මොළය සුරකින ෆෝලික් අම්ලය

views 2017-10-11 11:07:00 Health_New

 ෆෝලික් අම්ලය නැතිනම් ෆෝලේට් ලෙස හඳුන්වනු ලබන්නේ විටමින් බී සමූහයට අයත් එක් විටමිනයකි. කොළ පැහැති ශාකපත්‍ර වලට ඉංගී‍්‍රසියෙන් පවසන ෆෝලිඑජ් සහ නමින් මෙම ෆෝලේට් සහ ෆෝලික් අම්ලය යන වචන බිඳ විත් ඇත. ඉන් හැඟෙන පළමු අදහස නම් ෆෝලික් අම්ලය වැඩිපුරම ලබාගත හැක්කේ පලා (පත්‍ර) මාර්ගයෙන් බවය.

ෆෝලික් අම්ලය පෙර දැක්වූයේ ශරීරය තුළ රුධිර සෛල නිපදවීමට අත්‍යවශ්‍ය වූ විටමිනයක් ලෙසය. යකඩ, සයන කොබලමින් (විටමින් බී - 12), සී විටමිනය සහ ෆෝලික් අම්ලය එම කාර්යයයේදී අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

ස්නායු වර්ධනයට අවශ්‍යය

එහෙත් පසු කලක ෆෝලික් අම්ලය පිළිබඳව කළ අධ්‍යයන මඟින් හෙළිදරව් කර ඇත්තේ මවගේ කුස තුළ වර්ධනය වන බිළිඳු කලලයෙහි නිසි වර්ධනයට විශේෂයෙන්ම කලලය තුළ ස්නායු පද්ධතිය වර්ධනයට ෆෝලික් අම්ලය තිබීම අත්‍යවශ්‍ය බවය.

දරු පිළිසිඳීමට පෙර ලබාගන්න

බිළිඳාගේ ස්නායු පද්ධතියට, විශේෂයෙන්ම ස්නායු නාළයන්ට (නියුරන් ටියුබ්) සිදුවිය නැති අබාධ වැළැක්වීමට ෆෝලික් අම්ලය වැදගත් වෙයි. ස්නායු නාළ ආබාධ අතරින් ඉතා දරුණු ආබාධයක් වන දෙබුන් කශේරුව (ස්පයිනා බිෆිඩා) නම් තත්ත්වය ඇතිවීමට පවත්නා හැකියාව සියයට 50 -70 අතර ප්‍රමාණයකින් වැළැක්වීමට ගර්භණී සමයට පෙර සිට ෆෝලික් අම්ලය ගැනීම යෝග්‍ය වේ. එහෙත් මේ සඳහා දරු පිළිසිඳීම ඇති වීමට පෙර මාස 1 සිට අවුරුදු 1 ක කාලයක් දිනපතා ෆෝලික් අම්ලය ගැනීම අවශ්‍ය බව වෛද්‍ය මතය වේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු නිර්දේශ කරන්නේ දරු පිළිසිඳීමක් ගැන සිතූ දා සිටම ෆෝලික් අම්ලය ගැනීම කළ යුතු බවයි. එය දරු පිළිසිඳීමට මාස 3 කට පෙර සිට පිළිසිඳීම සිදුව මාස 4 ක් ගතවන තුරු දිනපතා ෆෝලික් අම්ලය ගැනීම අවශ්‍යයයි. මෙම නිර්දේශය ස්නායු නාළ ආබාධ අවම කිරිම සඳහාය.

ෆෝලික් අම්ල පෙති නොකඩවා ගන්න

රුධිර සෛල (රක්තානු) නිෂ්පාදනය නව සෛල ජනනය සහ අක්මාව නිරෝගිව තබා ගැනීම සඳහා ෆෝලික් අම්ලය දිගටම ගැනීම ගර්භණී මවක් සිදු කළ යුතුය. ආහාරයෙන් පමණක් සිය ෆෝලික් අම්ල අවශ්‍යතාවය සපුරා ගැනීම අසීරු නිසා ඇය සායනයෙන් ලබාදෙන ෆෝලික් අම්ල පෙති ගැනීම නොකඩවා කළ යුතුය.

සාමාන්‍ය වැඩිහිටියෙකුගේ දෛනික ෆෝලික් අම්ල අවශ්‍යතාවය මයික්‍රෝ ග්‍රෑම් 400 ක් වුවත් ගර්භණී සමයේදි එය මයික්‍රෝ ග්‍රෑම් 600 දක්වා ඉහළ යැවෙයි. ඒ නිසාම ආහාරයෙන් පමණක් ෆෝලික් අම්ල අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වේ.

වැඩිහිටියන්ටත් අවශ්‍යයි

මේ අතර වැඩිහිටියන්ට ද ෆෝලික් අම්ලය අත්‍යවශ්‍යය. නීරක්තිය (ලේ අඩුකම), ඇල්ෂයිමර් නම් ස්නායු රෝගය වැළැක්වීමට මෙන්ම හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග රාශියක් වැළැක්වීමට ද ෆෝලික් අම්ලය උපකාරී වෙයි.

ෆෝලික් අම්ලය අඩංගු ආහාර වර්ග කිහිපයක් මෙහි සඳහන්ව ඇත.

පැපොල්

මධ්‍යම ප්‍රමාණයේ පැපොල් ගෙඩියකින් මයික්‍රෝ ග්‍රෑම් 116 ක් පමණ ලැබේ. කෙසෙල්, අන්නාසි, ඇඹරැල්ලා ආදී පලතුරු තුළින් ද ෆෝලික් අම්ලය ලද හැකිය.

නිවිති

පිසූ නිවිති කෝපයකින් මයික්‍රෝ ග්‍රෑම් 263 ක් තරම් ෆෝලික් අම්ල ප්‍රමාණයක් ලද හැකිය. කොළ පැහැති සෑම එළවළුවකින්ම ෆෝලික් අම්ලය ලද හැකිය.තම්පලා, කරපිංචා, මුකුණුවැන්න, සාරණා, ගොටුකොළ ආදිය ඉන් ප්‍රධානය.

එළවළු මගින්

බණ්ඩක්කා,බීට්, මෑකරල් ආදී එළවළු තුළින් ද වෙනත් බොහෝ එළවළු මඟින් ද ෆෝලික් අම්ලය ලැබේ.

පියලි ඇට

පිසූ (තැම්බූ) කෝප්ප භාගයකින් මයික්‍රෝ ග්‍රෑම් 179 ක ෆෝලික් අම්ල ප්‍රමාණයක් ලද හැකිය.

සෝයා බෝංචි, මුං, උළු දු, කව්පි, පරිප්පු, කඩල, රටකජු, මෑ ඇට, බෝංචි ඇට මෙන්ම ගී‍්‍රන්පීස් තුලද සැලකිය යුතු ෆෝලික් අම්ල ප්‍රමාණයක් අඩංගු වේ.

(මෙහිදී ඇති අගයන් දළ වශයෙන් සලකන්න.)

දොඩම් යුෂ

දොඩම් යුෂ කෝප්පයකින් මයික්‍රෝ ග්‍රෑම් 72 ක ෆෝලික් අම්ල ප්‍රමාණයක් හිමි වෙයි.

දෙහි, පැණි දොඩම්, නාරන් ආදී දොඩම් කුලයට අයත් සෑම පලතුරකින්ම සැලකිය යුතු ෆෝලික් අම්ල ප්‍රමාණයක් සැපයෙයි.

Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල