පාකින්සන් රෝගීන්ට සුදුසුම පලතුර නෙල්ලි

views 2017-11-13 09:22:00 Health_New

ප්‍රශ්නය - පසුගිය සති ගණනාව තිස්‌සේ අප පාකින්සන් රෝගය ගැන කතා කළා. මෙයට ආයුර්වේදයේ කියන්නේ කම්පවාත කියලයි.

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - වේපන, වේපතු, ස්‌පන්දන, ස්‌පුරාන කියන නම්වලිනුත් මෙය හඳුන්වනවා. මේ හැම එකකින්ම කියෑවෙන්නේ ගාත්‍රාවල වෙව්ලීම නැත්නම් ගාත්‍රාවල අසාමාන්‍ය චලනය යන්නයි.

ප්‍රශ්නය - මේ රෝගය පාලනය කර ගැනීම සඳහා ආහාර යොදා ගත හැකි බව සමහරු කියනවා.

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මෙය සෑම බෝ නොවන රෝගයක්‌ සම්බන්ධයෙන් ම පොදුÊතත්ත්වයක්‌. දියවැඩියා රෝගියකුට තම රෝගය පාලනය කර ගැනීම සඳහා ආහාර යොදා ගත හැකියි. කොලෙස්‌ටරෝල් බහුල රෝගියාටත් පුළුවන් ආහාර මගින් රෝගය පාලනය කරන්න. මෙතැනදී සිදුවන්නේ රෝගය සුව වීමක්‌ නොව පාලනය වීමක්‌ විතරයි.

පාකින්සන් රෝගයෙන් පීඩා විඳින කෙනෙකුට කෙඳි සහිත ආහාර දෙන්නට පුළුවන් නම් ඔහුගේ ආහාර ජීර්ණ පද්ධතිය වඩ වඩාත් ශක්‌තිමත් වනවා. සාමාන්‍යයෙන් පාකින්සන් රෝගීන් තුළ හට ගන්නා මළබද්ධය නැති කරගන්නටත් කෙඳි බහුල ආහාරවලින් පුළුවන්.

විටමින් E බහුල ආහාර ගැනීමත්, පාකින්සන් රෝගීන්ට ඉතාම සුදුසුයිග E විටමිනය කියන්නේ ශරීරයේ විෂ ගතිය නසන විටමිනයක්‌. මේ විටමිනයෙන් මොළය ආරක්‍ෂා වෙනවා. ස්‌නායු පද්ධතිය සුරැකෙනවා. එය පාකින්සන් රෝගීන්ට ඉතා වටිනවා. කොට්‌ටං, නිවිති, බතල, අලිගැටපේර, පාම් තෙල්, සූරියකාන්ත තෙල් යනාදියේ විටමින් E බහුලව තිබෙනවා.

ඊළඟට මෙවැනි රෝගීන්ට ඉතාම ගුණ දෙනවා විටමින් B 12 සහිත ආහාර බෝංචි, අර්තාපල්, ඇපල්, මාලු යනාදියෙහි මේ විටමිනය බහුලව තිබෙනවා.

පාකින්සන් රෝගීන්ට ඉතාම ගුණදායක පලතුරක්‌ ලෙස නෙල්ලි හඳුනාගෙන තිබෙනවා. මේ පලතුර මගින් ශරීරයේ තිබෙන විෂ සහිත ස්‌වභාවය නැති කරන බවයි ආයුර්වේදයේ සඳහන් වන්නේ. ඒ වගේම කහ ආහාරයට ගැනීමත් පාකින්සන් රෝගීන්ට ඉතාම හොඳයි.

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල