හරිම ලේසියෙන් ඔයාගේ කොණ්ඩයටත් හෙයාර් මාස්ක් එකක්…

views 2018-01-16 12:14:00 Hair_New

සැලෝන් එකකින් හෙයාර් ට්රීට්මන්ට් එකක් නැතිනම් සාත්තුවක් කරගන්න කවුද අකමැති වෙන්නේ?ඒ වුනත් ඒක ටිකක් මිල අධික කටයුත්තක්.ඒ නිසා කොච්චර කැමති වුනත් බොහෝ දෙනා ඒ වගේ ට්රීට්මන්ට් එකක් කරගන්න ටිකක් අදිමදි කරනවා.ඒ වුනත් ඒකෙන් ලැබෙන ප්රතිඵලය නම් ඔයා බලාපොරොත්තු වුන විදියටම ලැබෙනවා.එහෙමයි කියලා අධෛර්යමත් වෙන්න එපා යාළුවනේ.ඔයාටත් පුළුවන් ගෙදරදීම ඔයාගේ කොණ්ඩයට නියම තෙතමනයක් ලැබෙන හොඳම විදියේ සාත්තුවක් ලබාදෙන්න.හරිම පහසුවෙන් වගේම,ඔයා කැමති විදියටම.ගෙදරදීම කරන්න පුළුවන් මේ හෙයාර් මාස්ක් කිහිපය ඔයාගේ අකීකරු,තෙල් සහිත කොණ්ඩයට ගැළපෙනවා වගේම ඔයාගේ කොණ්ඩය ශක්තිමත් කරන්නත් කදිමයි.

01. අකීකරු කෙස්කළඹ මට්ටු කරන හෙයාර් මාස්ක් එකක්.

අවශ්ය වෙන්නේ ;
යෝගට් කෝප්ප භාගයක්
මීපැණි කෝප්ප භාගයක්
ආමන්ඩ් ඔයිල් මේස හැන්දක්

මේ ද්රව්යය සියල්ලම හොඳට මිශ්ර කරලා,ඔයාගේ මුළු කොණ්ඩයේම ආලේප කරන්න.මිනිත්තු 20කින් පස්සේ ෂැම්පු සමඟින් මාස්ක් එක හොඳින් සෝදාහරින්න.මාසෙකට සැරයක් වගේ මෙම සත්කාරය කරනවානම් ඔයාගේ අකීකරු කොණ්ඩය මට්ටු කරන්න හරිම ලේසියෙන්ම පුළුවන්.

02. කොණ්ඩය ශක්තිමත් කරන හෙයාර් මාස්ක් එකක්

අවශ්ය වෙන්නේ ;
බිත්තරයක්
කෙසෙල් ගෙඩියක්
මීපැණි මේසහැඳි දෙකක්.
අලිපේර ගෙඩි භාගයක්
ඔලිව් ඔයිල් මේසහැඳි තුනක්.
බටර්මිල්ක් මේසහැඳි තුනක්.

කෙසෙල් ගෙඩිය හොඳින් පොඩි කරගන්න.පසුව බිත්තරය සහ අලිපේර ගෙඩි භාගය සමගින් හොඳින් මිශ්ර කරගන්න.ඉතා මෘදු ක්රීම් ස්වභාවයක් එනතෙක් මිශ්ර කරගත් මෙම මිශ්රණයට බටර් මිල්ක් සහ මීපැණි,ඔලිව් ඔයිල් ආදිය එක්කර හොදින් මුසුකරගන්න.පසුව ඔයාගේ මුළු කොණ්ඩයේම මෙම මිශ්රණය ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හරින්න.සුපුරුදු සේදීමෙන් පසුව ඔයාගේ කෙස්කළඹ සෞඛ්යසම්පන්න වගේම සවිමත් බවකින් යුතු බව හොඳින්ම දැකගන්න පුළුවන් වේවි.

homemade-hair-mask
03. තෙල් සහිත කෙස්කළඹට හෙයාර් මාස්ක් එකක්.

අවශ්ය වෙන්නේ ;
යෝගට් මේස හැඳි 05ක්
බේකින් සෝඩා මේස හැන්දක්
ලෙමන් යුෂ මේස හැන්දක්

සියලු ද්රව්ය හොඳින් මිශ්ර කර කෙස්ගස් වල මූලයන් වලට කාවදින සේ මිශ්රණය ආලේප කර හොඳින් අතුල්ලන්න.මිනිත්තු 30කට පසුව සෝදා හරින්න.ඔබේ කොණ්ඩය තෙල් සහිත බවින් වැඩි නම් සතියකට වරක් පමණ මෙම හෙයාර් මාස්ක් එක භාවිතා කරන්න.

curtesy :beautifulu.lk


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල