මළබද්ධය මට්‌ටු කරන ආයුර්වේද ප්‍රතිකාර

views 2017-10-09 09:17:00 Health_New

උදැසන අවදි වී පිරිසිදු වතුර විදුරුවක්‌ පානය කර වැසිකිළියට ගොස්‌ මළ මූත්‍රා පිටකර ශරීරය සැහැල්ලු කරගෙන නව දවසකට ශරීරය හුරුකර ගැනීමට අපි පුරුදුව සිටිමු. අප තුළ ඇති මෙම පුරුද්ද නිසා එක්‌ දිනක්‌ හෝ මළ පහ නොකර සිටිය හොත් ශරිරයට දැනෙන්නේ නුහුරු බවකි. එසේ නම් දින දෙකක්‌ තුනක්‌ මළ පහ පිට නොවුණ හොත් ඇතිවන අපහසුතාව කෙතරම්ද නිතර නිතර මෙලෙස මළ පහ පිටවීම ප්‍රමාද වේ නම් එය මළ බද්ධය ලෙස අනුමාන කළ හැකිය.
 
 වෛද්‍යතුමනි, මළබද්ධය ඇතිවීමට බලපාන හේතු මොනවාද?
 
 මළ බද්ධය ඇතිවීම සඳහා හේතු කිහිපයක්‌ම බලපානවා. ඒ අතරය වර්තමානයේ දක්‌නට ලැබෙන බහුලම හේතුව වී ඇත්තේ ගැස්‌ට්‍රයිටිස්‌ සහ ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව මතුවන විවිධ දුර්වල නාමයන්ය.
 
 වර්තමානයේ අප බොහෝ දෙනා ගත කරන කාර්ය බහුල ජීවිතයත් තමාගේ එදිනෙදා අවශ්‍ය ආහාර පාන සකස්‌ කර ගැනීමට ඇති අලස බව නිසාත් කෙටි ආහාර වර්ග ගැනීමට හුරුව සිටිනවා. රෝල්ස්‌, පැටිස්‌, බනිස්‌ වර්ග වැනි කෙඳි සහිත බව අඩු මෙවැනි ආහාර දිනපතා ගැනීම නිසා ජීර්ණ පද්ධතියේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වය අඩුවෙනවා. මෙම හේතු නිසාත් මළ බද්ධය ඇතිවෙනවා.
 
 කුඩා අවධියේදී දරුවන්ට බලපෑම් කරමින් අනවශ්‍ය ලෙස ආහාර ලබාදීම නිසාත් පසු කාලයේදී එම දරුවන්ගේ ජීර්ණ පද්ධතිය අක්‍රමවත් වී මළබද්ධය ඇති වන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
 
 වෛද්‍යතුමනි, මළබද්ධය ඇතිවූ විට මතුවන රෝග ලක්‌ෂණ මොනවාද?
 
 මළබද්ධය ඇතිවූ විට මතු වන ප්‍රධානම ලක්‌ෂණය තමයි මළ පිටවීම අක්‍රමවත්වීම. මෙසේ මළ පිටවීම අක්‍රමවත්වූ විට ඇතැම් අයට දින 3,4,5,6 කට වරක්‌ මළ පිටවීම සිදුවිය හැකියි.
 
 මීට අමතරව බඩ පුරවා දැමීම, හිස කැක්‌කුම, නොරිස්‌සුම්බව, මුඛයෙන් දුඟඳක්‌ පිටවීම, මුහුණ අවපැහැ ගැන්වීම සම දුර්වර්ණ වීම, තුනටිය හන්දි වේදනාව වැනි අපහසුතාවනුත් මතුවෙනවා.
 
 මෙම රෝග ලක්‌ෂණ කෙරෙහි නිසි සැලකිල්ලක්‌ නොදැක්‌වුවහොත් එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී මහා රෝග තත්ත්වයක්‌ ඇතිවීමට හේතුවිය හැකියි. අර්ශස්‌ වැනි රෝග තත්ත්ව මතු වන්නේ එවැනි අවස්‌ථාවලදීය.
 
 වෛද්‍යතුමනි, මළබද්ධය සුව කිරීම සඳහා ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර මොනවාද?
 
 නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් මළ බද්ධය නිට්‌ටාවට සුව කරගත හැකියි.
 
 මළබද්ධය සඳහා ආයුර්වේදයේ විශේෂ ප්‍රතිකාර තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට පළමුව විරේචන ප්‍රතිකාර ආරම්භ කරනවා. එවිට ක්‍රමානුකූලව මළ පිටවීම ඇතිවෙනවා.
 
 මළ පිටවීම සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු රෝගියාගේ ආහාර ජීර්ණ පද්ධතියේ මතුව ඇති ආබාධ සඳහා ප්‍රතිකාර ලබාදෙනවා.
 
 මෙලෙස නිවැරදි ප්‍රතිකාර ලබාගැනීමෙන් මතුව ඇති මළ බද්ධය නිට්‌ටාවටම සුව කරගත හැකියි.
 
 වර්තමානයේ බොහෝ දෙනා ගත කරන කාර්ය බහුල ජීවිතය නිසා ආයුර්වේද ඖෂධ සකසා ගැනීමේ ගැටලුවලට මුහුණ පා සිටිනවා. එනිසා නිවැරදි ලෙස සැකසූ ඖෂධ රෝගීන්ට ලබාගැනීමේ පහසුකම් ද අප සතුව පවතිනවා.
 
 මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 071-3009088 හෝ 0713007000 ඇමැතිය හැකිය.


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල