ලස්සනට හැඩට ඉන්නට කැමති නම් උදරය නෙරා ඒම වළක්වා ගන්නම වෙනවා

views 2017-05-08 03:27:00 Health_New

කාන්තාවන්ට විශේෂයි
ලස්සනට හැඩට ඉන්නට කැමති නම් උදරය නෙරා ඒම වළක්වා ගන්නම වෙනවා
ක්‍රීඩා වෛද්‍ය
ලාල් ඒකනායක

සිසේරියන් සැත්කමින් පසු උදරය මහත්වෙනවා

උදරය ඉදිරියට නෙරා ඒම නිසා මුහුණදෙන ගැටලු

ෆ කොන්ද කැක්කුම

ෆ හර්නියා ඇතිවීම

ෆ බර වැඩි වීම නිසා දණහිස් අමාරු

ෆ හුස්ම ගැනීමට ඇති අපහසුව

ෆ ක්‍රියාශීලිබව අඩුවීම

ෆ උදාසීන ගතිය

ෆ තෙහෙට්ටුව හා මහන්සිය ඇතිවීම

ෆ නිදිමත බව

ෆ හිටගෙන සිටීමට ඇති අපහසු බව

සිරුරේ හැඩය ගැන විශේෂයෙන් ම සැලකිළිමත් වන්නේ කාන්තාවන්යග කාන්තා සිරුරේ හැඩය අවලක්ෂණ කිරිමට සමත් වෙනත් අවයවයන්ට වඩා මූලික වන්නේ උදරයයිග උදරය නෙරා ඒම අද කාන්තාවන්ට විශාල ගැටලුවක් වන්නට තරම් කතාබහට ලක්කරන මේ කාලයේ ඊට හේතු වූ කරුණු හා එය මැඩ ගන්නා ආකාරය ගැන අද දැනුවත් වෙමුග ක්‍රීඩා වෛද්‍ය ලාල් ඒකනායක සඳහන් කළේ උදරය ඉදිරියට නෙරා ඒමට බලපාන හේතු මොනවාද කියා දැනුවත් වීම හා ඒ පිළිබඳව නිසි ක්‍රියා පිළිවෙත්වලට හැඩ ගැසී ක්‍රියා කිරීම වැදගත් බවයිග

උදරය ඉදිරියට නෙරා එන්නේ ඇයිරෑ

බොහෝ කාන්තාවන්ගේ උදරය ඉදිරියට නෙරා එන්නේ අධික ස්ථුලතාවය හේතු කොටගෙනයිග ගන්නා ආහාරවල බලපෑම ඊට හේතුවයිග මේ්දය සිරුරේ තැන්පත් වන ප්‍රධාන අවයව අතරින් ප්‍රධාන තැනක් ලෙස උදරය හැඳින්විය හැකියිග ගැහැණුන්ගේ මේදය තැන්පත්වීම තට්ටම් ප්‍රදේශයේද සිදුවෙනවාග නමුත් පිරිමින්ගේ මෙසේ මේදය තැන්පත්වීමට සිදුවන්නේ පපු ප්‍රදේශයේ ඒ අනුවල සීමාවකින් තොරව ආහාර ගැනීමට පෙළඹුණහොත් උදරයේ මේදය තැන්පත් වී ඉදිරියට නෙරා ඒමට ඉඩ ඇති බවයිග විශේෂයෙන් ඔබ ගන්නා ආහාරයේ අඩංගු පිෂ්ඨය ඊට හේතුවයිග

ගර්භණී අවධියේදී ගන්නා ආහාරය ප්‍රමාණවත් කොටසට වඩා වැඩියෙන් ලබාගැනීම නිසාද උදරය ඉදිරියට නෙරා ඒමට හැකියිග මෙහිදී සිදුවන්නේ කුසේ සිටින දරුවාටත් එක්ක කෑම අවශ්‍ය යැයි සිතමින් තමාගේ නොදැනුවත්කම මත ආහාර වැඩියෙන් අනුභව කිරීමයිග ආහාරයේ ප්‍රමාණය කොපමණදැයි දැනුවත් වීම තුළින් ස්වභාවිකවම ස්ථුලතාවය පාලනය කළ හැකියිග

ගර්භණීභාවයෙන් පසුව ද උදරය ඉදිරියට නෙරා ඒමට පුළුවනග මෙහිදී සිදුවන්නේ මස්පිඬු දුර්වල වීමයිග ඒ වගේ මස්පිඬු ඇදීමට ලක්වීම නිසා ද මේ තත්ත්වයට පත්වේග මේ හේතු කරණා නිසා උදරය නෙරා ඒම වැළකිය නොහැකියිග

පේශී දුර්වලවීම නිසාද උදරය ඉදිරියට නෙරා එයිග මෙසේ ස්භාවිකව බඩේ පේශීන් දුර්වල විය හැකි අවස්ථා ද ඇතග

සමහරුන්ගේ කොන්ද :කටී ප්‍රදේශය- වක්‍රය වීම නිසා ද උදරය තුළ යම් වෙනස්වීමට හේතු වෙනවාග එහිදී සිදුවන්නේ කොන්දෙ වක්‍රය අධික ලෙස පැවතීමෙන් උදරය ඉදිරියට නෙරා ඒම වැඩිවීමයිග

උදරය ඉදිරියට නෙරා ඒම නිසා මුහුණදෙන ගැටලු

ෆ කොන්ද කැක්කුම

ෆ හර්නියා ඇතිවීම

ෆ බර වැඩි වීම නිසා දණහිස් අමාරු

ෆ හුස්ම ගැනීමට ඇති අපහසුව

ෆ ක්‍රියාශීලිබව අඩුවීම

ෆ උදාසීන ගතිය

ෆ තෙහෙට්ටුව හා මහන්සිය ඇතිවීම

ෆ නිදිමත බව

ෆ හිටගෙන සිටීමට ඇති අපහසු බව

බොහෝ විට සිරුර මහත් වීම තමාට දැනෙන විට උදරයේද ඒ ආකාරයෙන්ම සිදුවන නිසා හැකි සෑම අයුරින්ම අධික ලෙස මහත් වීම අඩුකර ගැනීමට කළ යුතු ක්‍රියාමාර්ග සඳහා අවධානය යොමුකිරීම වැදගත්ග

අධික ස්ථුලතාවය අඩුකර ගැනීමට කළ යුතු දේ

1ගව්‍යායාම

2ගආහාර පාලනය සඳහා යොමුවීම

ජානමය හේතුන් මතද මහත්වීම ඇතිවිය හැකියග එසේ ඔබ දැනුවත් නම් ඒ සඳහා ඔබ කළ යුත්තේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුවීමයිග ඒ තුළින් තත්ත්වය වටහා ගෙන ඊට පිළියම් යෙදීමට වෛද්‍ය උපදෙස් මත යොමුවිය හැකියිග

ගර්භනී සමයේ මේදය තැන්වීම

මේ තත්ත්වයද මහත් ගැටලුවක් වී ඇත්තේ සිරුර තරබාරු වීමට පටන් ගැනීම නිසායිග ගර්භනී සමයේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීමට හේතුවන්නේ බඩගිනි ඇතිවීමට වඩා වැඩියෙන් කෑමට ඇති ආශාව හා දරුවාටත් එක්ක ආහාර ගැනීම යන හේතුව මතයිග

ගර්භනී සමය අවසන් වූ විට ප්‍රසුතියෙන් පසු කාලයේදී ඔබගේ තරබාරුව ඇතිවීමට මුලික වන්නේ ද ගර්භනී මුල් කාලයේදී අධිකව ගන්නා ආහාරවල බලපෑමයිග

සාමාන්‍යයෙන් ගර්භනී කාලය අවසන් වන විට දරුවාගේ හා වැදෑමහ බර වැඩිය විය යුත්තේ 10 ඬඨ කිනිග අවසන් කාලයේදී දරුවාගේ බර වැඩිවිය යුතුයිග

පළමු මාස 06 - 08 කාලය තුළ අනවශ්‍ය ලෙස ආහාර ගන්නේ නැතිව තම වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව සමඟ සාකච්ඡා කර නිසි බර පාලනයක් කළ යුතුයිග ඉන් අනවශ්‍ය මේදය ඉවත් වේග

ව්‍යායාම

විශේෂයෙන්ම ගර්භණී කාලය තුළ හෝ ඉන් පසුව ව්‍යායාම කරන විට ඔබට අනතුරුදායක තත්ත්වයක් බලනොපාන්නේ නම් පමණක් ඒ සඳහා යොමුවිය හැකියිග අනතුරුදායක තත්ත්වයට මුහුණ නොදීමට තමා වගබලා ගත යුතුයිග

කොන්ද ආබාධයක් නම් සමස්ථ බර ප්‍රමාණය අඩුකරන සහ කොන්ද අවට පේශීය මෙන්ම බඩ ආශි‍්‍රතව ඇති පේශීවලට අවශ්‍ය ව්‍යායාම කළ යුතුයිග

ඔබ නිතර නිතර ශල්‍ය කර්මවලට භාජනය වීම සිදුවන විටද උදරයේ වෙනස්වීම් දැකිය හැකියිග එහි හැඩය ද වෙනස් වේග ඉදිරියට නෙරාවිත් හැඩයේ වෙනස මනාව පෙනෙනවාග එවැන්නන් මුල සිට ආහාර පාලනය කළ යුතුයිග මේ සඳහා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතුයිග ඒ අනුව ව්‍යායාම කිරිම වැදගත් වේග

සිසෙරියන් සැත්කමින් පසුව කාලයේදී උදරය අනවශ්‍ය ලෙස ඇදෙන සුළු බව නිසා උදරය යම් වෙනස් වීමකට ලක්වෙයිගඑහිදී ද ඇතිවන්නේ උදරය මහත් වීමයිග

උපකරණ භාවිතය :ඊසබාැරි-

උදරය ඉදිරියට නෙරා ඒම වළකන උපකරණ හෙවත් උදර ආවරණ පැළදීම තුළින් ද යම් පිටිවහලක් උදරය නෙරා ඒම නවතාලීමට උදව් වෙයිග ඒ අනුවල

උදරය ආශි‍්‍රතව පේශී ඉදිරියට ඒම වලකන

1ගශරීරයේ පවතින සමස්ථ මේදය දහනය වන ව්‍යායාම කළ යුතුයිග මේ තුළින් දීර්ඝ කාලීන ප්‍රතිඵල ලබාගත හැකියිග

2ගඋපකරණ භාවිතය  (Binders)

3ගමේ සියල්ලටම සමගාමීව Tonning Exercises කිරීම කළ යුතුයිග නමුත් මින් මුළු සිරුරටම ප්‍රතිඵල ලැබෙන්නේ නැතග ඒ සඳහා ඉහත කළ මේදය දහනය වන ව්‍යායාම ඊට සමගාමීව කළ යුතුයිග

ස්වර්ණා ආරියවංශ

curtesy :dinamina.lk


​සිංහල ලිපි

  • මත්පැනට ඇයි ඔය තරම් කෑදර

    2017-05-26 02:27:00 Views 30 Read More...

    තවද මධ්‍යසාර මානසික සෞඛ්‍යයට ද දැඩි අහිතකර බලපෑම් ඇති කරන අතර ඒ පිළිබඳව ද සමාජගත වී ඇත්තේ ඉතාමත් අඩුවෙන්යග මධ්‍යසාර භාවිත කරන්නන් විෂාදයට ගොදුරු වීමේ ඉඩ ඉතා ඉහළය

  • බඩ පිපීම වළක්වා ගැනීමට නම්ගගග

    2017-05-24 02:09:00 Views 67 Read More...

    උළුහාල්ල අළු පුහුල් ල කොමඩු ල ඔලිව් තෙල්ල නොපාහින ලද ධාන්‍යල පැසවීමට ලක් කළ ආහාර තක්කාලිල බෙරි වර්ගයේ පලතුරු මෙන්ම සාලයෝල සැමන්ල හුරුල්ලන් ආදී මත්ස්‍යයන් ද බඩ පිපුමට එරෙහි වීමට සත් ආහාරය

  •  බත් කෑම නවත්වලා බිස්කට් කෑවට බර අඩුවෙන්නේ නැහැ

    අප ගන්නා ආහාර ශරීරයේදී දහනය විය යුතුයග ආහාර ගෙන එකතැන වාඩි වී සිටියොත් හෝ කම්මැලිකමට නිදාගෙන සිටියොත් දහනය වන්නේ නැතග ආහාර ශරීරයේ දහනය කරවීමට නම් වැඩිපුර ශක්තිය යොදා සෙල්ලම් කිරීමග දිවීමල ව්‍යායාම් කිරීම අනිවාර්යෙන් සිදු
  • කොළ කැඳවල අඩංගු ඖෂධීය ගුණ

    පලාවර්ග අතරින් ඉතාම ජනපි‍්‍රයයිග කොළ කැඳ ඉතාම රසවත්යග ශරීරයේ විෂ පහ කරයිග ඇස් පෙනීම වැඩි කරයිග විටමින් ඒ බහුලව ඇතග සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයිග ක්ෂුද්‍ර පෝෂක වලින් ඉහළ පෝෂණීය ගුණයක් ඇති
  • නිවැරදි පානීය ජල බෝතල් තෝරා ගනිමු

    ඔබත් අඩුවෙන් ජලය පානය කළ දිනවලදී මෙවැනි අත්දැකිම් ලබා තිබිය හැකග නිසි ලෙස ජලය පානය මගින් මෙවැනි අහිතකර ප්‍රතිඵල වළක්වා ගැනීම ඔබට ඉතා පහසුවෙන් කළ හැකියග
  • ඩෙංගු ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් ඒත් දරුවාට ඩෙංගු හැදිලා

    ඩෙංගු රෝගය බරපතළ අවස්ථාවන්ට පත් වූ විට රුධිර ගැලීම් ද ඇතිවිය හැකියිග මෙම රුධිර ගලනයන් උදරයල ගුද මාර්ගයල යෝනි මාර්ගය හරහා ඇතිවිය හැකියිග මෙවැනි රුධිර ගලනයන් නිසාද රුධිරය උකු බවින් අඩු විය හැකි අතර එම තත්ත්වය ද රුධිර පරීක්ෂාවන් හරහා හඳුනාගත හැකියිග
  • සාර්ථකව ප්‍රශ්න විසඳන්නට සන්සුන් මනසක් තිබිය යුතුයි

    අපිට මුහුණ දෙන්නට වන විවිධාකාර ප්‍රශ්න හිතේ තියාගෙන දුක් විදිනවට වඩා කාට හරි පැවසුවහොත් හිතට දැනෙන සැහැල්ලුව වචන වලින් කියන්න බැරි තරම්ග ඒ වුණත් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට තරම් අපේ සිත

සතියේ ලග්න පලාපල