ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ කසායක්‌

views 2017-07-17 10:13:00 Health_New

ප්‍රශ්නය - කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගය සඳහා සුදුසු ශාකසාරමය ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළාග අද ඒ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවාග

වෛද්‍ය වසන්ත උදයජීව - කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ආයුර්වේද වෛද්‍යවරුන් මුලින්ම කරන්නේ රෝගයට බලපාන ශාරීරික තත්ත්වයන්ට ප්‍රතිකාර කර ඒවායින් ශරීරය නිදහස්‌ කර ගැනීමයිග ආයුර්වේදයට අනුව අපේ ශරීරයේ සෞඛ්‍ය සම්පත්තියල සුවතාවල ලෙඩ රෝගවලට භාජන වීමේ හැකියාව යන කාරණා පාලනය වන්නේ ප්‍රධාන දෝෂ තත්ත්ව හතරක්‌ මගිනුයිග එයින් වාත දෝෂය පැනනැංගාම ආත්‍රයිටිස්‌ හටගන්නවාග මේ තත්ත්වය තුළදී සිරුර තුළ ආමය නමැති විෂ සහිත දෙයක්‌ හටගන්නවාග මේ නිසා ආහාර ජීරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් බිඳවැටෙනවාග ආමය ජනිත වුණාම මුළු මහත් ශරීරය පුරාම ගමන් කරනවාග

ඊළඟට ශරීරයේ දුර්වල තැන්වල තැන්පත් වෙනවාග මේ අතර ශරීරය තුළ තිබෙන වාත දෝෂ තත්ත්වය ක්‍රියාත්මක වෙනවාග එතකොට ආමය ක්‍රියාත්මක වී වැඩිදියුණු වෙන්නට පටන් ගන්නවාග සන්ධි වේදනාව හටගන්නේ මෙසේ ආමය වැඩිදියුණු වීමට පටන් ගත් විටයිග සාමාන්‍යයෙන් ඇඟිලි සන්ධිවල හටගන්නා ආත්‍රයිටිස්‌ තත්ත්වයට වඩා පාදයේ සන්ධිවල හටගන්නා ආත්‍රයිටිස්‌ තත්ත්වය දරුණුයිග හේතුව එම සන්ධිවලට ශරීරයේ බර සම්පූර්ණ වශයෙන්ම වැටීමයිග මේ නිසා ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ශරීරයේ වාත තත්ත්වය සමබර කිරීමට ආයුර්වේද වෛද්‍යවරයා උත්සුක වෙනවාග

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කිරීමේදී මෙයින් ඔබ්බේ යමක්‌ සිදුවන්නේ නැද්දරෑ

වෛද්‍ය උදයජීව - ස්‌ථිර වශයෙන්ම සිදුවෙනවාග මුලින්ම ශරීරයේ රුධිර වහනය සිදුවන සියලු නහර පිරිසිදු කෙරෙනවාග ඊළඟට ආහාර ජීරණය ශක්‌තිමත් තත්ත්වයකට පත් කරනවාග තුන්වෙනුව සන්ධිවල ලිහිසි තත්ත්වය වර්ධනය කර සන්ධි එහා මෙහා කිරීමේ පහසුව ඇති කරනවාග ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සමතුලිත කරනවාග

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය සමනය කර ගැනීම සඳහා දැන් අප අත් බෙහෙත් කිහිපයක්‌ බලාපොරොත්තු වෙනවාග

වෛද්‍ය වසන්ත උදයජීව - ඖෂධ කිහිපයක්‌ම තිබෙනවාග අබ තෙල් කෝප්ප 1 ක්‌ අරගෙන එයට කපුරු :කපුරු බෝල නොවේ- ග්‍රෑම් 10 ක්‌ මිශ්‍ර කර කපුරු සම්පූර්ණයෙන්ම දියවන තුරු තෙල් රත් කරන්නග තෙල් ඇල් මැරුණු පසු ආත්‍රයිටිස්‌ නිසා ඉදිමුණ සන්ධි සියල්ල එම තෙල් වලින් ඉතා හොඳින් සම්බාහනය කරන්නග මෙවිට සන්ධිවල දැඩි බව සහ ඉදිමුම නැතිව යනවාග

ඊළඟ ඖෂධය මුං ඇට සහ සුදුලූනු ඇසුරින් නිපදවන එකක්‌ග මුං ඇට මේස හැඳි 3 ක්‌ වතුර මිලිලීටර් 250 ක දමා රැයක්‌ එළිවනතුරු පොඟවා ගන්නග පසු දින මුං ඇටවල අංකුර ඇදුණු පසු සුදුලූනු බික්‌ දෙකක්‌ අඹරා මුංඇට සමග මිශ්‍ර කරන්නග එයට ලුණු සහ ගම්මිරිස්‌ එකතු කර උදේටත් සවසටත් ආහාරයට ගන්නග මුංඇට පිසීමෙන් වළකින්නග සතියක්‌ පමණ මෙම ප්‍රතිකාරය කර ප්‍රතිඵල භුක්‌ති විඳින්නග

මේ වාගේම උසස්‌ ප්‍රතිඵල ගෙන දෙන තවත් බෙහෙතක්‌ කියන්නම්ග මේ සඳහා ඉඟුරු කුඩු ග්‍රෑම් 50 ක්‌ල උළුහාල් කුඩු ග්‍රෑම් 50 ක්‌ සහ කහ කුඩු ග්‍රෑම් 50 ක්‌ අවශ්‍යයිග මේ සියල්ල හොඳින් මිශ්‍ර කර අසුරනයකට දමා සුළං නොයන සේ හොඳින් වසා තබාගෙන සෑම උදයකම සහ සවසකම තේ හැන්දක්‌ බැගින් අනුභව කරන්නග කුඩු ගතිය නිසා කෑම අපහසු නම් උණුවතුර ස්‌වල්පයක්‌ මිශ්‍ර කර ආහාරයට ගන්නග

උදේට සහ හවසට තල අහුරක්‌ බැගින් දිගටම අනුභව කළ හැකිනම්ල ආත්‍රයිටිස්‌ රෝගයට එයත් හොඳ ප්‍රතිකාරයක්‌ග

ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ

බිං කොහොඹල කොහොඹ පොතුල එලබටුල කටුවැල්බටුල කොටිල පොතුල ලුණවරණ පොතුල අමු ඉඟුරුල දියමිත්ත යනාදිය කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 ට සිඳවා පෙරා උදේ සවස පත භාගය බැගින් බොන්නග පානය කළයුතු කාලය දින 6 කිග

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව





​සිංහල ලිපි

  • වකුගඩු රෝග හඳුනා ගැනීම

    2017-09-25 09:26:00 Views 19 Read More...

    වකුගඩු පටකවලට දිගින් දිගටම හානි සිදුවීම සමඟ වකුගඩුවල කාර්යක්‌ෂමතාව ක්‍රමයෙන් අඩුවේ. විෂ ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීමේ හැකියාව දුබල වේ. මේ නිසා නයිට්‍රජනීය අපද්‍රව්‍ය රුධිරයේ එකතුවන්නට පටන් ගනී. සාමාන්‍යයෙන් රුධිරයේ යූරියා ප්‍රමාණය ඩෙසිලීටරයට 7-20 අතර ප්‍රමාණයේ පවතී

  • සමේ රෝග

    2017-09-22 09:48:00 Views 46 Read More...

    බෙහෙත් වට්ටෝරු ලියාදීමෙන් බැහැරව තම්බා පිලියෙලකළ කෂාය වර්ග බෝතල් ලෙසම අප ලබා දෙනවා.

  • ශ්‍රවණාබාධ ඇතිවීමට හේතු

    වයිරස් ආසාදන (කම්මුල්ගාය, පැපොල) නිසා ස්නායුවට හානි සිදු වේ. මෙවැනි අය sensorineural loss  අයත් වන්නේ ස්නායු දුර්වලවීමෙන් ඇතිවන ශ්‍රවණ දුර්වලතා කාණ්ඩයටය.
  • තයිරොයිඩයට හැදෙන වෙන පිළිකා මොනවද?

    වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අනෙක්‌ තයිරොයිඩ් පිළිකාවලට පොදු රෝග ලක්‍ෂණ, එනම් ගෙල ඉදිරිපස ගෙඩියක්‌ හට ගැනීම, ස්‌වරභංගය හෙවත් හරි හැටි කතා කර ගන්නට බැරි වීම,
  • පලතුරු ගුණ

    රෝග සමනය සහ රෝග බෝවීමේ ප්‍රවනතාවය සඳහා මෙවන් ඔසු වර්ග භාවිතය හැර රෝග බෝවී ව්‍යාප්ත වූ පසු කෝටි ගණන් මුදල් කන්දරාවක්‌ වැය කර ප්‍රතිඵල නොලබා බෙහෙත් යෙදීමෙන් ඵලක්‌ නොමැත
  • පොඩ්ඩක් බොන අයට දියවැඩියා අවදානම අඩුයි

    නිර්දේශිත මද්‍යසාර ප්‍රමාණය සතියකට දින තුන හතරක් ඇතුළත කොටස් වශයෙන් පානය කිරීම හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩුවන බව වෛද්‍ය මතයයි
  • මුත්‍රාවල ගල් පිත්තාශයේ ගල් වලක්වා ගන්නේ කෙසේද?

    ඕනෑම කාර්යබහුල අවස්ථාවන්හීදී රැුකියාවක් කරන අතර තුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප‍්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිලියෙල කළ කෂාය වර්ග

සතියේ ලග්න පලාපල