නළලේ දෙකෙළවර හිසකෙස් ඔබෙත් ගැල වී යනවාද? නවත්වා ගන්නට මෙන්න පිළියම් 

views 2018-07-14 12:43:00 Hair_New

නළල දෙකෙළවර තට්ටය පෑදීමට හේතුව ඔබේ නළල දෙකෙළවර හිසකෙස් ඝනත්වය, ඔබේ හිසේ අනිත් ප්‍රදේශලට සාපේක්ෂව අඩුවීමයි.
 
මෙය පිරිමි හා කාන්තා දෙපාර්ශවය තුළම දක්නට ලැබුණත් හිසකෙස් තුනීවීම ආරම්භය හිස මැද නොව නළල දෙකෙළවර සිදුවීම, පිරිමි අයගේ තට්ටය පෑදීමේදී ඇතිවන ආවේණික ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකියි.

නමුත්, ඔබේ නළල දෙකෙළවර කෙස් තුනීවීම සිදු වේ නම් ඔබේ හිස මුදුනෙන් කෙස් ගැල වී යාමත් ඒත් සමඟම සිදුවීමට ඇති අවස්ථාව වැඩිය.

ඒ වගේම නළලේ එක් කෙළවරක පමණක් වුව ද මෙම තත්ත්වය ඇති විය හැකියි.

මෙම තත්ත්වය ඇතිවීමට ජානමය බලපෑමක් ද තිබෙනවා. එනම්, මෙය පරම්පරාවෙන් උරුම වන්නට පුළුවන්. සමහර අවස්ථාවල හිසකෙස් දිගු කරන උපක්‍රම (Hair Extensions)  අධි භාවිතයත්, හිසකෙස් තදින් ඇදීමට ලක්වන කොණ්ඩා බැන්ඩ් (Hair Bands) සහ කොණ්ඩා මෝස්තර යොදා ගැනීමත් නිසා මෙම තත්ත්වය ඇති විය හැකියි. ඒ වගේම හෝර්මෝන වෙනස්කම් නිසා ද අකලට හිසකෙස් වැටීම සිදුවේ.

නළල දෙකෙළවර තට්ටය පෑදීම නතර කිරිම සඳහා කළ හැකි ප්‍රතිකාර.

පොල්තෙල්

මදක් උණුසුම් වනතෙක් පොල්තෙල් තත්පර කිහිපයක් රත් කරගන්න.ඉන්පසු එම පොල් තෙල් යොදාගෙන මිනිත්තු 15 ක් පමණ හිස්කබල, විශේෂයෙන්ම නළල දෙකෙළවර හොඳින් සම්බාහනය කර අවසන් වූ පසු, හිසකෙස් දිගේ ද මෙම තෙල් ආලේප කරන්න. මෙලෙස තෙල් ආලේපකර මිනිත්තු 30 ක් පමණ තිබෙන්නට ඉඩ හරින්න. ඉන්පසු සල්ෆේට් අඩංගු නැති ෂැම්පු වර්ගයක් යොදා ගෙන සිසිල් හෝ මඳක් උණුසුම් ජලයෙන් හිස හොඳින් සෝදන්න. මෙය සතියකට දෙතුන් වතාවක් සිදු කරන්න.පොල්තෙල්වල අඩංගු මේද අම්ල හිස් කබල සහ හිසකෙස් තුළට ගමන්කර ඒවා පෝෂණය කිරීම සිදු කරයි. පොල්තෙල් හිස් කබලෙහි විසබීජ නාශක හැකියාව වැඩි දියුණු කිරීමට උපකාර වෙයි.

කුරුඳු, මීපැණි මිශ්‍රණය

කුඩා බඳුනකට කුරුඳු කුඩු මේස හැඳි 2 ක් ගන්න. එයට මීපැණි මේස හැඳි 1 ක් හා ඔලිව් තෙල් මේස හැඳි 2 ක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හිස් කබලෙහි හා හිසකෙස්වල හොඳින් ගල්වා මිනිත්තු 40 ක් පමණ තබන්න. ඉන්පසු සල්ෆේට් අඩංගු නැති ෂැම්පු වර්ගයක් යොදාගෙන සිසිල් හෝ මඳක් උණුසුම් ජලයෙන් හිස හොඳින් සෝදන්න. මෙය සතියකට දෙවතාවක් සිදු කරන්න.

කුරුඳුවල අඩංගු කෝලීන්, පොටෑසියම් සහ විටමින් ඒ , ඕ සහ ඡ් මඟින් හිසකෙස් වර්ධනය වේගවත් කිරීම සහ නළල කෙළවර හිසකෙස් නැවත වර්ධනය කිරීම සිදු කරයි.


curtesy :tharunie.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල