දන්නා ආහාරවල නො දන්නා ගුණ

views 2018-02-21 01:57:00 Health_New

අද ගොඩක් දෙනා කඩ කෑමවලට හුරු වෙලා. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ක්ෂණික නූඩ්ල්ස්වලට වහ වැටිලා. නමුත් අපගේ ආහාරවල ඔබ නොදන්නවා වුවත් ඉතාමත් ඉහළ පෝෂණ ගුණයන් අන්තර්ගත විය යුතු බව කිව යුතුය. එවැනි ආහාර කීපයක ගුණයන් පිළිබඳයි මේ තොරතුරු.

කජු

කජු කන්න කවුද අකැමැති? හැබැයි දිනපතා කන කජු අහුරකින් අධි රුධිර පීඩනය අඩු කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? කජු කියන්නේ මැග්නීසියම් බහුල කෑමක්. රුධිර නාල ලිහිල් කරලා, ඒවායින් රුධිර ගමනාගමනය පහසුවෙන් කරගෙන යන්න පුළුවන් විදියට සකසන්න මැග්නීසියම් මූලද්‍රව්‍යට පුළුවන්. මේ හේතුව නිසා හෘද ස්පන්දනය සාමාන්‍ය විදියට පවත්වාගන්නත් උදව් කරනවා.

 සූදුරු

 සූදුරුවල තියෙන ෆයිටොස්ටේරෝල් හරියට මිනිස්සුන්ගේ ඇඟේ තැන්පත් වෙන කොලෙස්ටරෝල් වගේ. එකම වෙනස වෙන්නේ ෆයිටොස්ටේරෝල් ශාකයක සෑදීම සහ කොලෙස්ටරෝල් වගේ ඇඟට අගුණ ජාතියක් නොවීමයි. ඒ වෙනුවට, ෆයිටොස්ටේරෝල්වලින්, අපේ ආහාර මාර්ගයේ තැන්පත් වුණු හානිකර කොලෙස්ටරෝල් වර්ග අයින් කරනවා. ඒ නිසා ඇඟේ බර අඩු කිරීමේ හැකියාවක් සූදුරුවලට තියෙනවා. තවත් දෙයක් මේ සූදුරුවල තියෙන ඉහළ යකඩ සංචිතය. මේකෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කිරීමක් වෙනවා.

 මිදි

 මොළය ඇතුළු මධ්‍ය ස්නායු පද්ධතිය හොඳ තත්ත්වයෙන් තියාගන්න, මිදිවල ඇති ඇන්තෝසයනින්වලින් ලොකු දායකත්වයක් සැපයෙනවා. වයසට යද්දී ගොඩක් වැඩිහිටියන්ගේ දකින්න ලැබෙන අමතක වීමේ ගතිය අඩු කරවන්නත් මිදිවලට පුළුවන්.

 පැණි කොමඩු

 කොමඩුවල තියෙන දියරමය ගතිය නිසා, මලබද්ධය ඇතිවීමේ ඉඩ අඩු වෙනවා. අපි ගන්න කෑමවලින් ඇඟට උරා නොගත්ත ඒවා ඇඟෙන් පිටකරන්නේ බහිස්ශ්‍රාවී පද්ධතියෙන් . ඒ වැඩෙත් ලේසි කරන්න කොමඩුවලට පුළුවන්. මේ නිසාම වකුගඩුවල කාර්යය යහපත් කිරීමකුත් මෙතැනදී සිද්ධවෙනවා. ඒ වගේම, වකුගඩුවල ඇතිවෙන ගල්වලටත් මේක විසඳුමක් බව ඔබ දැනගෙන හිටියද? කුඩු කරපු කොමඩු ඇට තේ හැන්දක්, උණු කරලා නිවපු වතුර පයින්ට් එකක් එක්ක එකතු කරලා දිනපතා වීදුරු තුනක් බොන්න; වකුගඩු අමාරු සේරම සනීප වෙයි.

 ලෙමන්

 ඇඹුල් රසට තිබුණට, ලෙමන් කියන්නේ සෑහෙන්න ප්‍රයෝජන තියෙන පලතුරක්. ලෙමන්වල පෙක්ටින් කියන කෙඳී වර්ගය තියෙනවා.

ඇඟේ මහත අඩු කරගන්න උදවියට පෙක්ටින් කෙඳීවලින් ලැබෙන්නේ ලොකු අනුබලයක්. මලබද්ධය ඇතිවීම අඩු කරලා, ආහාර ජීර්ණය වැඩි කරන්නත් ලෙමන් වතුරවලට පුළුවන්. ඒ වගේම පොටෑසියම් ඉහළ පලතුරක් නිසා, නිරෝගී ස්නායු පද්ධතියක හිමිකාරයෙක් වෙන්නත් ලෙමන් වතුර ඉඩ සලස්වනවා.

සාමාන්‍යයෙන් විසබීජකාරක බැක්ටීරියා වර්ග ඇඟට ඇතුළත් වුණාම, හරි වේගයෙන් වැඩීමේ හැකියාවක් ඒවට තියෙනවා. අන්න ඒක වළක්වන්නත් ලෙමන් වතුරවලට පුළුවන්.

 කෙසෙල්

 කෙසෙල් කියන්නේ දියවැඩියාව වැඩි කරන පලතුරක් විදියටයි ප්‍රසිද්ධ. මේකට හේතුව වෙන්නේ කෙසෙල්වල තියෙන ඉහළ කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයයි.

ඉතින් කෙසෙල් ඉදෙන තරමට, මේවායේ තියෙන කාබෝහයිඩ්‍රේට ප්‍රතිශතයත් වැඩිවෙනවා. අපේ ඇඟේ සීනි වැඩි කරන්න කාබෝහයිඩ්‍රේට තරම් ලේසි පෝෂ්‍ය පදාර්ථයක් වෙන නැති තරම්.

එහෙමයි කියලා කෙසෙල් නොකා ඉන්න හෝ අමු කෙසෙල් ගිලින්න යන්න එපා. හොඳම දේ තෝරා බේරාගෙන පොඩි ප්‍රමාණවලින් ගන්න එක. ඒ වගේම බෙරිවෙන්න ඉදුණු කෙසෙල් කන්නත් එපා. ඉදීගෙන එන කහ, කොළ පාටවල් එකට මුසුවෙලා තියෙන කෙසෙල් කෑමට ගන්න. මොකද කෙසෙල්වල තියෙන කෙඳී, අපේ ගන්න ආහාර ජීර්ණය කරන්න සෑහෙන්න වැදගත්. කාබෝහයිඩ්‍රේට ජීර්ණය කරලා, අනවශ්‍ය කොටස ඇඟෙන් පිටකරන්න මේවට හැකියාව තියෙනවා.

 ලූනු

 ඇදුම අඩු කරන්න පුළුවන්කමක් ලූනුවලට තියෙනවා කියලා දැනගෙන සිටියාද?

ඒ වගේම සමහර පිළිකා වර්ග ඇති නොවෙන්න වග බලාගන්නත් මේ ලූනුවලට පුළුවන්ලු. දවස් පතා අනිත් කෑමත් එක්ක ලූනු ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ස්වරාලයේ, ඩිම්බ කෝෂවල ඇතිවෙන්න පුළුවන් පිළිකා බොහොමයක් මඟ හැරවීමේ හැකියාවක් තියෙනවා. අනික ඔස්ටියෝපොරෝසිස් වගේ අස්ථි රෝගවලින් බේරෙන්නත් මේවා හොඳයි.

 ගෝවා

 ගෝවාවල ලොකු සල්ෆර් සංචිතයක් තියෙනවා. ඒ නිසාම අපේ ලේ පිරිසුදු කරන්නත් ගෝවාවලට පුළුවන්.

ඒ වගේ ම විටමින් ඡ් බහුල එළවළු කීපයෙන් එකක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්. ඒ නිසා හම ලස්සනට තියාගන්න ගොඩක් වැදගත් වෙනවා.

 ලීක්ස්

 ලීක්ස්වල වතුර ප්‍රතිශතය සෑහෙන්න වැඩියි. ප්‍රතිජීවකයක් විදියටත් ක්‍රියාකරන බවයි කියැවෙන්නේ.

 බීට්රූට්

 විටමින් ඒ, සී, අයඩීන්, මැන්ගනීස්, සෝඩියම්, පොටෑසියම් වගේ මූලද්‍රව්‍යවලින් පිරුණු බීට්රූට් ගොඩක් ගුණ ඇති කෑමක්. ඇඟේ තියෙන ලේ ඔක්සිජනීකරණය කරන්න, එහෙනම් නැත්තන් රුධිර සෛලවලට ඔක්සිජන් සැපයීමේ හැකියාවක් මේවට තියෙනවා.

බීට් ගහේ කෑලිත් කන්න පුළුවන් නම් තමයි වැඩියෙන්ම හොඳ. මේ කොළවල ඉතා ඉහළ යකඩ සංචිතයක් තිබෙනවා.

curtesy : tharunie.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල