හිසකෙස් රකින සාර්ථක ස්වාභාවික සත්කාර 6 ක් මෙන්න

views 2018-05-02 03:48:00 Hair_New

හිසකෙස් ගැන ප්‍රශ්න නැත්තේ කාටද? අකලට හිසකෙස් පැසීම, කැඩීම, ගැලවී යාම, හිසකෙස් තුනී වීම, හිස්හොරි ආදී ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයක් හරි කෙනෙකුට තියෙනවා. කොයිතරම් ප්‍රතිකාර කළත් හිසකෙස් ප්‍රශ්ණ වලට විසදුමක් නෑ කියලා මැසිවිලි කියන අය වෙනුවෙන්මයි මේ ස්වාභාවික සත්කාර ඉදිරිපත් කරන්නේ. වැඩි මුදලක් වැය නොකර පහසුවෙන් කරන්න පුළුවන් මේ සත්කාර වලින් 6 න් ඔබේ හිසකෙස් ගැටලුවට පිලියමක් ලබාගත හැකියි.

01. බිත්තර සත්කාරය

බිත්තර කියන්නේ වියළි හිසකෙස් වලට තෙතමනය ගෙනදෙන ස්වාභාවික මොයිස්චරයිසරයක්. සෝදා පිරිසිදු කරගත් හිසකෙස් වල බිත්තර සාරු තවරා විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

02. මී පැණි සත්කාරය

ඔබ භාවිත කරන කන්ඩිෂනර් වර්ගයෙන් මේස හැන්දක් ගෙන එයට මී පැණි මේස හැඳි 2ක් මිශ්‍රකර හිසකෙස් වල තවරා විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙයින් හිසකෙස් වලට මෘදු දීප්තිමත් බවක් ලබාගත හැකියි.

03. බේකින් සෝඩා සත්කාරය

බේකින් සෝඩා තේ හැන්දක් වතුර කෝප්පයකට මිශ්‍රකර හිසකෙස් මත තවරා විනාඩි 5ක් තිබෙන්නට හැර සෝදා හරින්න. මෙයින් කැඩෙන පළුදු වූ හිසකෙස් ශක්තිමත් වෙනවා.

04. යෝගට් සත්කාරය

බිත්තරයකට යෝගට් මේස හැඳි 2ක් මිශ්‍රකර හිසකෙස් වල ගල්වා විනාඩි 5ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙමගින් ලැබෙන ප්‍රෝටීන් හිසකෙස් පෝෂණය කර වැඩීම ඉක්මන් කරයි.

05. ලෙමන් සහ මී පැණි සත්කාරය

හිසකෙස් සේදීමෙන් පසු හිසකෙස් වල තෙතමනය තිබියදීම ලෙමන් යුෂ මේස හැඳි 2කට මී පැණි බින්දු කිහිපයක් එක්කර හොඳින් කලවම් කර හිසකෙස් මත ගලවන්න. එය වතුරින් නොසෝදා එසේම වියැළෙන්නට හරින්න. මෙම සත්කාරයෙන් හිසකෙස් වල අඳුරු දුර්වල පෙනුම නැතිවී මනා ශක්තිමත් බවක් සහ පෙනුමක් ලබාදෙනවා.

06. ඔලිව් තෙල්

හිරු එළියට වැඩි වේලාවක් නිරාවරණය වීම නිසා පලුදු වූ හිසකෙස් වලට නව පණක් ලබාදීමට ඔලිව් තෙල් මේස හැඳි දෙකකට මී පැණි තේ හැඳි භාගයක් සහ බිත්තර කහමදය තේ හැඳි 1ක් එකතු කර හොඳින් මිශ්‍රකර හිසකෙස් වල තවරා විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

curtesy : asapuwa.info


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල