කිරි අම්මාවරුන්ගේ දානයේ සත් දින ශාන්තිය

views 2017-03-10 09:49:00 IRANAMA_New

පන්තිනි දේව මෑණියන් ඇදහීමේ පුරාවෘතය ඇරැඹෙන්නේ ගජබා රජුගේ රාජ්‍ය සමයේ සිටය. එදා මෙදාතුර මෙරට ගම්දනවු සිසාරා යුග යුග රැඳුණු කිරි මවුන්ගේ දානය පිළිබඳ නොඇසු නොදුටු කිsසිවකු නැති තරම් ය. ගැමි ජනතාවගේ මෙන්ම නාගරික බොහෝ කාන්තාවන්ගේ දරුසම්පතට,ලෙඩට,දුකට මෙන්ම ගොවිතැන-ගව-සම්පත් මෙකීs නොකීs දහසක්‌ ප්‍රශ්න සඳහා භාර වුණේ, ඇප වුණේ පත්තිනි දෙවඟනටය.

මෙරට බෞද්ධ හින්දු දෙපිරිස්‌ හා පත්තිනි දෙවඟන ගසට පොත්ත මෙන් බැඳීසිටින විශ්වසනීය පුද සිරිතකි.

අචල භක්‌තියෙන් මෙහෙයවන ලද ජනයා, නවගමුවේ ප්‍රධාන දේවාලය මෙන්aම ප්‍රාදේශීය විහාරස්‌ථාන අශ්‍රිතව පිහිටා ඇති පත්තිsනි දේවාලය සොයා යන්නට නිරතුරුව හුරු පුරුදුවී සිටිති.

ලෙඩ දුක,ගොවිතැන,දරුසම්පත් යන විශේෂ කරුණු වලදී කිරිඅම්මා දානය තම නිවෙස තුළ දී පිරිනමා ඇප නිදහස්‌ කිරීම පෙර සිට පැවත එන සිරිතකි.

මෙහි පහත දැක්‌වෙන්නේ එවැනි සුවිශේෂ අවස්‌ථාවකදී භාවිත කළ යුතු සත් දින ශාන්තිය නමැති අගනා කවි පෙළකි.

බොහෝ ප්‍රාදේශවල මෙවැනි උතුම් කටයුතු සිදු කරන අවස්‌ථාවලදී ඒ පිළිබඳ අවබෝධයක්‌ ඇති වැඩිහිටියකු සොයා ගැනීම අපහසුය. ඒ සඳහා සැදී පැහැදී සිටින පින්වත් කිරි මව්වරුන් මේ කවි පාඩම් කරගෙනව භාවිතා කරන්නේ නම් ඉමහත් ශාන්තියක්‌ සැලසෙනු නියතන.

පෙර මහ සම්මතෙත් එපිට ගණ අඳුරක තිබුණා
රවිඳු උදාවුණු දා සිට ඉරිදා නම සැදුණා
සොඳුරු පතිනි මෑන කපේ අඹතුරයක උපණා
රිවිදින ලෙඩ අඹෙන් උපන් පන්තිනි සිඳ හරිණා

දිනිඳු උදා රෑ අඳුරට පායාගෙන වැඩෙනා
පුරුදුව සඳ දිනෙන් දිනටඩ මෝaරාගෙන එන්නා
සොඳුරු එසක්‌ රජු-ගුණකඳ-ලපසඳ එහි අඳිනා
සඳු දින ලෙඩ මැණික්‌ පතිනි සළඹෙන් සිඳ හරිනා

සෝළිය රජු රුවන් සළඹ සෝළිකරේ රකිනා
ගජබා රජු බලපාමින් මෙලක්‌ දිවට ගෙනෙනා
වැජඹෙන ඒ රුවන් සළඹ ගල් පාතක තිබුණා
කුජ දින ලෙඩ නාග පතිනි සළඹෙන් සිඳ හරිනා

සොඳ ගුණයුත් බුධ දෙවිවයෝ සිව්වැනි දින බලනා
ගඳ දුම්මල් පහන් බලා මේ පන්තිනි විමනා
සොඳ සව්සිරි සැපත් බලා තුසිතේ බණ අසනා
බුද දින ලෙඩ අයීරන්ඩ පන්තිනි සිඳ හරිනා

වරුෂ ගණන් පැය ඇතුලත මතු බුදු බව පතනා
පෙර වෛරෙන් පතතිනි දෙවි ප`ඩිපුර ගිනි කරනා
සොඳ සව්සිරි සැපත් බලා ප`ඩියගෙ නෙත මකනා
ගුරු දින ලෙඩ ඔරූමාල පත්තිනි සිඳ හරිනා

ගිනි පත්තිනි වෙල් එළියේ අම්බලමෙදි බලපානා
සවිබල ඇති යකිණි දුවක්‌ පාපිට ගස්‌ වමිනා
අව්පත දී යකිණිය හට ඔසරිය කර ලමිනා
කිවි දින ලෙඩ- ගිනි පත්තිනි හළඹෙන් සිඳ හරිනා

මුල් පුටුවකි විල්බාවේ තල් ගස යට සෙවනා
ගල් වෙනතුරු මුල් පුටුවට බැල්ම හෙලා සිටිනා
මල් විලමැද මල් ගැබයක මල් පුටුවක උපනා
මල් පත්තිනි ශනි දින ලෙඩ සළඹෙන් සිඳ හරිනා

වැද්ද නොදී එන උවදුරු ආපිට හර වමිනා
සිද්ද නෙදින් ඝෝෂාකර මේ පත්තිනි විමනා
සද්ධ හ`ඩින් ඝෝෂවෙන් බැහැ දැකලා වඳිනා
සද්දින ලෙඩ සත්පත්තිනි සළඹෙන් සිඳ හරිනා

දහම් මුණි බණ අසා බුදු බව පතන පත්තිනි දෙවියනේ පහන්a අව්ලා ගඟේ පැන්ගෙන වරන් ගත් ඔබ තෙදසිනේ

යහන් මත පුද ප`ඩුරු තෙල් මල් සඳුන් දළුමුර ලැබගෙනේ
සහන් පති බැස යාග කළසේ,රකින් ආතුර දින දිනේ

කතරගම-ශ්‍රී දැඩිමුණ්‌ඩ දේවාලයේ ප්‍රධාන කපුමහතා, කතරගම-නිමල් කුඩාතිහි


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල