කෙටි කොණ්ඩයකට මොන තරම් ලස්සනක් ද

සාදයක දී කැපී පෙනෙන චරිතයක් වෙන්න කොයි කවුරුත් කැමැතියි. එහිදී වඩාත් වැදගත් වන්නේ පෙනුමයි. කොතරම් හොඳින් ඇන්දත් හෙයාස්ටයිල් එක ඇඳුමට, ඔබේ පෙනුමට ගැළපෙන්නේ නැතිනම් සුන්දර පෙනුමක් නොලැබී යාවි.
මෙම කොණ්ඩා මෝස්තරය වඩාත් ගැළපෙන්නේ තරුණ වියේ සිටින, විලාසිතා අගයන කෙළිලොල් යුවතියකට යි. තරමක කෙටි කෙස් කලඹක් ඇති යුවතියකට වුවත් මේ කොණ්ඩා මෝස්තරය ඉතාමත් පහසුවෙන් දැමීමට පුළුවන්.
පළමුව ඉදිරිපසින් කොණ්ඩය පැත්තට පීරා කෙස් කොටසක් ඉතිරි වන සේ අනෙක් කෙස්වලින් කොටසක් බැක්කෝම්බ් කරන්න. එම බැක්කෝම්බ් කළ කෙස් වැසෙන සේ ඡායාරූපයේ පෙනෙන පරිදි එම කෙස් පීරා පසුපස පැත්තකට ගෙන කොණ්ඩා කටුවලින් රඳවන්න.
ඉන්පසුව අනෙක් පැත්තේ කොණ්ඩය ලිහිල්ව කරකවා (අඹරවා) හිස පිටුපසට ගෙන කොණ්ඩා කටුවලින් රඳවා ගන්න. දැන් පසුපස ඇති කෙස් කොටස් ද ඉහත ආකාරයට ලිහිල්ව අඹරවමින් කොණ්ඩා කටුවක අධාරයෙන් රඳවන්න.
ඉදිරිපසින් පැත්තට පීරා ඉතිරි කළ හිසකෙස් කොටස බම්ප් එකක් ආකාරයට සකසා හෝ විහිදී යන අයුරින් අතින් සකසා කොණ්ඩා කටුවලින් රඳවන්න.
ඉන්පසුව පසු පසින් ඉතිරි වී ඇති කෙස් කොටස් කලින් හිසකෙස් රඳවා ගත් තැනට ම සම්බන්ධ වන සේ රඳවන්න.
අවසානයේ දී ඇඳුමට ගැළපෙන වර්ණයකින් මලක් හෝ හිස සැරසිල්ලක් රඳවා ගැනීමෙන් වඩාත් අලංකාර කොණ්ඩා මෝස්තරයක් සකසාගත හැකියි.
ගවුමකට, සාරියකට, සල්වාර් විලාසිතාවකට වුවද මෙම කොණ්ඩා මෝස්තරය ගැළපෙන අතර ඔබ එය අලංකාර කිරීමට රඳවන සැරසිල්ල අනුව තවත් සුන්දර කරගත හැකියි.
සිංහල ලිපි
-
හිස්හොරිවලින් හිස නිදහස් කරගැනීමට නම්...
2019-02-20 11:22:00 Views 208 Read More...'නීල දිගු කෙස් කලඹ..' බොහෝ සාහිත්‍යකරුවන්ගේ, ගේය පද රචකයන්ගේ ස්ත්‍රී වර්ණනාවට බඳුන් විය. එයින්ම සුන්දර
-
තෙත කොණ්ඩය ඇති කරන රෝග
ඔබ රාත්‍රී කාලයේදී නාන කෙනෙක් නම් බොහෝ විට තෙත් වූ හිසකෙස් සහිතව නින්දට යනවා වෙන්න පුළුවන්.
-
නිරෝගී දිගු කෙස් කලඹක් ලබා ගන්න ගෙදරදීම කරන්න පුළුවන් දේවල්
හැම කාන්තාවක්ම තමන්ගේ කොණ්ඩය ලස්සනට නිරෝගී සහ දිගට තියා ගන්නට උත්සාහ කරනවා. ඔබට සතියකටත් -
නිවෙසේදී හෙයාර් අයන් එකක් පාවිච්චි කරනවා නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා...
ගොඩක් තරුණියන් කොණ්ඩ විලාසිතා දාන්න දැන් සැලුන්වලටම යන්නේ නැහැ. හොයර් අයන් එකක් -
ෆර්ම් කිරීම හෙවත් හිසකෙස් රැලි කිරීම
NVQ Level - 4 හදාරන විට ෆර්ම් කිරීම පිළිබඳව න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් ලබා තිබීම -
නිරෝගී දිගු කෙස් කළඹකට ලොකු ලුණූ යුෂ
බොහෝ කාන්තාවන් නිරෝගී , දිගු කේශ කලාපයක් හිමි කර ගන්නට නෙකරන දෙයක් නැත. ඒ සඳහා විවිධ විටමින් -
අකලට කෙස් පැසීම වලක්වා ගන්න මෙන්න මේ පුංචි කෑම වේල හදාගන්න
කලට හිසකෙස් පැසීම අද කාලයේ බොහොදෙනෙක් මුහුන දෙන ගැටලුවක් බවට පත්ව තිබෙනවාග අහාර රටාව