බය වෙන්න එපා දියවැඩියාවට ප්‍රෙෂර් එකට ගන්න බෙහෙත්වලට වකුගඩු නරක් වෙන්නේ නැහැ

views 2017-03-13 02:45:00 Health_New

පසුගිය දිනක රෝගියෙක් සායනයට ආවේ කිසියම් රෝගයකට බෙහෙත් ගන්නග ඔහු අධික රුධිර පීඩනයට කාලයක ඉඳලා බෙහෙත් ගන්න බව දන්න නිසාම ඔහුගේ රුධිර පීඩනය මැන්නාල රුධිර පීඩනය තරමක් ඉහළ ගිහිල්ලා තිබුණාග ප්‍රෙෂර් එක ටිකක් වැඩියි වගේගගග කියන කොටම ඔහු කිව්වේ ඩොක්ටර්ගගග මම පහුගිය කාලේ බෙහෙත් බිව්වේ නැහැ කියලා ඇයි ඒගගගගගරෑ මගේ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වුණේ ඩොක්ටර්ගගග ඔය බෙහෙත් ජාති දිගටම ගන්නකොට වකුගඩු දෙක නරක් වෙන බව මම අහලා තියෙනවා ඉතිං මම ඒවා දිගටම පාවිච්චි කරන්නේ නැහැග වසන්තගේ මේ ප්‍රකාශය දැන් දැන් රෝගීන් බොහෝදෙනෙකුගේ ර්‍ණබෙහෙත්” සම්බන්ධ මානසිකත්වය නිරූපණය වීමක්ග

දියවැඩියාවල අධික රුධිර පීඩනය හෙවත් ප්‍රෙෂර් එක ආදී දීර්ඝකාලීනව සමහරවිට ජීවිත කාලයටම ර්‍ණබෙහෙත් පෙති” අවශ්‍ය වන රෝගවලදීල ඒ ප්‍රතිකාරය නිසා වකුගඩු නරක් වෙනවාද යන ප්‍රශ්නය නිසා රෝගීන් නිසි ආකාරයට බෙහෙත් නොගැනීම අද වෛද්‍යවරුන්ටත්ල රෝගී සායන වලටත් තරමක ගැටලුවක් වෙලා කිව්වොත් නිවැරදියිග මේ නිසාම ඒ ඒ රෝග තත්ත්වයන් පාලනය නොවීමත්ල සමහරවිට රෝගී තත්ත්වයන් උග්‍රවීමත් රජයෙන් නොමිලේ සැපයෙන ඖෂධ විශාල ප්‍රමාණයක් අපතේ යාමත් සිදුවන බව රහසක් නොවෙයිග මේ සඳහා ප්‍රධාන ගැටලුව වන්නේ රෝගීන්ල රෝග තත්ත්වයන් යන ඒවා සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳව නිසි දැනුවත් වීමක් නැති වීම බව කැපී පෙනෙන කාරණයක්ග රෝගීන්ල තමන්ගේ අවට පුද්ගලයන් හා රෝහල් ගත වන අසාධ්‍ය රෝගීන්ගේ මතුපිටින් පෙනෙන හා ලැබෙන තොරතුරු ආශ්‍රයෙන්ල සමහරවිට ර්‍ණකටකතා” මට්ටමේ ලැබෙන තොරතුරු මඟින්ල අනවශ්‍ය හා අසාධරණ බියක් ඇතිකර ගනු ලබනවාග ඊළඟට එම තොරතුරු සුදුසුකම් ඇති වෛද්‍යවරුන් හෝ ඖෂධවේදීන් හෝ තවත් එවැනි අදාළ පාර්ශවයන්ගෙන් විමසනු වෙනුවට තමන් විසින්ම ඒවා මානසිකව තහවුරු කරනු ලබනවාග අවසාන ප්‍රතිඵලය වන්නේ තමන්ගේ රෝග තත්ත්වය නිසි පාලනයකින් ගිලිහී යාමත්ල එම රෝගවල සංකූලතාවලට  (Complications) වලට මුහුණ දීමත්ල සමහරවිට එම සංකූලතාවල ප්‍රතිඵලයක් ලෙස ඇත්තටම ර්‍ණවකුගඩු නරක් වීමක්” සිදුවීමත් බව පැහැදිලි කාරණයක්ග

දියවැඩියාවල අධික රුධිර පීඩනය වැනි රෝග සඳහා විවිධ ඖෂධ විශාල ප්‍රමාණයක්ල විවිධ රෝගීන් සඳහා භාවිතා කරන බව සත්‍යයක්ග නමුත්ල මේවා රෝගීන් සඳහා භාවිතයට පෙර විශාල ලෙස පරීක්ෂණ හා සමීක්ෂණවලට ලක් කිරීමත්ල බොහොමයක් ඖෂධ දීර්ඝ කාලයක සිට :සමහර විට අවුරුදු 20 -30 කාලයක්- භාවිතයත් නිසා ඒවායේ ඇති අතුරු ආබාධ පිළිබඳ අත්දැකීමක් දැනුමක් ඇති වීමත් නිසා ර්‍ණප්‍රවේසම්කාරී ඖෂධ” ලෙස සැලකිය හැකි වනවාග මේවා ශරීරයේ ඉන්ද්‍රියයන් කෙරෙහි ඇති කරන කිසියම් බලපෑමක් ඇතිවිය හැකි නමුත් ඒවා අවම මට්ටමක සමහරවිට නොදැනෙන මට්ටමක පවතින දෙයක් විය හැකි වෙනවාග ඖෂධ අවම මාත්‍රා භාවිතයෙන් මේ සඳහා උදව් වෙනවාග මෙම රෝගවලට ප්‍රතිකාර නොගැනීම මඟින් සංකූලතා ඇතිවීමත්ල ජීවිතයට සිදුවන තර්ජනයත්ල ජීවිතයේ ගුණාත්මකභාවයට ඇතිවන හානියත් හමු වේග ඖෂධ මඟින් නොදැන හෝ සිදුවිය හැකි හානියක් සමහරවිට නොසැලකිය හැකි මට්ටමේ වනවාග අනිත් අතට ඖෂධ හෝ ප්‍රතිකාර නොගැනීම නිසා දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය මඟින් ර්‍ණවකුගඩු නරක්” වීමක් සිදුවිය හැකියිග දියවැඩියාවට සහ ප්‍රෙෂර් සඳහා නිසි ආකාරයට ඖෂධ ගැනීම මඟින් වකුගඩු ආබාධ ඇති නොවනවා වාගේමල ඖෂධ නොගැනීම මඟින් එම රෝග හේතුකොට වකුගඩු ආබාධ ඇතිවීම් නම් අනිවාර්ය දෙයක් වනවාග

ඒ වගේමල රෝගය නිසා වකුගඩු නරක් වූ විට සමහර ඖෂධ ගැනීම සුදුසු වන්නේ නැහැග උදාහරණයක් ලෙස දියවැඩියාව සඳහා භාවිතා කරන ර්‍ණමෙට්ෆෝමින්” Metformin නම් ඖෂධය දියවැඩියාව නිසා වකුගඩු නරක් වූ විට භාවිතා කරන්නේ නැහැග ඒ එම ඖෂධය ශරීරය ඇතුළතදී පාලනය කිරීම සඳහා වකුගඩුවල නිසි ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය වන නිසයිග එවැනි අවස්ථාවක දියවැඩියා රෝගීන්ට එම ඖෂධය නතර කිරීම සිදු කරනු ලබනවාග සමහරවිට රෝගීන් මෙම කාරණය වරදවා වටහාගෙන එම ඖෂධය නිසා වකුගඩු නරක් වනවා යන බියකින් පසුවි මෙම ඖෂධය නතර කරනවා මෙය මතයක් හා කටකතාවක් ලෙස අනිකුත් මේටෆෝමින් බෙහෙත ගන්නා රෝගීන්ට ද පැතිර ගොස් අනියත බියක් ඇති කරනු ලබනවාග

මේ දිනවල සාකච්ඡා කරමින් පවතින ර්‍ණරජරට වකුගඩු රෝග තත්ත්වයන්ද” ජනතාව තුළ කිසියම් කුතුහලයක් මුසු බියක් ඇතිකර තිබෙනවාග මේ නිසාම වකුගඩු සම්බන්ධයෙන් ප්‍රවේසම් වීමක් ද දැකිය හැකි වෙනවාග

ග මීට අමතරව වෛද්‍ය උපදෙස් මත බෙහෙත් ගැනීමේ ප්‍රමාණය අවම කරගැනිමට රෝගීන් ට හැකියාවක් තිබෙනවාග උදාහරණයක් ලෙස දියවැඩියාව සඳහා ආහාර පාලනයල ව්‍යායාම් සිදු කිරීමල දුම්පානය හා මත්පැන් පානය නතර කිරීමල මානසික ආතතිය පාලනය කර ගැනීම වැනි ක්‍රියාමාර්ග වලින් අවම ඖෂධ ප්‍රමාණයක් යටතේ රෝගය පාලනය කර ගත හැකි වනවාග එවිට අනියත බියකින් හෝ අනවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් ගත යුතු වන්නේ නැහැග

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේල කිසියම් රෝගියෙකු තමන්ගේ වකුගඩු පිළිබඳ ඇති ර්‍ණබිය” ඉතා සාධාරණ වුණත්ල දියවැඩියාමට සහ ප්‍රෙෂර් සඳහා ලබා ගන්නා ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව නවතා නොදැමිය යුතු බවයිග එවිට එහි අතුරුඵලය ලෙස රෝගියා වකුගඩු රෝගියකු බවට පත්විමට ගත වන කාලය වැඩි ඇතක නොවේග

- නුවන්ති කුලරත්න

curtesy :dinamina.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල