හිස කෙස් ගැලවී යන එක ප්‍රශ්නයක් කරගත් අයට ආයුර්වේද උපදෙස් මෙහෙමයි

views 2017-08-15 10:30:00 Hair_New

කාන්තාවන්ගේ සුන්දර පෙනුම සඳහා කෙස් කලඹ මගින් ලැබෙන පිටිවහල වචනයෙන් විස්තර කිරීමත් අපහසු තරම්ග කෙස් කලඹ සුන්දර වන්නේ එය නිරෝගී වූ විටයිග නිරෝගි කෙස් කලඹක් ලැබෙන්න නම් තමන්ගේ කෙස්වල ස්වභාවය නිවැරදිව හඳුනාගෙන ඊට ගැලපෙන ප්‍රතිකාර කළ යුතුයිග
හිස කෙස්වල එක එක වර්ග තිබෙනවාග සිනිඳුල රළුල කැරලි සහිතල සෘජු ආදී වශයෙන් නොයෙකුත් ආකාරවලට මේවා වර්ග කරන්න පුළුවන්ග ආයුර්වේදයේ ප්‍රකෘතිය යනුවෙන් සඳහනක් තිබෙනවාග
වාතල කඵල පිත්ත යන ත්‍රිදෝෂවලට අනුව වාත ප්‍රකෘතිල කඵ ප්‍රකෘතිල පිත්ත ප්‍රකෘති යනුවෙන් දක්වා ඇති අතර අප ඕනෑම කෙනෙක් මේ ප්‍රකෘති තුනෙන් එකකට අයිතියිග
මේ අනුව වාත ප්‍රකෘතිය සහිත අයගේ හිසකෙස් රළු ඝනකම් ස්වභාවයක් ගන්නවාග පිත්ත ප්‍රකෘතියට අයත් වූවන්ගේ අකලට කෙස් සුදුවීමල වැටීම ආදිය බහුලයිග ඒ වගේම පිත්ත ප්‍රකෘතියට අයත් පුද්ගලයන්ගේ හිසකෙස් දුඹුරු පැහැයෙන් යුතුයිග කළු ප්‍රකෘති නම් කළු කැරලි ගැසුණු හිසකෙස් දකින්න පුළුවන්ග
මේ ඕනෑම හිසකෙස් වර්ගයක් තීරණය වන්නේ තමන්ගේ ජාන අනුව තමන්ට හිමි ප්‍රකෘතියට අනුකූලවයිග
හිස කෙස් සම්බන්ධයෙන් බලපාන රෝග තත්ත්වයන් රැසක් තිබෙනවාග හිසකෙස් අකලට පැසීමල අධික ලෙස කෙස් හැලීයාමල උඳුගොව්වා කෑමග
උඳුගොව්වා යනු පියවි ඇසට නොපෙනෙන පර‍පෝෂිතයෙක්ග මෙයට නිසි ප්‍රතිකාර නොකළොත් හිසකෙස් සියල්ල හැලී තට්ටය පෑදෙන්න පුළුවන්ග
මේ හැලෙන කෙස් නැවත හටගන්නේද නෑල හිසේ සම ඉතාම සියුම් ලෙස හැලීයාම :මෙහිදී කෙස් කැසීමල වැටීම සිදුවන අතර මේ තත්ත්වය හිස්හොරිවලට සමානයි- අහුරු ලෙස හිසකෙස් ගැලවීයාමග :මේ රෝගය ආයුර්වේදයේ හැඳින්වෙන්නේ ඛාලිත්‍ය රෝගය ලෙසිනුයි-ල ආදී වශයෙන් කෙස්වලට අදාළ තවත් රෝග තත්ත්වයන් රැසක් දක්වන්න පුළුවන්ග
හිසකෙස්වලට බහුලව බලපාන රෝග තත්ත්වයන් කිහිපයක් ගැන විශේෂයෙන් අවධානය යොමු කළොත් එහිදී මුල්තැන ලැබෙන්නේ අධික ලෙස කෙස් හැලීයාම සහ අකලට හිසකෙස් පැසීමේ තත්ත්වයටයිග
මෙවැනි ප්‍රතිඵල හටගැනීමට බොහෝ කරුණු හේතු වෙනවාග
අකලට කෙස් පැසීම හා අධික ලෙස කෙස් හැලීයාම යන තත්ත්වයන් දෙකම කාන්තාවකගේ රූසපුව කෙරෙහි විශේෂයෙන් බලපානවාග මේ තත්ත්වයන් දෙක ඇතිවන්නේ විවිධ හේතු රාශියක් නිසයිග මේවා හැකිතාක් වළක්වා ගන්නට නම් ඒ හේතු ගැන දැන ඒවා පාලනය කරගැනීම වැදගත්ග
නිතර ශාරීරිකව හා මානසිකව දැනෙන වෙහෙසකාරී බව එනම් මානසික ආතතිය කෙස් අකලට පැසීම හා වැටීම සඳහා බලපාන ප්‍රධාන හේතුවක්ග ඒ වගේම ඔබ නිතර කෝපයෙන් ද්වේෂයෙන් හෝ ශෝකයෙන් පසුවන කෙනෙක් නම් මෙවැනි සිතුවිලිද හිසකෙස්වල ඉහත කී තත්ත්වයන් ඇතිවීම සඳහා මුල් වෙනවාග
හිස් හොරිදල කෙස්වැටීම හා පැසීම ඇතිකරවන තවත් රෝගී තත්ත්වයක්ග හිස්හොරි ඇතිවීම යනු හිසේ මතුපිට සම දිරාපත් වීමයිග දුම්ල දූවිලි ආදී වූ පරිසරයේ විවිධ දූෂිත තත්ත්වයන් හිසේ මතුපිට සම දිරාපත්වීමට ප්‍රබල ලෙසම හේතුවෙනවාග මෙය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පහසුවෙන්ම බෝ වන අතර එසේ බෝවන්නේ පනාල කොට්ටල තුවා වැනි දෑ හවු‍ලේ භාවිතා කිරීම මගිනුයිග
පීනස් රෝග තත්ත්වයද කෙස් අකලට පැසීම සඳහා බලපාන ප්‍රධාන හේතුවක්
සමහරුන්ගේ වයස තිස් හතළිස් ගණන්වල දී කෙස් බොහෝ සෙයින් පැසී තිබෙනු දකින්න පුළුවන්ග ඒ අයගේ දෙමාපියන් ගැන බැලුවොත් මව හෝ පියා මේ ආකාරයට අකලට කෙස් පැසුණු කෙනෙකු බව බොහෝවිටම අනාවරණය කර ගත හැකිවේවිග මේ තත්ත්වය ඇතිවන්නේ එය පරම්පරාවට යාම නිසයිග
වයසට යන විට කෙස් පැසීම සහ ගැලවී යාම ස්වභාවික තත්ත්වයක්ග නමුත් ආයුර්වේදයේ රසායන වර්ගවලින් මේ තත්ත්වය ප්‍රමාද කරන්න පුළුවන්ග නිතර කෙස් පවිත්‍රව තබාගැනීමග හිසකෙස් අවුල් හැර පීරීමල තෙල් ගැල්වීම වැනි දේවල් මගින් හිසකෙස් පැසීම ප්‍රමාද කළ හැකියිග ඒ වගේම හිසකෙස් අධික ලෙස ගැලවීයාම වළක්වා ගන්නටත් මෙයින් උපකාර ලැබෙනවාග
හිසට තෙල් දමන්න සමහරු කැමති නෑග නමුත් තෙල් දැමීම තුළින් හිසකෙස් මුලට ශක්තිමත් බවක් ලැබෙනවාග ඒ වගේම දුඹුරු මළානික ස්වභාවය දුරුවී කළු පැහැයක්ද එමගින් හිමිවෙනවාග
තෙල්ගැල්වීමේදී නළලෙන් බේරෙන තරමට තෙල් ගොඩක් ගාන්න වුවමනා නෑග අත්ලට තෙල් ටිකක් ගෙන අනෙක් අතේ ඇඟිලි තුඩුවලින් හිසේ සමේ ගල්වා හොඳින් සම්බාහනය කිරීමයි තෙල් ගැල්වීමේ නියම ක්‍රමය වන්නේග ඒ වගේම තෙල් ගැල්විය යුත්තේ උදය කාලයේ මිස රාත්‍රී කාලයට එය සුදුසු නෑග
දිගු හිසකෙස් තිබෙන අය සවස් යාමයේ නෑම නොසුදුසුයිග ඒ හිසකෙස් නිසි පරිදි වේලෙන්නෙ නැති නිසයිග එවිට පීනස වැනි සෙම්රෝග හටගැනීමේ අවදානම වැඩියිග ඒ වගේම නෑමට සුදුසු උණුවතුර නොවෙයිල ඇල්වතුරයිග උණුවතුර නිසා හිසකෙස්වලට හානි පැමිණෙන්න පුළුවන්ග
කෘත්‍රිම ෂැම්පු වර්ගවලින් හිස-කෙස්වලට බලපෑම් ඇතිවෙනවාග එනිසා හිස පිරිසිදු කරන්නට ස්වභාවික දෑ තෝරා ගතහැකි නම් එය වඩාත් සුදුසුයිග
ඒ වගේම හිස්හොරි දුරුවන්නට උළුහාල් දෙහිගැට එකට තම්බා හිස ගැල්වීම හොඳ ප්‍රතිකාරයක්ග නමුත් සෙම්රෝග ඇති අයට මේ ප්‍රතිකාරය සුදුසු නෑග හිස්හොරිවලට තවත් සුදුසු ප්‍රතිකාරයක් වන්නේ කෝමාරිකා කොළය මැද ඇති ජෙලි කොටස ගැල්වීමයිග එසේම වෙරළු කොළ තම්බා හිස සේදීමල ගොඩපර ගෙඩි තම්බා හිස සේදීම තවත් ප්‍රතිකාර ක්‍රම වෙනවාග මේවායින් හිසකෙස් වර්ධනය වීමටත් පිටිවහලක් සැලසෙනවාග නමුත් සෙම් රෝග ඇති අය කෝමාරිකා මදය හිස ගැල්වීම සුදුසු නෑග මෙය සීතල ගුණයෙන් යුතු නිසා සෙම් රෝග වැඩිවන්න පුළුවන්ග
පීනස රෝග ඇත්නම් හිසකෙස් ඉක්මනින් පැසීම සිදුවන බව ඉහතද සඳහන් කළාග මෙහිදී හිසකෙස් පැසීමට පමණක් ප්‍රතිකාර කළාට ඵලක් වන්නේ නෑග ඊට හේතු වන පීනසට ප්‍රතිකාර කර සුව කරගත යුතුයිග ඉන්පසු හිසකෙස් පැසීම වළක්වන ප්‍රතිකාර කළ හැකියිග
හිස වේලා ගැනීමට හෙයා ඩ්‍රයරය පාවිච්චි කිරීම නුසුදුසුද කියලා සමහරු අපෙන් ප්‍රශ්න කරනවාග හදිසියේ රාත්‍රියේ නාන්නට සිදුවූවිට හෝ හදිසි ගමනක් යාමට සූදානම්වී නෑමට සිදුවූවිට වැනි අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී හෙයා ඩ්‍රයරය භාවිත කළත් නිතර නිතර හෙයා ඩ්‍රයරයේ තද උණුසුමට හිස ඇල්ලීමේදී හිසකෙස් පලුදුවීමට හැකියාව තිබෙනවාග
අකලට හිසකෙස් පැසීම ගැලවී යාම යන කරුණු දෙක කෙරෙහි අප ගන්නා ආහාර පානත් බලපානවාග හිසකෙස් හටගන්නේ මව්කුසේ සිටියදීයිග ගැබිනි සමයේදී ගන්නා ආහාරපාන දරුවාගේ හිසකෙස් මනාව වර්ධනයවීමට හෝ නොවීමට බලපානවාග එනිසා දරුවාට හොඳ කෙස් කළඹක් අනාගතයේ හිමිවන්නට නම් ඊට මූලික අඩිතාලම දැමීමේ වගකීම මවට පැවරෙනවාග දරුවාගේ හිසකෙස් වර්ධනයවීම සඳහා මව ගතයුතු ආහාර අතර මුකුණුවැන්නල ගොටුකොළල මොනරකුඩුම්බියල කතුරු මුරුංගාල කංකුන් වැනි පලා වර්ගත් කලවම් පලා වර්ගත් විශේෂයිග
දිගු කෙස් තිබෙන විට අගින් පැලීමට තිබෙන අවදානම වැඩියිග ඒ නිසා බොහෝ දෙනෙක් කරන්නේ එය අගින් අඟලක් දෙකක් කපා දැමීමයිග නමුත් හිසකෙස් කපා නොදමා තෙල් ගල්වා ඇඟිලි තුඩුවලින් කෙස් අග මසාජ් කිරීම තුළින් කෙස් අග පැළීමේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්ග
‍පෝෂණ ඌනතාවයද කෙස් පැලීම සඳහා හේතු වෙනවාග එනිසා සම්පූර්ණ කෙස් ගසටම ‍පෝෂණය ලබාදිය යුතුයිග
කෙස්වල ‍පෝෂණයට ඉවහල්වන ප්‍රතිකාර කිහිපයක් ගැන මෙහිදී අප මතක් කරනවාග ඒ මෙහෙමයිග
ඵළ නොකරන ලද කළු තල සෝදා වේලා වියළි බෝතලයක දමා තබාගෙන අවශ්‍ය වෙලාවට තේ හැඳි එකක් ගෙන කබ‍ලේ බැද හකුරු සමග දිනපතා ආහාරයට ගන්නග
තිල රසායනය ආයුර්වේද වෛද්‍ය උපදෙස් ඇතිව දිනපතා පාවිච්චි කරන්නග
හිසට තෙල් ගෑම හිසකෙස් පැලීම වැළැක්වීමටද ප්‍රතිඵලදායකයිග නීල්‍යාදි තෛලයල භෘංග මලක තෛලයල ත්‍රිපලා තෛලයල දීවකාන්ති තෛලයල දිව්‍යාංගනාදී තෛලයල පාඨා තෛලය වැනි තෙල් වර්ගයකින් ඔබට වඩාත්ම සුදුසු තෙල් වර්ගය වෛද්‍යවරයෙකු වෙතින් දැනගෙන ගල්වන්නග දිනපතා තෙල් ගැල්වීම තුළින් හිසකෙස් දුර්වර්ණවීම පාලනය කරගත හැකියිග එසේ නොහැකි නම් සතියේ නිවාඩු දිනවලදී නොවරදවාම හිසට තෙල් ගල්වන්නග මෙය ගල්වා පැයකින් පමණ සෝදා හැරිය හැකියිග
නිරෝගිමත් කෙස් කලඹකට අවශ්‍ය ආහාර වන්නේ පලා වර්ගල කොළ කැඳල කොළපාට එළවළුල පලතුරු ආදියයිග පලතුරු අතරින් නෙල්ලිල වෙරළුල නමිනං වඩාත් සුදුසුයිග
අවසන් වශයෙන් මේ උපදෙස් පිළිපදින්නග
දිනකට තුන් වතාවක්වත් හොඳින් අවුල්හැර හිසකෙස් පීරන්නග එයින් හිසේ සමට ව්‍යායාමයක් ලැබෙනවාග
පෞද්ගලික සෞඛ්‍ය ගැන සිතීමේදී හිසකෙස් සඳහාද වැඩි අවධානයක් යොමු කරන්නග
නිරෝගිමත් කෙස් කළඹකට අවශ්‍ය ආහාරපාන සම්බන්ධයෙන් ඔබේ අවධානය ලබාදෙන්නග ඒ සඳහා මෙහි ඉහත දක්වා ඇති උපදෙස් පිළිපදින්නග

curtesy : http://chamiths.blogspot.com

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල