සිනිදු දිදුළන කෙස්කළබක් ලබාගන්න නිවසේදිම කළ හැකි සරල දේවල් මෙන්න

views 2018-10-01 01:43:00 Hair_New

අපගේ හිස කෙස් නිරෝගිමත්ව තබා ගැනිමට අප බොහෝ දෙනා වෙහෙසෙන අතර පිරිමි පාර්ශවයට වඩා තම රූපය ගැන සැලකිලිමත් වන කාන්තාවන් පාර්ශවය ඒ ගැන වැඩි උණන්දුවක් දක්වයි.

තමන්ගේ හිසකෙස් සිනිදුව , නිරෝගිමත්ව තබා ගන්න බොහෝ වෙහෙසෙන ඔවුන් නොයෙකුත් ආලේපන වර්ග හා ෂැම්පු වර්ගා භාවිතයට පුරුදුව සිටියි. නමුත් ඇතැම් අවස්තාවගලදි නිසි ප්‍රමිතියකින් තොර ආල්පෙන වර්ග භාවිතය නිසා ඔබගේ කෙස්වලට හානිවන අවස්ථාද එමටය. මේ අතර පහතින් දක්වා ඇත්තෙ නිවසේදිම ඔබගේ කෙස් කළබ සිනිදු දිදුළන ස්වාභාවයක් ඇති කර ගැනිමට කරගත හැකි සරල ක්‍රම කීපයකි.

1 බීත්තර , මී පැණි සමග ඔලිව් ඔයිල් (Eggs,honey,olive)

බීත්තර වල ඇදි පොෂණිය ගුණයමගින් ඔබගේ හිසකෙස් නිරෝගිමත් කරගත හැකි අතර ඔබගේ පළුදු වු හිසකෙස් සදහා සහනයක් ලබා ගැනිමේ හැකියාවද ඇත. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.
බීත්තර සුදු මදය සමග ,මි පැණි තේ හැන්දක් සහ ඔලිව් ඔයිල් තේ හැන්දක් බැගින් මිශ්‍ර කර ගනිමින් පාප්පයක් (paste) මෙන් සාදා ගන්න.
දැන් ඔබ සාදාගත් ඉහත මිශ්‍රණය හිස් කබලේ සහ හිස් කෙස් වල හොදින් ගැවෙන පරිදි දමා සම්භාහනය කරගන්න. (තෙත කොණ්ඩයට)
ඊන්පසු විනාඩි 30ක් පමණ තබා ෂැම්පු භාවිතා කර සිසිල් වතුරෙන් සොදා හරින්න.
බිත්තර භාවිතා කළ හැකි තවත් ක්‍රමයක්
බිත්තර දෙකක් ගෙන පෙණ නගින් ස්වාභාවයට පත්වනතුර කවලම් කරගන්න (බීටරයක් භාවිතා කිරිම වඩාත් සුදුසුයි)
දැන් එයට ආමන්ඩ් ඔයිල් තේ හැදි දෙකක් සහ යෝගට් කොප්ප එකහමාරක් එක්කර ගන්න .
ඉහත මිශ්‍රණය හොදින් සාදාගත් පසු, එය භාවිතා කරමින් ඔබගේ හිස්කබලට වදින තෙක් එය ගල්වා කොණ්ඩය සම්භාහනය කරන්න.
දැන් විනාඩි 30ක් පමණ තබා ෂැම්පු භාවිතා කර සිසිල් ජලයෙන් සොදා හරින්න.
ඉහත ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිපළ ලබාගන්න නම් සතියකට වරක් වත් එය කරන්න. කිසි විටකත් සේදිම සදහා උණුසුම් වතුර භාවිතා නොකරන්න.
2 බියර් භාවිතය (Beer) 

බියර් බීමට ගන්නවා මිසක් කොණ්ඩය සදහා භාවිතා කරන බව මීට පෙර දැන සිටියාද ? බීර වල ඇති ගුණාංග සහ අඩංගු ද්‍රව්‍ය මගින් පළුදු වු හිස කෙස් සදහා සහනයක් ලබා ගත හැකි රසායනික ද්‍රව්‍ය අඩංගු වෙයි. එය යොදා ගන්නෙ මෙහමෙයි.
ෂැම්පු යොදා ඔබගේ හිස කෙස් සොදන ගමන් එයට බියරද එක්කර ගනිමින් හිස් කෙස්වල අගසිට මුලට හොදින් සම්භාහනය කරන්න.
ඔබගේ හිස්කබල දක්වා වෘත්තාකර ස්වාභාවයෙන් (circular motions)සම්භාහනය කරන්න 
දැන් විනාඩි 5ක් පමණ තබා සොදා හරින්න.
සති දෙකකට වරක් මෙම ප්‍රතිකර්මය කර සාර්ථක ප්‍රතිපළ ලබාගන්න
3 පිරිසිදු පොල් තෙල් සහ කරපිංචා (Coconut Oil and curry leaves) 

අප එදිනෙදා ජවිතයේදි බහුලව භාවිතා කරන පොල් තෙල් සහ කරපිංචා යොදා ගනිමින් සාර්ථකන ඔබගේ හිස කෙස් සිනිදු දිදුලන කෙල් බවට පත්කර ගත හැකි ක්‍රම 2ක් පහතින් වෙයි
පළමු ක්‍රමය
මදක් උණුසුම් පොල්තෙල් (අතින් ඇල්ලිය හැකි තරම් උණසුම්) ස්වල්පයක් ගෙන විනාඩි කීපයක් ඔබගේ හිස කෙස්වල ගල්වමින් සම්භාහනය කරන්න.
දැන් තුවායක් හෝ shower cap එකක් ගෙන ඔබගේ හිස ආවරණය කර විනාඩි 30ක් පමණ තබන්න
දැන් ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කර හිස කෙස් සොදා හරින්න
දෙවන ක්‍රමය
කරපිංචා කොළ කීපයක් ගෙන පොල් තෙල් මේස හැදි 3කට පමණ එක්කර රත්කරගන්න
දැන් එය මදක් සිසිල් වන්නට තබා එමගින් ඔබලේ හිස කෙස් හිස් කබල දක්වා හොදින් මසාජ් කරන්න 
දැන් එයත් ඉහත පරිදිම තුවායකින් විනාඩි 30ක් පමණ ආවරණය කර තබන්න
ඊන් පසු මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර සොදා හරින්න.
මේය සති දෙකකට වරක්වත් කරන්න
3 ඉදුණු අලිගැට පේර , කෙසෙල් සහ ආමන්ඩ් ඔයිල් ( mashed ripe avocado,banana,olive oil)

රසවත් පළතුරු දෙකක් වන අලිගැට පේර සහ කෙසෙල් භාවිතා කරමින්ද හිසකෙල් දිප්තිමත් සහ නිරෝගිව තබා ගත හැකි ක්‍රම දෙකකි.
පළමු ක්‍රමය  
හොදට ඉදුණු අලිගැටපෙර ගෙඩියක් සමගින් ඔලිව් ඔයිල් තේ හැදි දෙකක් එක්කර හොදින් මිශ්‍රකර ගන්න.
දැන් එය ඔබගේ තෙත කොණ්ඩයට එක්කර හොදින් සම්භාහනය කරගන්න.
ඊන් පසු shower cap එකක් භාවිතා කරමින් විනාඩි 30ක් පමණ ආවරණය කර තබන්න 
දැන් එය ෂැම්පු භාවිතා කරමින් සොදා හරින්න
දෙවන ක්‍රමය
හොදින් ඉදුණු අලිගැටපේර ගෙඩියක් සමගින් කෙසෙල් ගෙඩියක්ද එයට තේ හැදි එකහමාරක් පමණ ආමන්ඩ් ඔයිල්ද එක්කර හොදින් මිශ්‍රකරගන්න.
දැන් එම මිශ්‍රණය භාවිතා කරමින් හිස කෙස් හොදින් මසාජ් කරන්න.
එයද එහත පරිදිම විනාඩි 30ක් ආවරණය කර තබන්න.
දැන් එය සිසිල් ජලයෙන් ෂැම්පු භාවිතා කර සොදා හරින්න
ඉහත ක්‍රම දෙකෙන්ද නිසි ප්‍රතිපළ ලබන්න සති දෙකකට එක්වරක් වත් එම ප්‍රතිකර්මය කරන්න  


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල