වකුගඩු රෝගීන් ගතයුතු සහ නොගත යුතු ආහාර

views 2017-03-08 04:10:00 Health_New

වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී ඇත්තේ වකුගඩු රෝගයයිග උතුරු මැද පළාතේ මෙන්ම සෙසු කෘෂි කාර්මික ශුෂ්ක ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී ඇති මූලය හඳුනා නොගත් වකුගඩු අකරණය (CKDu) රෝගය වැළදුන රෝගීන් පමණක් නොව දියවැඩියාවලඅධි රුධිර පීඩනය යනාදි හේතු පදනම් කරගෙන සෙසු ප්‍රදේශවල වෙසෙන වකුගඩු රෝගීන් බොහෝදෙනා ඔවුන්ට ලබාගත යුතු නිසි පෝෂණය පිළිබඳ නිසි ආකාර දැනුමක් ලබා තිබෙනවා දැයි සැක සහිතයග බොහෝවිට ඔවුන්ට පෝෂණය පිළිබඳ ගැටලුවලට මුහුණ පාන්නට සිදු වී ඇති අතර රෝගියා ලබාගන්නා ප්‍රෝටීන් සහ අනිකුත් ඛනිජ ලවණ අඩු වැඩි වීම මත වකුගඩු රෝගය උත්සන්න වීමට පවා ඉඩ ඇතග එබැවින් නිසි පෝෂණය ලබා ගැනීම සඳහා මේ උපදෙස් මාලාව වඩාත් වැදගත් වනු නොඅනුමානයිග

ඒ පිළිබඳ ඔබ දැනුවත් කරන්නේ මාළිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානය සායනික පෝෂණ වෛද්‍ය කේගඑම්ගඑස්ග එන්ගකේග පිරිස් මහතායග වකුගඩු රෝගීන්ගේ සිරුරේ පැවැත්ම පවත්වා ගෙන යාම සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වුවදල ප්‍රමාණය ඉක්මවා ප්‍රෝටීන් ශරීරගත වුවහොත් වකුගඩු තවදුරටත් හානීවිම වැළැක්විය නොහැක්කකිග එබැවින් ප්‍රෝටීන් මෙන්ම අනිකුත් ලවණ වර්ග ද සිරුරට ලබාගත හැක්කේ ප්‍රමාණවත් ලෙසටයග

වකුගඩු රෝගය අදියර 5කින් යුක්තවේග පළමුවැනි අදියරේ සිට 3 වැනි අදියර දක්වා :වකුගඩු රෝගය මුල් අවදියේ පවතින රෝගින් - දිනකට ප්‍රෝටීන් ග්‍රෑග ග75   per Kg :සිරුරේ බර අනුව- ලබාගත යුතු වේග

අදියර 4 හෝ අදියර 5 යනු රෝගයේ බරබතල තත්ත්වයයිග මේ අවස්ථාව වනවිට රෝගියා රුධිර කාන්දුකරණය :ඩයලයිසීස්- තත්ත්වයේ හෝ නොකරන තත්ත්වයේ පවතීග

රුධිර කාන්දුකරණය නොකරන රෝගීන්ට ප්‍රෝටීන් ලබාදිය යුතු ප්‍රමාණය වන්නේ දිනකට ග්‍රෑග ග6  per Kg කිග :බර අනුව-

රුධිර කාන්දුකරණය ක්‍රම දෙකකිග ඒ රුධිර කාන්දුකරණය සහ පරිතාණ කාන්දුකරණය යන ක්‍රම දෙකයිග විශේෂයෙන්ම රුධිර කාන්දුකරණයේදී ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් සිරුරෙන් ඉවත් වේග එබැවින් වැඩිපුර ප්‍රෝටීන් ප්‍රමාණයක් රෝගියාට ලබා දිය යුතුව ඇතග නිර්දේශිත ප්‍රමාණය වන්නේ දිනකට ග්‍රැම් 1ග2 සිට 1ග4 දක්වා වේග

පරිතාණ කාන්දුකරණය සිදුකරන රෝගීන්

මේ අයට දිනකට ග්‍රෑග 1ග2 - 1ග3 අතර per day K.G   ප්‍රෝටීන් ලබාදිය යුතු වේග

වකුගඩු රෝගයේ තිබෙන තවත් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ ප්‍රෝටීන් වැඩිපුර ලබා දීමේදී වකුගඩුවලට හානි සිදුවන අතර ප්‍රෝටීන් අඩු වීමේදී සිරුරේ තිබෙන මාංශ පේශී දියවී රෝගියා දුර්වල වීමට ඉඩ ඇතග එවිට ප්‍රතිශක්තිකරණය ද අඩු වේග මේ හේතුව නිසා වෙනත් රෝග වැලදීමටද ඉඩ ඇතග

වකුගඩු රෝගියෙකුගේ පෝෂණයට බලපාන ප්‍රධාන සාධක

1ග දිනකට ශක්තිය අවශ්‍ය ප්‍රමාණය ලබා දිය යුතුයග

අඩු පෝෂණ තත්ත්වයට පත්වීම නතර කළ යුතුයග

2ග ප්‍රෝටීන් අවශ්‍ය ප්‍රමාණය ලබාදිම

3ග වකුගඩු අදියර 4 -5 සිටින රෝගීන්ගේ පොටෑසියම් අධික ආහාර සීමා කිරීම

මුල් අවස්ථාවේ අදියර 1 -3 දක්වා :සමහර රෝගීන්ගේ- ආහාර පාලනය කළ යුතුයග

4ග පොස්පරස් පාලනය කිරීම

5ග සංතෘප්ත මේදය සීමා කිරීම - ලුණු ප්‍රමාණය අවම කිරීමග ලුණු දිනකට නිර්දේශිත ප්‍රමාණය නොඉක්මවීමග

6ග ජලය නිසි ප්‍රමාණයට පානය කිරිම හා පානීය ජලයට අමතරව පාන වර්ග වලින් සිරුරට එකතු වන ජලය පිළිබඳ සැළකිලිමත් වීමග

අවශ්‍ය පමණට විටමින් ඛනිජ ලවන (SUPPLIMENT) වර්ග ලබා ගැනීමග

විශේෂයෙන්ම රෝගියාගේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය අධික වේ නම් පොටෑසියම් අධික ආහාර අවම කළ යුතුයග ලුණු සහිත ආහාරවලින් වැළකිය යුතු වේග වෙළඳපොළේ ඇති පොටෑසියම් සහිත ලුණු ආදේශක ද්‍රව්‍ය මෙන්ම හර්බල් සප්ලිමන්ට් වර්ග සහ ඖෂධ වර්ග ගැනීම ද නැවැත්විය යුතුයග

ඇතැම් පලතුරු එළවළු වර්ගවල පොටෑසියම් ප්‍රමාණයක් ඇතග සමහරවිට පොටෑසියම් අඩු ආහාර ඇතැම් රෝගීන් වැඩිපුර භාවිතා කිරීම නිසා සිරුරට ලැබෙන පොටෑසියම් ප්‍රමාණය අධික වේග

පොටෑසියම් යනු ජලයේ දියවන ලවණයකිග එබැවින් පොටෑසියම් බහුල ආහාර අනුභව කිරීමේදී එළවළු කුඩා කැබලිවලට කපා දස ගුණයක් පමණ ජලය දමා පැය 2ක් පමණ කාලයක් තැබිය යුතුයග පොටෑසියම් ජලයේ දියවන බැවින් මෙලෙස කිරීමේදී පොටෑසියම් ප්‍රමාණය දියවී යයිග පොටෑසියම් වැඩියෙන් පවතින එළවළු වේ නම් කුඩා කැබලිවලට කපා මිනිත්තු 5 -10 පමණ වේලාවක් තම්බා වතුර පෙරා ඉවත් කර ආහාරයට ගත හැකග

පොටෑසියම් අඩු එළවළු වර්ග

ගෝවාල ගෝවා මල්ල කැකිරිල පිපිඤ්ඤාල රවුම් වම්බටුල බෝංචිල රතුළූණුල සුදුළූණුල පතෝලල වැටකොලුල ඇඹරැල්ලා :අමුවෙන් හොඳ නැත- පිසින ලද අඹරැල්ලාල කැරට් :අමුවෙන් හොඳ නැත-ග පිසින ලද කැරට්

පොටෑසියම් අඩු පලතුරු

කොළ පැහැති ඇපල්ලපෙයාස්ල කිලෝ පේරල මිදි ගෙඩි 3ක් දිනකට අන්නාසි ගෙඩි 1රැ8ක් :දිනකට- වෙළඳපොළේ මිලදී ගත හැකි ඇපල් යුෂ හොඳ නැතග නමුත් නැවුම්ව නිවසේදී පිළියෙල කර ගන්නා ඇපල් යුෂ භාවිතය හොඳයි

පොටෑසියම් බහුල පලතුරු

පැපොල්ල කෙසෙල්ල අඹල රටඉඳිල අලල බතලල අලු කෙසෙල්ල නිවිතිල තක්කාලිල වට්ටක්කා ආදියේ පොටෑසියම් වැඩි බැවින් ඒවා අගුණ වේග

පලා වර්ග

පලා වර්ගවල පොටෑසියම් බහුලව තිබෙන බැවින් රෝගීන්ට පලා වර්ග සුදුසු නොවේග

පොස්පරස්

රෝගීන්ගේ සිරුරේ පොස්පරස් ප්‍රමාණය වැඩි වූ විටග රුධිරයේ පොස්පරස් ප්‍රමාණය වැඩි වී හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා අස්ථිවලින් කැල්සියම් රුධිරයට ඇතුල්වීම සිදු වී අස්ථි දුර්වල වීමට පටන් ගන්නා අතර රුධිරයේ කැල්සියම් වැඩි වීම නිසා කැල්සියම් හෘද වස්තුවේ සහ වකුගඩුවල තැන්පත් විය හැකග

ප්‍රෝටීන් - සත්ව ආහාර

සත්ව ආහාර වල ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි බැවින් අවම ලෙස භාවිතා කළ යුතුයග විශේෂයෙන් බිත්තර කහ මදයේ පොස්පරස් වැඩි නිසා භාවිතය සුදුසු නැතග නමුත් බිත්තර සුදු මදයේ ප්‍රොරොස්පරස් අඩු බැවින් ආහාරයට ගැනීම යෝග්‍යයග

පොස්පරස්ල ඕගනික් සහ ඉන්ඕගනික් යනුවෙන් වර්ග දෙකකට අයත් වේග විශේෂයෙන් පළතුරු යුෂ කල් තබා පවත්වා ගැනීමට කල්තබා ගැනීමේ ද්‍රව්‍යය යොදා තිබේග විශේෂයෙන් මෙවැනි කල්පවත්නා යුෂවල ඉන්ඕගනික් පොස්පරස් අඩංගුව ඇතග මේවා පානය කිරීමේ අවාසිය වන්නේ ලේ වලට පොස්පරස් 90්‍ර උරා ගැනීමයිග තවද ධාන්‍ය වර්ගවල නිවුඩ්ඩ සහිත හාල් වල ද පොස්පරස් ප්‍රමාණයක් ඇතග නමුත් නිවුඩ්ඩ සහිත හාල් අනුභව කළ විට ඉන්ඕගනික් පොස්පරස් රුධිරයට උරා ගන්නේ 40්‍ර - 60්‍ර දක්වා පමණිග වකුගඩු රෝගීන් ආහාරයට ගත යුත්තේ ර්‍ණතම්බපු හාල්ය”ග:හාල් තැම්බූ විට පොස්පරස් කොටස ඉවත් වේග-

සෝයා මීට්ල සොසේජස්ල මීට්බෝල්ස්ල හතු වර්ගල කොන්ඩ්බීෆ්්ල කූනිස්සෝල ඉස්සෝල දැල්ලෝල කකුළුවන් ආදියේ පොස්පරස් ප්‍රමාණය වැඩි බැවින් ආහාරයට නුසුදුසුයිග

බියර් සහ සියලුම මත්පැන්වල පොස්පරස් අඩංගු බැවින් භාවිතය සුදුසු නොවේග

සංතෘප්ත මේදය

මෙවැනි රෝගින්ට පොල්තෙල්ල පොල්කිරි හොඳ නැතග දෙවැනි කිරෙන් ආහාර පිසීම කළ යුතුයග තවද කුකුල් මස් හෝ වෙනයම් මසක් ආහාරයට ගැනීමේදී සම ඉවත් කර ආහාරයට ගත යුතුයග එයට හේතුව වන්නේ සංතෘප්ත මේදය වැඩි ආහාරවල නරක කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි වන බැවින් මෙවැනි රෝගීන් බොහෝ දෙනෙකුට හෘදයාබාධ ඇති වීමට ඉඩ ඇති බැවිනිග ඇතැම් අවස්ථාවල එය මරණය දක්වා කෙළවර වේග

කිරි

කිරි වර්ග ආහාරයට ගන්නේ නම් නන්ෆැට් හා ලෝෆැට් කිරි ආහාරයට ගත යුතුයිග වකුගඩු රෝගීන්ට විශේෂිත වූ කිරි වර්ග වෙළඳපොලෙන් මිලදි ගත හැකග

ලුණු

වකුගඩු රෝගීන්ට ලුණු භාවිතය සුදුසු නොවේග ලුණු සිරුරෙන් ඉවත් කෙරෙනුයේ වකුගඩුවලිනිග නමුත් ලුණු ප්‍රමාණය ඉක්මවා ගත්විට සෝඩියම් ප්‍රමාණය වැඩි වේග එවිට සිරුර ඉදිමීමල අධි රුධිර පීඩනය වැඩිවීම මෙන්ම හදවතේ ක්‍රියාකාරිත්වය අවම වීම සිදු වේග

පළමු හා තුන්වැනි අදියරේ සිටින වකුගඩු රෝගීන්ට ලුණු තේ හැන්දක් සෑහෙන අතර අදියර 4-5 සිටින රෝගීන්ට ලුණු භාවිතා කළ යුත්තේ තේ හැඳි 1රැ2කිග සෝස් මාමයිට්ල සේවරි බිස්කට්ල ක්ෂණික ආහාර නවතා දැමිය යුතුයග එසේම අච්චාරුල පොටේටෝ චිප්ස් නුසුදුසු වේග

ජලය

කාමර උෂ්ණත්වයේ දියවන සෑම ආහාරයක්ම දියර ස්වභාවයෙන් පවතීග :ජෙලිල අයිස් ක්‍රීම්- එසේම ආහාර පිසින විට :හොදි- ජලය සහිත බැවින් ඒවා නිතැතින්ම සිරුරට ලැබෙන බැවින් පානය කරන ජලය පිළිබඳ වඩාත් සැළකිලි මත් විය යුතුයග

දීප්ති ෆොන්සේකා

curtesy :dinamina.lk/

​සිංහල ලිපි

  • බඩ පිපීම වළක්වා ගැනීමට නම්ගගග

    2017-05-24 02:09:00 Views 15 Read More...

    උළුහාල්ල අළු පුහුල් ල කොමඩු ල ඔලිව් තෙල්ල නොපාහින ලද ධාන්‍යල පැසවීමට ලක් කළ ආහාර තක්කාලිල බෙරි වර්ගයේ පලතුරු මෙන්ම සාලයෝල සැමන්ල හුරුල්ලන් ආදී මත්ස්‍යයන් ද බඩ පිපුමට එරෙහි වීමට සත් ආහාරය

  •  බත් කෑම නවත්වලා බිස්කට් කෑවට බර අඩුවෙන්නේ නැහැ

    2017-05-23 02:08:00 Views 19 Read More...

    අප ගන්නා ආහාර ශරීරයේදී දහනය විය යුතුයග ආහාර ගෙන එකතැන වාඩි වී සිටියොත් හෝ කම්මැලිකමට නිදාගෙන සිටියොත් දහනය වන්නේ නැතග ආහාර ශරීරයේ දහනය කරවීමට නම් වැඩිපුර ශක්තිය යොදා සෙල්ලම් කිරීමග දිවීමල ව්‍යායාම් කිරීම අනිවාර්යෙන් සිදු

  • කොළ කැඳවල අඩංගු ඖෂධීය ගුණ

    පලාවර්ග අතරින් ඉතාම ජනපි‍්‍රයයිග කොළ කැඳ ඉතාම රසවත්යග ශරීරයේ විෂ පහ කරයිග ඇස් පෙනීම වැඩි කරයිග විටමින් ඒ බහුලව ඇතග සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයිග ක්ෂුද්‍ර පෝෂක වලින් ඉහළ පෝෂණීය ගුණයක් ඇති
  • නිවැරදි පානීය ජල බෝතල් තෝරා ගනිමු

    ඔබත් අඩුවෙන් ජලය පානය කළ දිනවලදී මෙවැනි අත්දැකිම් ලබා තිබිය හැකග නිසි ලෙස ජලය පානය මගින් මෙවැනි අහිතකර ප්‍රතිඵල වළක්වා ගැනීම ඔබට ඉතා පහසුවෙන් කළ හැකියග
  • ඩෙංගු ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව් ඒත් දරුවාට ඩෙංගු හැදිලා

    ඩෙංගු රෝගය බරපතළ අවස්ථාවන්ට පත් වූ විට රුධිර ගැලීම් ද ඇතිවිය හැකියිග මෙම රුධිර ගලනයන් උදරයල ගුද මාර්ගයල යෝනි මාර්ගය හරහා ඇතිවිය හැකියිග මෙවැනි රුධිර ගලනයන් නිසාද රුධිරය උකු බවින් අඩු විය හැකි අතර එම තත්ත්වය ද රුධිර පරීක්ෂාවන් හරහා හඳුනාගත හැකියිග
  • සාර්ථකව ප්‍රශ්න විසඳන්නට සන්සුන් මනසක් තිබිය යුතුයි

    අපිට මුහුණ දෙන්නට වන විවිධාකාර ප්‍රශ්න හිතේ තියාගෙන දුක් විදිනවට වඩා කාට හරි පැවසුවහොත් හිතට දැනෙන සැහැල්ලුව වචන වලින් කියන්න බැරි තරම්ග ඒ වුණත් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට තරම් අපේ සිත
  • දිනකට පානය කළයුතු ජල ප්‍රමාණය

    කෘත්‍රිම බීම - සීනි බහුලයිල උදරයේ අපහසුව ඇති කරයිල රසායනික බහුලයිල කැලරි අධිකයිල කෘත්‍රිමයිල ස්ථුලබව ඇති කරයිග :සිරුරට හානිදායකයි-

සතියේ ලග්න පලාපල