව පෙනී යයි. ඇතැම් විට විවාහක දෙදෙනා දුර ඈත ප්‍රදේශයන්හි තනි තනිව ජීවත්වීමට යෙදෙයි. එවිටද සිත නොමඟට හැරෙයි. ගමනේදී කරදර ඇතිවෙයි. හදිසි අනතුරුවලටද ලක්‌වෙති.

කුජ හත ගැහැනු සාමකාමී පුරුෂයන්ට නොව මුරණ්‌ඩු වණ්‌ඩි ගති ඇති අයටම පිරිය වෙති. රියෑදුරන් ඇත්ගොව්වන්, චණ්‌ඩින්, බේබද්දන්, රස්‌තියාදුකාරයන් වැනි අය විවාහයට තෝරා ගනිති. පසුව දුක්‌වෙති. මෙවැන්නෝ මව්පියන්ටද බරකි.

කුජ හත ලාභීන් ඉක්‌මනින්ම වැන්දඹු වෙයි. ඉන්පසු පාපයෙහි ඇලී ගැලී ජීවත්වෙති. ඇතැමුන් තමා තනිකඩව සිට අනුන්ගේ පවුල් නඩත්තු කරති. අවසානයේදී ඉතා දුක්‌ත තත්ත්වයකට පත්වෙයි.

මින් වැළකී සිටීමට නම් කුජ හත ඇති අය කුජ හත ඇති අයම සරණයට ගත යුතුය. කුජට හත්වැන්න පෙනීමද එතරම් ශුභදායක නොවේ. පින පව අනුව හත්වැන්නට ග්‍රහයන් උදාවෙයි. විවාහ සැපත හැමෝටම නැත.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල