නිරෝගීව ඉන්න ඇපල් කන්න

views 2017-09-10 09:52:00 Health_New

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනයේ නිරත වූ පර්යේෂකයෝ පවසති.

වසර 15ක් මුළුල්ලේ වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් අධ්‍යයනයට  කරමින්  ‘වෙස්ටන් ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් මෙම පර්යේෂණය නිරත වූහ.

එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ මර්ත්‍යතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව අනාවරණය කරගැනීමට පර්යේෂකයන් සමත්ව තිබේ. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයන් කටයුතු කර තිබුණි.

දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූයේ යැයි පර්යේෂකයෝ පෙන්වාදෙති.

ඇපල් යනු කෙඳි විශාල ප්‍රමාණයක් සහ සමේ ඇති ‘ෆ්ලේවනොයිඞ්’ අඩංගු පළතුරක් යැයි ද පර්යේෂකයෝ පෙන්වා දෙති.
‘ෆ්ලේවනොයිඞ්ස්’ යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි.  ‘ෆ්ලේවනොයිඞ්ස්’ සංයෝගය ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි.

සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති.


​සිංහල ලිපි

  • තයිරොයිඩයට හැදෙන වෙන පිළිකා මොනවද?

    2017-09-20 10:39:00 Views 13 Read More...

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අනෙක්‌ තයිරොයිඩ් පිළිකාවලට පොදු රෝග ලක්‍ෂණ, එනම් ගෙල ඉදිරිපස ගෙඩියක්‌ හට ගැනීම, ස්‌වරභංගය හෙවත් හරි හැටි කතා කර ගන්නට බැරි වීම,

  • පලතුරු ගුණ

    2017-09-19 09:43:00 Views 28 Read More...

    රෝග සමනය සහ රෝග බෝවීමේ ප්‍රවනතාවය සඳහා මෙවන් ඔසු වර්ග භාවිතය හැර රෝග බෝවී ව්‍යාප්ත වූ පසු කෝටි ගණන් මුදල් කන්දරාවක්‌ වැය කර ප්‍රතිඵල නොලබා බෙහෙත් යෙදීමෙන් ඵලක්‌ නොමැත

  • පොඩ්ඩක් බොන අයට දියවැඩියා අවදානම අඩුයි

    නිර්දේශිත මද්‍යසාර ප්‍රමාණය සතියකට දින තුන හතරක් ඇතුළත කොටස් වශයෙන් පානය කිරීම හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩුවන බව වෛද්‍ය මතයයි
  • මුත්‍රාවල ගල් පිත්තාශයේ ගල් වලක්වා ගන්නේ කෙසේද?

    ඕනෑම කාර්යබහුල අවස්ථාවන්හීදී රැුකියාවක් කරන අතර තුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප‍්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිලියෙල කළ කෂාය වර්ග
  • බටර් අහිතකර නෑ

    බටර් ආහාරයට ගැනීමෙන් දෙවැනි වර්ගයේ දියාවැඩියා රෝගය ඇතිවීමේ අවදානම සියයට 4කින් අඩු කරන බව ද මේ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත
  • ලෙඩ දුක් රැසකට ගුණ දෙන “චව් චව්”

    ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග රැසක් මැඩලීම සඳහා උපකාරී වෙයි.
  • අත් හෝදනවා නම් ලෙඩ නෑ

    විෂබීජ සහ බෝ වෙන රෝග වැලැකීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු මගින් හේතුවේ. මෙහිදී අප දැඩි අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ අත් පිරිසිඳුව තබාගැනී‍ම කෙරෙහිය.

සතියේ ලග්න පලාපල