නිරෝගී කෙස් කලඹක හිමිකාරියක් වෙන්න

views 2017-08-16 11:08:00 Hair_New


දුටුවන් නෙතු බඳිනා මොනර පිලක් වැනි කෙස් කලඹක් යනු කාන්තාවකට නම් වටිනා ආභරණයක් හා සමානයිග ඇයගේ සොඳුරු රුව වඩාත් ඔප් නංවන මේ කේශ කල්‍යාණයල පංච කල්‍යාණයේ තවත් ප්‍රබලතම කල්‍යාණයකිග

ඕනෑම යුවතියක් වඩාත් ප්‍රිය කරන්නේ හිස් මුදුනේ සිට ඒකාකාරීව පහළට ගලා හැලෙනා දිගු කෙස් කලඹකටයිග හිසකෙස්වල ස්වභාවයල පැහැයල දිගුබවල ප්‍රමාණය මේ ආදී බොහෝ දෑ තීරණය කරන්නේ ජානමය සාධක මඟින් වුවද ඔබගේ උනන්දුවල කැපවීම හරහා නිරෝගී අලංකාර කෙස් කලඹක් පවත්වාගෙන යාම එතරම් අසීරු කරුණක් නොවේග එබැවින් රුව වඩන අසිරිමත් වෙදකම යටතේ අද අපි නිරෝගී කෙස් කලඹක් හිමි කරගන්නා ආකාරය සොයා බලමුග

සාමාන්‍යයෙන් හිසකෙස්වල නිරෝගීබව සඳහා බාහිර සත්කාර කිරීම පමණක් නොසෑහේවිග මන්ද මේ බාහිර සත්කාර සමඟම අභ්‍යන්තර පෝෂණය ලබාදීමත් අනිවාර්යෙන්ම කළයුත්තකිග

නිරෝගී කෙස් කලඹකට ගතයුතු ආහාර

කැල්සියම්

විශේෂයෙන්ම හිසකෙස් වර්ධනය සඳහා කැල්සියම් අත්‍යවශ්‍යයිග එබැවින් එම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කුඩා මාළු වර්ග මෙන්ම හාල්මැස්සන් ද ඔබේ ආහාර වේලට එකතු කරගන්නග

ඛනිජලවණ

අයන සහ සින්ක් යන ඛනිජලවණ වර්ග ද හිසකෙස්වල නිරෝගී වර්ධනය සඳහා බලපානු ලබයිග එබැවින් මස්ල මාළු ආදිය මෙන්ම ගෝවා වැනි එළවළු වර්ගත්ල පරිප්පු වැනි ධාන්‍ය වර්ගත්ල බිත්තර කහමද වැනි දෑ හරහා එම ඛනිජලවණ ඔබේ සිරුරට ලබාගත යුතුයිග

ප්‍රෝටීන් සහ විටමින්

හිසකෙස්වල ශක්තිමත් බව රඳා පවත්වා ගැනීමට සහ මනා වර්ධනය උදෙසා ප්‍රෝටීන් මෙන්ම විටමින් ච් සහ ඕ සංකීර්ණය ද අවශ්‍ය වේග අප ආහාරයට ගන්නා විවිධ ධාන්‍ය වර්ගල වට්ටක්කා

ඇටල හතුවර්ගල පිරිසුදු කොකෝවා සාරයල අලිගැටපේර වැනි ආහාර හරහා මේවා ලබාගත හැකියිග

අකලට හිසකෙස් ගැලවී යාම

පෝෂණ දුර්වලතා නිසා දුර්වල කෙස් කලඹක් හිමිවනවා සේම අකලට හිසකෙස් පැසීමල ගැලවීයාම වැනි දෑ ද සිදුවේග විශේෂයෙන්ම ජීවිතයේ විවිධ අවස්ථා සහ විවිධ සෞඛ්‍ය ගැටලු නිසා ද මේ තත්ත්ව උදාවිය හැකියිග

උදාහරණයක් ලෙස ගැබිනි සමයේදී සේම දරුවන්ට කිරිදෙන අවධියේ දී ද හිසකෙස් ගැලවීයාම දැකිය හැකියිග ඊට අමතරව හෝමෝන අසමතුලිතතාවයන් නිසා ද අධික ස්ථුලභාවයෙන් පෙළෙන අය ද පිළිකා වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන විට මෙන්ම මානසික පීඩනය නිසා ද අකලට හිසකෙස් වැටීයාම සිදුවේග

රාත්‍රී කාලයේ ස්නානය සහ හිසකෙස් තෙත්ව පැවතීම නිසා ද සැමවිටම පෝෂණ ගුණයෙන් යුත් එළවළුල පලතුරුල පලා ආහාර වේලට එකතුකර නොගැනීම නිසා ඇතිවන මන්දපෝෂණ තත්ත්ව නිසා ද මේ හිසකෙස් ගැලවීයාම දැකිය හැකියිග

මෙවැනි අභ්‍යන්තර ගැටලු නොමැති වුව ද අප විසින් දිනපතා කරනු ලබන වැරැදි චර්යා රටා නිසා ද අකලට හිසකෙස් වැටීම දැකිය හැකියිග විශේෂයෙන්ම හිසකෙස් සේදිම සඳහා යොදන විවිධ සේදුම් කාරක සහ විවිධ වර්ණ ගැන්වීම්ල හිසකෙස් සඳහා යොදනු ලබන විලාසිතා වැනි දෑ නිසා හිසකෙස්වලට හානි සිදුවිය හැකියිග

හිස් කබලේ වියළිබව හිසකෙස්වල පෝෂණයට දැඩිව බලපානු ලබයිග ආයුර්වේදයේ දින චර්යාව සඳහන් වන්නේ කේශ කල්‍යාණයේ නිසි පැවැත්ම රැක ගැනීම සඳහායග එය හිසට පමණක් නොව ඔබේ මනසට ද අපූරු සත්කාරකයක් වේවිග

මේ දේවල් පිළිපදින්න

ෆ ඉර අවරට යෑමට ප්‍රථම :දහවල් 1ග00 ට පෙර- දිය නෑම කරන්නග හැකි සෑම දිනයකදීම දියනාන්නග

ෆ නමුත් සෑම දිනකදීම ෂැම්පු නොයෙදිය යුතු අතර දින තුනකට වරක් ෂැම්පු යොදා හිස සේදීම ප්‍රමාණවත් වේග

ෆ සෑම දිනකම දෙහි ගෙඩියක් සහ උළුහාල් මිටක් තම්බා පොඩිකරගත් යුෂ හිසේ ගල්වා විනාඩි 10 - 20 ක් තබා සෝදා හරින්නග මෙයට වෙරළු කොළ ද සුදුසුයිග

ෆ දිය නෑමෙන් අනතුරුව හොඳින් හිසකෙස් වියළෙන්නට හරින්නග හිසකෙස් වියළීමට කෘත්‍රිම ක්‍රම භාවිත නොකරන්නග

ෆ උදය කාලයේදී එරඬු තෙල්ල පිරිසුදු පොල්තෙල් හිස ගල්වන්නග මෙහිදී තෙල් ස්වල්පය මඳක් රත් කරගතයුතු අතර හිස් මුදුනට තෙල් යොදා ඇඟිලි තුඩින් මුළු හිස්කබලම සම්බාහනය කරන්නග

ෆ විනාඩි කිහිපයක් තිබෙන්නට හැර පනාවකින් මෘදුව හොඳින් පිරන්නග

ඔබ හිරු එළියේ ගමන් කරනවිට ආවරණයක් භාවිත කරන්නටත්ල හිසකෙස් එකතුකර ගැටගසා හෝ ගොතාගෙන යන්නටත් පුරුදු වන්නග

curtesy : tharunie.lk

 

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල