ආත්රයිටිස් වේදනාව නසන්න ඉඟුරුවලට පුළුවන්
views 2017-12-15 11:22:00 Health_New

ප්රශ්නය - පසුගිය මාස කිහිපය මුළුල්ලේ ආත්රයිටිස් රෝගයට ප්‍රතිකාර වශයෙන් වටිනා කසාය වට්ටෝරු 20 කට වැඩි සංඛ්‍යාවක් අපේ පාඨකයන්ට ලබාදීමට ඔබ කටයුතු කළා.
වෛද්‍ය වසන්ත උදයජීව - දැන් මා එවැනිම කසායක් ලබා දෙනවා. මිදි මුල්, බෙලි මුල්, ඇත්දෙමට මුල්, තොටිල පොතු, අරත්ත අල, මසං ලෙලි, දෙළුම් ලෙලි, නස්නාරං මුල්. කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 ට සිඳවා එඬරු තෙල් තේ හැඳි භාගයක් දමා පත භාගය බැගින් උදේ හවස පානය කළ යුතුයි. මෙය දින 6 ක් එක දිගට පානය කළ යුතු අතර ඊට පෙර අපට කතා කර වෛද්‍ය උපදෙස් නොමිලේ ලබා ගැනීම වැදගත්.
ප්රශ්නය - මේ ඖෂධ ගැනීමේදී රෝගියා කටයුතු කළ යුතු විශේෂ පිළිවෙළක් තිබෙනවාද?
වෛද්‍ය වසන්ත උදයජීව - ආත්රයිටිස් රෝගියෙක් ආහාර ගත යුතු, හැසිරිය යුතු පිළිවෙළක් තිබෙනවා. ඔවුන් වඩා උණුසුම් හෝ වඩා සීතල ආහාර ගත යුතු නැහැ. ඒ කියන්නේ රස්නෙ කෑම සහ ශීතකරණයේ තබන කෑම ගැනීම්. ඒ එක්කම ඔවුන් වඩා උණුසුම් ගුණය හෝ වඩා ශීත ගුණය තිබෙන ආහාර නොගත යුතුයි. ඔවුන් දෛනික කටයුතු කරගත යුත්තේ මධ්‍යස්ථවයි. අපේ දේශීය වෛද්‍ය ක්රමයේ නැහැ ආත්රයිටිස් රෝගියා. බෙහෙත් බොන විට වැඩ නොකළ යුතුයි කියලා. ඔහු තමන්ගේ වැඩ පළ කරගත යුතුයි. හැබැයි සන්ධිවාතය දරුණුවට තිබෙනවා නම් සන්ධිවලට විශාල වශයෙන් බර වැටෙන වැඩ නොකළ යුතුයි. මොකද එවිට කාටිලේජ හානියට පත්වීමේ ප්‍රවණතාවක් හට ගන්නවා. මෙවැනි රෝගීන් ආහාරය සඳහා නිතරම සුදුලූනු එකතු කර ගන්නවා නම් ඉතාම හොඳයි. ඒවගේම ලූනු සහ ලීක්ස් යන දෙවර්ගයත් ආත්රයිටිස් රෝගීන්ට සුදුසු ආහාර ලෙස සැලසිය හැකියි. ආහාරයට ඉඟුරු එකතු කරගත් විට මාංශ පේෂිවල වේදනාව අඩුවන බව හෝ පාලනය වන බව මතක තබා ගන්න. ඒ අතර පැඟිරි නැති පලතුරු අනුභව කළ යුතුයි. විටමින් C සහ D බහුල ආහාර වෛද්‍ය උපදෙස් මත ගත යුතුයි.
සිංහල ලිපි
-
ගැස්ට්‍රයිටිස්වලට ගුණ ආහාර
2018-04-19 10:19:00 Views 363 Read More...සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කවුරුත් බඩේ දැවිල්ල ලෙස හඳුන්වන්නේ ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයයි. මෙය
-
හිසරදය නිට්ටාවටම සුව කරගන්නා හැටි
බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගයක් තමයි හිසරදය කියන්නේ. කොහොමද මෙම රෝගය ඇතිවන්නේ.
-
කොලෙස්ටරෝල් මඬින්න හොඳම බෙහෙත මෙන්න
ශරීරයට කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ලැබේ. ඒ අප ආහාරයට ලබා ගන්නා ද්‍රව්‍යවලින් සහ මිනිස් සිරුර තුළම -
රෝග රැසකට ගුණ රසවත් අනෝදා
කටු අනෝදා ගුණදායක දේශීය පලතුරකි. ගැමි පරිසරයන්හි බහුලව දකින්ට ලැබෙන මෙම පලතුර දේශීය -
සෙම්ගෙඩි ඇතිවෙන්නේ මේ හේතු නිසයි
වසා පද්ධතිය තුළ තිබෙන ගැටිතිවලින් එකක ලෙස සෙම්ගෙඩි හ`දුන්වා දිය හැකිය. නාසය හා උගුර සම්බන්ධ
-
දිව ඔසුවක් වන් දෙළුම් ගුණ
තද රතු පැහැයෙන් යුත් දෙළුම් අනුභව කරන්න වයස් භේදයකින් තොරව බොහෝ දෙනා කැමැතියි. ඒ වගේම -
අලිගැටපේර, ඔලිව්තෙල්වල අඩංගු ශාක තෙල් ආයු කාලය දීර්ඝ කරන බව හෙළිවේ
සත්ත්ව මේදය සහිත ආහාරවලින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය සියයට 2 ත් 5 ත් අතර ප්‍රතිශතයකින් කපා