කෙටි කොණ්ඩයකට මොන තරම් ලස්සනක් ද

views 2017-05-08 04:04:00 Hair_New

සාදයක දී කැපී පෙනෙන චරිතයක් වෙන්න කොයි කවුරුත් කැමැතියි. එහිදී වඩාත් වැදගත් වන්නේ පෙනුමයි. කොතරම් හොඳින් ඇන්දත් හෙයාස්ටයිල් එක ඇඳුමට, ඔබේ පෙනුමට ගැළපෙන්නේ නැතිනම් සුන්දර පෙනුමක් නොලැබී යාවි.

මෙම කොණ්ඩා මෝස්තරය වඩාත් ගැළපෙන්නේ තරුණ වියේ සිටින, විලාසිතා අගයන කෙළිලොල් යුවතියකට යි. තරමක කෙටි කෙස් කලඹක් ඇති යුවතියකට වුවත් මේ කොණ්ඩා මෝස්තරය ඉතාමත් පහසුවෙන් දැමීමට පුළුවන්.

පළමුව ඉදිරිපසින් කොණ්ඩය පැත්තට පීරා කෙස් කොටසක් ඉතිරි වන සේ අනෙක් කෙස්වලින් කොටසක් බැක්කෝම්බ් කරන්න. එම බැක්කෝම්බ් කළ කෙස් වැසෙන සේ ඡායාරූපයේ පෙනෙන පරිදි එම කෙස් පීරා පසුපස පැත්තකට ගෙන කොණ්ඩා කටුවලින් රඳවන්න.

ඉන්පසුව අනෙක් පැත්තේ කොණ්ඩය ලිහිල්ව කරකවා (අඹරවා) හිස පිටුපසට ගෙන කොණ්ඩා කටුවලින් රඳවා ගන්න. දැන් පසුපස ඇති කෙස් කොටස් ද ඉහත ආකාරයට ලිහිල්ව අඹරවමින් කොණ්ඩා කටුවක අධාරයෙන් රඳවන්න.

ඉදිරිපසින් පැත්තට පීරා ඉතිරි කළ හිසකෙස් කොටස බම්ප් එකක් ආකාරයට සකසා හෝ විහිදී යන අයුරින් අතින් සකසා කොණ්ඩා කටුවලින් රඳවන්න.

ඉන්පසුව පසු පසින් ඉතිරි වී ඇති කෙස් කොටස් කලින් හිසකෙස් රඳවා ගත් තැනට ම සම්බන්ධ වන සේ රඳවන්න.

අවසානයේ දී ඇඳුමට ගැළපෙන වර්ණයකින් මලක් හෝ හිස සැරසිල්ලක් රඳවා ගැනීමෙන් වඩාත් අලංකාර කොණ්ඩා මෝස්තරයක් සකසාගත හැකියි.

ගවුමකට, සාරියකට, සල්වාර් විලාසිතාවකට වුවද මෙම කොණ්ඩා මෝස්තරය ගැළපෙන අතර ඔබ එය අලංකාර කිරීමට රඳවන සැරසිල්ල අනුව තවත් සුන්දර කරගත හැකියි.


curtesy : tharunie.lk/



​සිංහල ලිපි

  • කොණ්ඩෙ යන අයට නෙල්ලි වලින් විශ්මිත ඛෙහෙතක්

    අද පවතින විවිධ ඩයි වර්ගවලින් කරන්නේ හිසේ මතුපිටට පෙනෙන සුදු පැහැය මකන එක විතරයිග නමුත් මේ ඖෂධය හිසේ ආලේප කිරීමෙන් හිස අභ්‍යන්තරයේ ඇති කේශ මූලයන්ටත් මේ ඖෂධීය ගුණය බලපානවාග එබැවින් ඒ ඖෂධීය ගුණය
  • දිදුලන දිගු කෙස් කලඹකට කරපිංචා

    වේලාගත් කරපිංචා හොඳින් කුඩු කර තේ පානයක් ලෙස සාදා එයට දෙහි ස්වල්පයක් යොදා දිනපතා පානය කරන්නග සතියකින් ප්‍රතිඵල අත්විඳිමට පුළුවන්ග වර්ණවත් සහ ශක්තිමත් කෙස් ලබා ගත හැකි අතර මෙමඟින් ආහාර දිරවිමද පහසු කරනවා
  • හිසකෙස් නැවත වැවීම

    හිසකෙස් යාම බොහෝ දෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවාග මෙය කාන්තාවන්ට සහ පිරිමින්ට එකවගේම විශාල ලෙස වද දෙන ගැටලුවක්ග අප හිසකෙස් නැවත සාර්ථකව වවා ගැනීමට අති විශේෂ ක්‍රීම් එකක් නිපදවලා තිබෙනවා
  • මවිත කරවමින් හිසකෙස් සීග‍්‍රයෙන් වර්ධනය කරවන ලොව සාර්ථකම ප‍්‍රතිකාරය මෙන්න

    සියලූම අමුද‍්‍රව්‍ය භාජනයකට එකතුකොට හොඳින් මිශ‍්‍රකරගන්නග එලෙස සාදාගත් මිශ‍්‍රණයෙන් ස්වල්පයක් භාවිතා කරමින් හිස්කබල සම්භාහනය කොටල ඉතුරු කොටස මුළු හිසකෙස් වලම ගල්වන්නටග ඉන්පසු පොලිතින් බෑගයකින් පැය දෙකක් පමණ හිසකෙස් ආවරණය කරගෙන සිටින්න
  • සුන්දර කෙස් කළඹක් තවමත් ඔබට සිහිනයක්ද?

    හිසකෙස් වලට සාත්තුවක් කරන්නට පළමුව ඕනෑම කාන්තාවක් තම කෙස් වර්ගය ගැන අවබෝධයක් ඇතිකරගෙන තියෙන්න ඕනා

සතියේ ලග්න පලාපල