පපුවේ ගැස්ම භායානක රෝගයක්ද?

views 2017-03-03 10:23:00 Health_New

හෘදය වස්තුව ගැහෙනුයේ විද්‍යුතය උපයෝගී කර ගනිමිනිග මෙම විද්‍යුතය ක්‍රමානුකූලව නිෂ්පාදනය කරනුයේ දකුණු කර්ණිකාවේ ඉහළින් ඇති විශේෂ විද්‍යුත් කෝෂ වැනි සෛල වලිනිග එම සෛල පිහිටි ස්ථානයට හෘත් කර්ණිකා ගැටය යැයි කියනු ලැබේග

මෙම හෘත් කර්ණිකා ගැටයෙන් නිපදවෙන විද්‍යුතය හෘදයේ සෙසු ප්‍රදේශ කරා ගමන් කරනුයේ විශේෂ විද්‍යුත් පරිපථයක් මාර්ගයෙනිග මෙය හෘදයේ සන්නායක පද්ධතිය ලෙස හැඳින්වෙයිග

මෙම ස්න්නායක පද්ධතිය දිගේ ක්‍රමානුකූලව ගමන් කරන විද්‍යුතය මඟින් සාමාන්‍ය හෘද ස්පන්දනය ඇති වේග එය ඊගසීගජීග රේඛනයක මෙසේ සටහන් වේග

ඇතැම්විට සන්නායක පද්ධතියේ පරිබාහිර ස්ථානයක විද්‍යුතය අමුතුවෙන් නිෂ්පාදනය වී හෘද ස්පන්දනය අක්‍රමික බවට පත් වේග

හෘද ස්පන්දන වේගය

හෘද ස්පන්දනය ඉතා සීඝ්‍ර වුවහොත් :මිග 160ට වැඩි-

මෙසේ ස්පන්දනය වැඩි වුවොත් පපුවේ ගැස්ම රෝගියාට දැනේග එය අඩු වී යන තුරු හාන්සි වී සිටිය යුතුයග

ඉතා මන්ද වුවහොත් :මිග60ට අඩු-

හෘද ස්පන්දනය ඉතා අඩු වූ විටල ඇස් ඇඳිරිවීමල ක්ලාන්තයල සිහි නැති වීම ඇති වේග

එවිට ප්‍රථමාධාරයක් වශයෙන් පැතලි තලයක :උදාග පොළොවකල ඇඳක් මතුපිට- දිගා වී දෙතුන් වරක් වැරෙන් කැස්සක් ඇති කළ යුතුයග

පපුවේ ගැස්ම

සාමාන්‍යයෙන් මිනිස් හදවත විනාඩියකට 60-80 වාරයක් ක්‍රමානුකූලව ගැහෙමින් පවතීග මේ සාමාන්‍ය ගැස්ම මිනිසාට දැනෙන්නේ නැතග

බිය වු විටෙකදී කලබල වූ විටෙක දී හෘදයේ ගැස්ම සාමාන්‍යයට වඩා ප්‍රබල වෙයිග එසේ විපරිත වූ විට පමණක් හදවතේ ගැස්ම විඥානයට හැඟෙයිග ගැස්මක් ඇති බවක් දැනෙන්නේ එවිට පමණිග

බොහෝ අවස්ථාවන්හි මේ පපුවේ ගැස්ම රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන්නා වූ සාමාන්‍ය සංසිද්ධියකිග

ඇතැම් අවස්ථාවලදි පමණක් පපුවේ ගැස්ම ශරීරයේ හෝ හෘදයේ හෝ ඇති රෝගයක එක් අංශයක් නිරූපණය කරන රෝග ලක්ෂණයකිග

එබදු රෝග සමහරක් නම්

වායු ගෙඩි හේතුවෙන් ඇති වන විෂ වීම

හෘදය වස්තුව ඉදිමීම

මද්‍යසාර විෂවීම

දැඩි මානසික අසහනය යන මේවායග

පපුවේ ගැස්ම විටකදී ගැස්සීම් :එකකට රැ දෙකකට- පමණක් සීමා වේග ඇතැම් විටෙකදී මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් හෝ පුරා අඛණ්ඩව සීඝ්‍ර ගැස්ම පවතීග මේ කවර ආකාරයේ ගැස්මක් වුවද නැවත නැවතත් ඇති වීමට ප්‍රවණතාවක් ඇතග

ඖෂධ මඟින් ප්‍රතිකාර කරනු ලබන්නේ භයානක :දරුණු- ගැස්ම පමණකිග බොහෝ ගැස්ම ජිවිත හානියට තුඩු නොදෙන බැවින් දීර්ඝකාලීන ඖෂධ ප්‍රතිකාරය මඟින් යටපත් කිරීමට වෛද්‍යවරු මැලි වෙතිග රෝගියා මේ අමුතු ගැස්ම නිසා අසහනයට පත් වුවහොත් පමණක් ඖෂධ මඟින් ගැස්ම යටපත් කරනු ලැබේග

ගැස්ම ඇති රෝගියා ද පහත සඳහන් කරුණු වලින් වැළකී සිටිය යුතුයග

 ඉතා තද කහටට පෙරූ තේ පානය

 ඉතා තද කහටට පෙරූ කෝපි පානය

:මෙහි ඉතා කහටට යැයි කියන ලද්දේ කිරි මුසු නුමුසු බව සලකා නොවේග තේ හෝ කෝපි හෝ කුඩු ස්වල්පයක් දමා දිගු කාලයක් තැම්බෙන්නට ඉඩ දුන් කල තේරැකෝපි දියරය ඉතා තද පැහැ ගැන්වේග අඩු කහට පැහක් ලබනු සඳහා තේ රැකෝපි කුඩු තේ හැඳි එකක් පමණ දමා විනාඩි දෙක තුනක් පමණක් තැම්බෙන්නට හරින්නග-

 කෝලා වර්ගයේ බීම

 කැස්සට සෙමට පීනසට ඇදුමට බටහිර බෙහෙත් ක්‍රමයේ දෙනු ලබන ඖෂධ පෙති හා පැණි වර්ග

 මද්‍යසාරය රැ විටමින් :පැණි-ල අරිෂ්ට- මද්‍යසාරය ඇතග

 මානසික අසහනය

 ඇතැම් ප්‍රතිජීවක ඖෂධ :එරිත්‍රොමයිසින් විශේෂයිග-

curtesy :dinamina.lk

​සිංහල ලිපි

  • තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීමට බලපාන හේතු නිසාදරෑ

    ඇතැම්විට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමෙන් පසු ස්වසන අපහසුතාල කථන දුර්වලතාල කැල්සියම් ප්‍රමාණය අඩුවීමල අධික රුධිර ගලනය වැනි සංකූලතා ද මතුවීමට ඉඩ ඇති නමුදු ඖෂධ ප්‍රතිකා
  • මොළයට පණ දෙන්නට කනවා නම් මෙන්න කෑම

    ස්ට්‍රෝබෙරිල රතු මිදිල ජම්බුල ලොවි ඇතුළු බෙරි පවුලට අයත් පලතුරු තුළ ඉතා ඉහළ ප්‍රමාණයෙන් ප්‍රති - ඔක්සිකාරක සහ ඇන්තොසයනීන් අඩංගු අතර මොළයේ සෛල ධූලක :විෂ- වලින් ආරක්ෂා කිරීමට ඒවා සමත්ය
  • ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් නිසා බිහිරිවීමේ ලකුණු

    අප සැමගේම කන්වල බැක්ටීරියා ඇතග ඒවා අපට සතුරු නොවේග එහෙත් වෙනත් කෙනෙකුගේ කනේ පවතින බැක්ටීරියා තවත් කෙනෙකුට සතුරුයග ඒ නිසා ආසාදන ඇති වීමට පුළුවනග යාළු මිතුරුකමට ඉයර්ෆෝන්ල හෙඩ්ෆෝන් හුවමාරු කර ගනිමින් භාවිත
  • වැඩිපුර කේන්ති ගියොත් හෘදයාබාධයක් ඇතිවෙන්නට පුළුවන්

    ඔබටත් නිතරම තරහ යනවදරෑ ඒ මදිවට හයියෙන් කෑගහන්නත් යනවදරෑ තරහ ගිහින් මේ විදිහට කඩා පනින එක හදවතට අපලයි කියල පසුගියදා යුරෝපීය හෘද සඟරාවක තිබුණු අධ්‍යයන වාර්තාවක දැක්වුණාග මේ වාර්තාව පවසන විදිහට තරහ ගිහින් කඩා පනින අයට ඊළඟ පැය 2 ඇතුළතදී හෘදයාබාධයක් හැදෙන්න තියෙන ඉඩ හුඟාක් වැඩියිග
  • හිසරදය රෝග රැසක ලක්ෂණයක්

    නියුරැල්ජියා යනු වේදනා සෛල උද්දීපනයෙන් තොර තනි හෝ ස්නායු කීපයක ඇතිවන වේදනාවකිග මෙම වේදනාව දරාගත නොහැකි වේදනාවකිග ආබාධයට ලක් වූ ස්නායුව අනුව වේදනාව ඇතිවන ස්ථානය ද වෙනස් වේග