ඩෙංගු ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් ඒත් දරුවාට ඩෙංගු හැදිලා

views 2017-05-16 03:12:00 Health_New

 කොළඹ ජාතික රෝහලේ
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ප්‍රදීප් කුමාරසිංහ

මේ දිනවල රෝහල්වල වැඩිපුරම වාර්තා වන්නේ ඩෙංගු රෝගීන්ග ඊට හේතුව පෙරට වඩා ඩෙංගු රෝගය මේ වන විට වසංගතයක් බවට පත්වීමයිග රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික රෝහල්වල ඇඳන් කාමර ඩෙංගු රෝගීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගොසින්ග ඩෙංගු පැතිරීම වළක්වා ගන්නට නොහැකි වු විට ඩෙංගුවලට වෛද්‍යවරුන් කරන ප්‍රතිකාර නිසා රෝගීන් සියල්ලෝම වාගේ සුව අතට පත්වෙනවාග ඒ නිසායි අද අපි මේ ඩෙංගු රෝගයේ වෙනුවෙන් විශේෂ ලිපියක් පළ කිරීමට සිතුවේ

ඩෙංගු රෝගයට හේතුවන වෛරස්

ඩෙංගු යනු වෛරස් නිසා ඇතිවන උණ මූලික රෝග ලක්ෂණය වූ රෝග තත්ත්වයක්ග මේ සඳහා හේතුවන ප්‍රධාන වෛරස් වර්ග 4කිග ඒවා Type 1, Type 2, Type 3, Type 4 යන නම් වලින් හඳුන්වනු ලැබේග මෙම වෛරස් වර්ග 4 අතුරින් එක් එක් කාලවලදී කුමන හෝ වෛරස් කාණ්ඩයක් ප්‍රමුඛ වී ඩෙංගු රෝගී තත්ත්වය ව්‍යාප්ත වීමක් සිදුවේග වරක් ඩෙංගු රෝගයට ගොදුරු වූ අයෙකුට නැවතත් එම රෝගී තත්ත්වයම වැළඳුණහොත් රෝගය මුල්වරට ඇති වූ අයෙකුට වඩා තරමක් බරපතළ අවදානමක් ඇති කරවිය හැකියිග

දෙවැනි තුන්වෙනි වරටත් වැළඳුණහොත් තත්ත්වය තවත් දරුණුයිග

වෙනත් වෛරස් මූලික කරගත් රෝග අවස්ථාවන්වලදී එක් වරක් වැළඳුණු විට රෝගයේ දෙවැනි අවස්ථාවක් උදාවන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර මුල් අවස්ථාව තරම් එය බරපතළ නොවේග නමුත් ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මෙම තත්ත්වය මුළු මනින්ම වෙනස් ස්වභාවයක් ගනු ලැබේග ඒ අනුව ඩෙංගු රෝගය දෙවැනි වරට වැළඳුණුහොත් රෝගය තරමක් බරපතළ වන අතර තුන්වන අවස්ථාවේදී එය වඩාත් බරපතළ මට්ටමට පත්විය හැකියිග

වෛරස් නිසා ඇතිවන බෝවන රෝගවල සාමාන්‍යයෙන් දැකගත හැකි පොදු රෝග ලක්ෂණයක් වන්නේ උණ තත්ත්වයයිග උණ යනු රෝගයක් නොව රෝග ලක්ෂණයක් වන අතර ඩෙංගු රෝගයේත් මූලිකවම දැකගත හැකි රෝග ලක්ෂණය වන්නේ උණ තත්ත්වයයිග නමුත් උණට අමතරව ඇඟපත කැක්කුමල හිස කැක්කුමල වමනයල උදරයේ පවතින වේදනාව වැනි වෙනත් රෝග ලක්ෂණ ද මෙම රෝගීන් පෙන්නුම් කරනු ලැබේග මෙම රෝග ලක්ෂණ අතුරින් බොහෝදෙනෙක් වැඩි වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ එහි ප්‍රධනතම රෝග ලක්ෂණ වන උණ පිළිබඳව පමණක් වන අතර ඇතැම් අය උණ තත්ත්වයේ අඩු වැඩි වීම මත රෝගය සුවපත් විම නොවිම තීරණය කරනු ලැබේග එසේ වුවත් මෙම තීරණය මුළුමනින්ම වැරදි මතයකිග

ඩෙංගු වැළඳුණු අයෙකුගේ ප්‍රධාන වශයෙන් දැකගත හැකි රෝග ලක්ෂණ පිළිබඳ ඉතා හොඳ අවධානයකින් කටයුතු කළ යුතුයිග විශේෂයෙන් එහි ප්‍රධානතම රෝග ලක්ෂණ වන උණ පහත බසින අවස්ථාවේදී එම අවධානය තව තවත් වැඩි කළ යුතු වේග ඊට හේතුව උණ අඩු වන විට රෝගී තත්ත්වයේ තිබෙන බරපතළ බව තව තවත් වැඩි වන අතර එහි දෙවන අදියර මේ සමඟ ආරම්භ විය හැකි නිසයිග

ඩෙංගු රක්තපාත තත්ත්වය

ඩෙංගු රක්තපාත තත්ත්වයේදී සිදුවන්නේ රුධිරයේ තිබෙන දියරමය කොටස :රුධිර ප්ලාස්මාව- රුධිර නාලවලින් පිටතට පැමිණීමයිග මෙම තත්ත්වය තරමක් බරපතළ මට්ටමට පත් වූවොත් රෝගියා කම්පන තත්ත්වයට පත්වීමට බොහෝදුරට ඉඩ තිබේග

රක්තපාත තත්ත්වය හඳුනාගන්නේ කෙසේදරෑ

මෙම බරපතළ තත්ත්වය හැකි තරම් කඩිනමින් හඳුනා ගැනීම ඉතා වැදගත් වේග එය පරීක්ෂාකර බලන ක්‍රම අතර රෝගියා පිට කරන මුත්‍රා ප්‍රමාණය පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ හැකියිග මෙම මුත්‍රා ප්‍රමාණය පිළිබඳ පරික්ෂා කිරීමේදී රෝගියාගේ බර අනුව නියමිත දියර ප්‍රමාණයක් (50Kg ට වැඩි අයෙකුට දියර 100ml ප්‍රමාණයක් පැයකට- ලබාදෙනු ලැබේග ඉන් කොටසක් පානය කිරීමට ලබාදෙන අතර ඉතිරිය ශරීරගත කරනුයේ සේලයින් මාර්ගයෙනිග මෙසේ ශරීරයට ලබාදෙන ජලය ප්‍රමාණය 100ml යැයි සිතුවොත් ඉන් බැහැර කළ යුතු මුත්‍රා ප්‍රමාණය 50ml වත් විය යුතුයිග නමුත් එසේ මුත්‍රා පිට වන ප්‍රමාණය අඩු නම් ඉන් අදහස් වන්නේ පෙර පැහැදිලි කළ පරිදි රුධිර නාලවලින් පිටතට එහි දියරමය කොටස :ප්ලාස්මාව- කාන්දු වන බවයිග

මෙසේ රුධිරයේ දියරමය කොටස ඉවත් වන විට එහි ඝනකම :උකු ස්වභාවය- තරමක් වැඩි වේග මේ තත්ත්වය රුධිර පරීක්ෂණයක් හරහා පරික්ෂාවට ලක් කළ හැකි අතර එම පරීක්ෂණය ර්‍ථඛ්ඍ නමින් හැඳින්වේග

තවද ස්කෑන් පරීක්ෂණ හරහා ද මේ බව පරීක්ෂා කරනු ලැබේග විශේෂයෙන් රුධිර නාල හරහා පිටතට පැමිණෙන දියරමය කොටස් බොහෝදුරට එක් රැස්වන්නේ උදරය හෝ පෙනහැල්ල ආශි‍්‍රතවයිග

තත්ත්වය දරුණු වුණොත් රෑ

මෙම රක්තපාත තත්ත්වය දරුණු වුණොත් කම්පන තත්ත්වයට පත්විය හැකි අතර ඊට පෙරදි බාහිරව නිරීක්ෂණය කිරීමෙන් පමණක් රෝගය හඳුනාගත හැකි වේග පෙර පැහැදිලි කළ පරීක්ෂණ ක්‍රම මඟින් තත්ත්වය පැහැදිලිව හඳුනා ගැනීම ඉතා වැදගත් වේග

මෙසේ ශරීරයෙන් ඉවත් වන දියර කොටස් වෙනුවට බාහිරින් දියර ලබාදීම ඉතා වැදගත් වේග

රුධිර ගැලීම් ඇතිවීම

ඩෙංගු රෝගය බරපතළ අවස්ථාවන්ට පත් වූ විට රුධිර ගැලීම් ද ඇතිවිය හැකියිග මෙම රුධිර ගලනයන් උදරයල ගුද මාර්ගයල යෝනි මාර්ගය හරහා ඇතිවිය හැකියිග මෙවැනි රුධිර ගලනයන් නිසාද රුධිරය උකු බවින් අඩු විය හැකි අතර එම තත්ත්වය ද රුධිර පරීක්ෂාවන් හරහා හඳුනාගත හැකියිග

අක්මාවටල හෘදයට හානි

රුධිර ප්ලාස්මාව රුධිර නහර තුළින් ඉවත් වීමල රුධිර ගලනයන් ඇති වීමට අමතරව අක්මාවට වගේම හෘදය වස්තුවට ද බලපෑම් ඇතිවීම ද මෙහිදී සිදුවිය හැකියිග

ඉහත ගැටලුකාරී තත්ත්ව වෙන් වශයෙන් හඳුනා ගැනීමට විවිධ පරීක්ෂණ ක්‍රම භාවිතා වේග මුත්‍රා පිටවන ප්‍රමාණයල රුධිර පීඩනය වගේම නාඩිවල ස්වභාවය ද මේ සඳහා පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වේග රෝගී තත්ත්වය මෙම පරීක්ෂණ ක්‍රම මත තහවුරු කරගත් පසුව නොපමාව ප්‍රතිකාර ආරම්භ කළ යුතු අතර රෝගියාගේ උණ අඩු කිරීම මත පමණක් තීරණවලට එළඹීම නිවැරදි නොවේග ඒ වගේම ඉහත බරපතළ තත්ත්ව කල්තබා හඳුනා ගැනීම ගෙන නිසිපරිදි කළමනාකරණය කිරීමෙන් රෝගයේ සුවපත්භාවය ළඟාකර ගත හැකියිග

ඩෙංගු හඳුනා ගැනීමේ පරීක්ෂණ

ඩෙංගු රෝගයේදී වඩාත් වැදගත් වන්නේ අදාළ රෝග තත්ත්ව අදාළ කාලසීමාවේදී හඳුනා ගැනීමයිග එම පරික්ෂණ ක්‍රම අතර වඩාත්ම වැදගත්ම පරීක්ෂණය වන්නේ FBC,(Full Blood Count)  පරීක්ෂණයයිග

යම් රෝගියෙකුට උණ ඇති වී එය නිශ්චිතව බැක්ටීරියා ආසාදනයක් ද වෛරස් ආසාදනයක් දැයි හඳුනා ගැනීමට මෙම පරීක්ෂණ ක්‍රමය ඉතා වැදගත් වේග උණ ඇති වී දින දින 03කට පසුව මෙය සිදු කළ යුතුයග මෙම ත‍ඊක‍
 පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව යම් ලෙසකින් අදාළ රෝගියාගේ සුදු රුධිරාණු ප්‍රමාණය වැඩි නම් එය බොහෝදුරට බැක්ටීරියා ආසාදනයක් විය හැකියිග නමුත් සුදු රුධිරාණු ප්‍රමාණය හා රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු නම් එය වෛරසයක් හේතුවෙන් ඇති වූවක් බව පැහැදිලියිගසාමාන්‍යයෙන් බොහෝ වෛරස් නිසා ඇතිවන උණ තත්ත්වවලදී සුදු රුධිරාණු ප්‍රමාණය වගේම රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වුණත් එය විශාල වශයෙන් :ලක්ෂයට වඩා අඩුවන තරමට- පහත බැසීමක් සිදු නොවේග නමුත් රුධිර පට්ටිකා සහ සුදු රුධිරාණු ඉතා විශාල ලෙස පහත බැස තිබේ නම් එය බොහෝදුරට ඩෙංගු වෛරසය නිසා ඇති වූවක් බව පැහැදිලි වේග

ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව - NS1 ඇන්ටිජන්

ඇන්ටිජන් යනු ප්‍රතිදේහයිග මෙම පරීක්ෂණය උණ ඇති වූ පළමු දිනයේදීම සිදු කළ යුතුයිග නමුත් මෙය සිදු කරන අවස්ථාවේදී  FBC පරීක්ෂණයේ ප්‍රතිඵල නොමැති නිසා ඇතැමිවිට මෙය සිදු කරනු ලබන්නේ බැක්ටීරියාවක් නිසා ඇති වූ උණ තත්ත්වයක් පරික්ෂා කිරීමට විය හැකියිග ඒ නිසා ඩෙංගු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වූ උණ තත්ත්වයට අමතරව පෙර පැහැදිලි කළ අනෙකුත් රෝග ලක්ෂණ තිබෙනවා නම් අදාළ රෝගී තත්ත්වය ඩෙංගුම දැයි මෙම NS1 පරික්ෂණය හරහා නිශ්චිතව දැනගත හැකියිග තවද මෙය උණ ඇති වූ පළමු දිනම සිදු කළ යුතු වන්නේ දෙවන තුන්වන දින වන විට උණට හේතුව ඩෙංගු වෛරසය නම් එය හඳුනා ගැනීමට ඇති හැකියාව ඉතා අඩුවන නිසාවෙනිග

ඩෙංගු ඇන්ටිබොඩි පරීක්ෂණය

මෙම පරීක්ෂණය සිදු කරනු ලබන්නේ උණ වැළඳී 5 වැනි දිනයේදීයිග බොහෝවිට 5ල6ල7 යන දිනයන් ද මේ සඳහා යෝග්‍ය වේග මෙම කාලය වනවිට රෝගී තත්ත්වය බොහෝදුරට සුව අතට පත්ව තිබිය හැකියිග ඒ වගේම මෙම පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී  FBC පරීක්ෂණය ද සිදු කර තිබෙන බැවින් එම ප්‍රතිඵලයම තවදුරටත් තහවුරු කර ගැනීමක් මේ මඟින් සිදු වේග ඒ වගේම අදාළ වෛරසය ඩෙංගු වෛරසය ද එසේත් නැතිනම් වෙනත් වෛරසයක්දැයි මෙමඟින් පැහැදිලි කර ගත හැකි වනු ඇතග නමුත් ඇතැම්විට මෙම ඇන්ටිබොඩි පරීක්ෂණය මඟින් ද අදාළ රෝගය 100්‍රක්ම ඩෙංගුදැයි තීරණය කිරීම අපහසු වේග

මෙම පරීක්ෂණය ධ්ට්ර් සහ ධ්ට්ට් ලෙස කොටස් දෙකකට වෙන් වේග

ධ්ට්ර් හි අගය පොසිටිව් නම් අදාළ රෝගියාට වැළඳී තිබෙන රෝගයට හේතුව ඩෙංගු රෝගය බවත් ධ්ට්ට් පොසිටිව් නම් පෙරදී ඩෙංගු වැළඳී තිබූ බවත් ධ්ට්ර් සහ ධ්ට්ට් යන අගයන් දෙකම පෙසිටිව් නම් පෙරදීත් අදාළ අවස්ථාවේදීත් ඩෙංගු වැළඳී තිබෙන බව තීරණය කළ හැකි වේග

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ ක්‍රම තුන අතුරින් වඩාත් වැදගත්ම පරික්ෂණ ක්‍රමය වන්නේ FBC පරික්ෂණයයිග මෙම පරික්ෂණය මත පදනම්ව ස්ථීරවම ඩෙංගු රෝගය වැළඳී තිබේ නම් එහි බරපතළකම නිශ්චිතව පැවසිය හැකියිග

කුමන ක්‍රමයකින් හෝ රුධිර පට්ටිකා වැඩි වුවොත් රෝගය සුවපත් වේවිදරෑ

රුධිර පට්ටිකා මඟින් පෙන්නුම් කරනු ලබන්නේ ඩෙංගු රෝගයේ තිබෙන බරපතළ බවයිග ඒවා අඩු වනවිට රෝගයේ බරපතළ බව වැඩි වේග නමුත් විවිධ ක්‍රම හරහා රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි කර ගැනීම මත රෝගය සුවවන බව ඇතැම් අය විශ්වාස කරනු ලබන අතර ඒ සඳහා ඇතැම් ආහාරල ඖෂධ පවා භාවිතා කරනු ලැබේග උදාහරණයක් වශයෙන් ඇතැම් අය පැපොල් කිරි මඟින් රුධිර පට්ටිකා වැඩිවන බව සිතා ඒවා පානය කරනු ලබනවාග නමුත් මේ කුමන හෝ ක්‍රමයකින් රුධිර පට්ටිකා ප්‍රමාණය වැඩි කරගත්තත් එය ඩෙංගු රෝගයට පිළියමක් වන්නේ නැහැග ඩෙංගු වෛරසය ශරීරයෙන් බැහැර වනවාත් සමඟම රුධිර පට්ටිකා වැඩි වීම ශරීරය මඟින් ස්වභාවිකව වනවා හැරුණු විට ඉහත ක්‍රම මඟින් රුධිර පට්ටිකා වර්ධනය කර ගැනීම මත රෝගයෙන් අත් මිදෙනවා යැයි සිතීම පදනම් රහිත මිත්‍යාවක්ග ඒ අනුව රුධිර පට්ටිකා වැඩි වීම ස්වභාවිකව ශරීරය මඟින් සිදුවිය යුතු දෙයක් මිස බාහිර වශයෙන් සිදු කරන බලපෑම මත සිදු නොවිය යුත්තක්ග

රෝගය ව්‍යාප්ත වීම පිළිබඳ වැරදි මත

ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බෝ ෆික්ටස් යන මදුරුවන්ගෙන් පමණක් මෙය මිනිසාට සම්ප්‍රේෂණය වේග ඊට හේතුව එම අදාළ කාණ්ඩයේ මදුරුවන් තුළ පමණක් වෛරසය වර්ධනය වීමයිග ඒ හැරුණු විට ඩෙංගු නොවන වෙනත් මදුරුවන් කෙතරම් බරපතළ මට්ටමේ පසුවන ඩෙංගු රෝගියෙකුට දෂ්ට කර නිරෝගී අයෙකුට දෂ්ට කළත් රෝගය බෝවීමක් සිදු නොවේග ඒ වගේම ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවෙකු ඩෙංගු රෝගියෙකුට දෂ්ට කර ඊට ස්වල්ප වේලාවකට පසුව තවත් සාමාන්‍ය නිරෝගී අයෙකුට දෂ්ට කළ පමණින් ද රෝගය බෝවීමක් සිදු නොවේග නමුත් රෝගී අයෙකුට දෂ්ට කිරීමෙන් අනතුරුව දින කිහිපයක් ගත වී මදුරුවාගේ ශරීරය තුළ වෛරසය වර්ධනය වුණු පසුව නිරෝගී අයෙකුට මදුරුවා දෂ්ට කළහොත් රෝගය අසාදනය වීමට හැකියාවක් ඇතග

curtesy :dinamina.lk

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල