කොණ්ඩේ සුදුයි පිළියමක් නැද්ද

views 2017-03-19 03:02:00 Hair_New

 රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්‍රිය

කොණ්ඩය හෙවත් හිසකෙස් සඳහා ලොකු කුඩා බාල මහලු සෑම දෙනා දක්වන්නේ පුදුම උනන්දුවක්ග කොතරම් වයසට ගියත් කොණ්ඩය කළු කර තබා ගැනීමට මිනිසුන් දකවන උනන්දුවෙන් පේන්නේ ර්‍ණහිසකෙස්” අප තුළ සිදුකර ඇති බලපෑමයිග හිසකෙස් ර්‍ණසුදුවීම” ගැන අද අපි කතා කරමුග

හිසකෙස් ර්‍ණසුදු” වෙන එක ගැන සාකච්ඡා කරන්න පළමුව හිසකෙස් වල ඇති වර්ණය ගැන ටිකක් දැන ගෙන ඉඳිමුග හිසකෙස් වල වර්ණය සඳහා පාදක වන්නේ එහි ඇති ර්‍ණමෙලනින්” නම් වූ වර්ණකයයිග මෙම වර්ණකය වර්ග දෙකක් ලෙස හිසකෙස් තුළ දක්නට ලැබෙනවාග ඒ තැඹිලි හා කහ පාටට ඇති  Pheomelanin සහ කළු දුඔුරු පාටට ඇති eumelanin  වර්ණකයිග මෙම වර්ණක දෙකේ සම්මිශ්‍රණය අනුව අපිට අපගේ හිසකෙස් වල ස්වභාවික වර්ණය ලැබෙනවාග මෙම වර්ණක දෙකේ අනුපාතය අනුව කළු පාටල දුඔුරු පාටල විදේශිකයන්ගේ දක්නට ලැබෙන තඔ පාටල රතු පාට ආදී ලෙස වර්ණය තීරණය වෙනවාග මේ ආකාරයට අපිට ස්වභාවිකව ලැබෙන වර්ණකය අපගේ පරම්පරාගත ජාන අනුවල භූගෝලීය ප්‍රදේශය අනුව වෙනස් වෙනවාග ඒ විතරක් නෙවෙයි සමෙහි වර්ණය හා ඇස් වල වර්ණය පවා සමහර විට ඒ අනුව තීරණය වෙනවාග දේශීය හා විදේශීය පුද්ගලයන් නිරීක්ෂණය කිරීමේදී මේ කාරණය ඔබට වඩාත් පැහැදිලි වෙනවා ඇතිග

හිසකෙස් ර්‍ණසුදු වීම” යන ක්‍රියාවලියේදී සිදුවන්නේ ර්‍ණසුදුපාට” වර්ණකයක් ඇතිවීම නම් නෙවෙයිග මෙහිදී ඇත්තටම සිදු වන්නේ හිසකෙස් වල ඇති ස්වභාවික වර්ණය වයස්ගත වීම හෝ වෙනත් හේතූන් නිසා නැති වී යාමයිග වර්ණකය නොමැතිවල අවර්ණ වූ හිසකෙස් ර්‍ණසුදුපාට” ලෙස දර්ශනය වනවාග අවර්ණ වූ හිසකෙස් සුදුපාටට පෙනෙන්නේ ආලෝකය ඒ මත පරාවර්තනය වීම නිසයිග හිසකෙස් සුදුවීම සඳහා බලපාන ප්‍රධාන සාධකය වන්නේ ‘වයසට ‘ යාමයිග මෙලෙස හිසකෙස් සුදුවන වයස ජානමය හා භූගෝලීය සාධක අනුව වෙනස් වනවාග බටහිර ජාතීන්ගේ වයස 30 ආසන්නයේදීත්ල ආසියානු ජාතීන්ගේ වයස 40 ආසන්නයේදීත් අපි‍්‍රකානු ජාතින්ගේ වයස 50 ආසන්නයේදීත් මෙලෙස ‘සුදුවීම ‘ පටන් ගන්නා බව නිරීක්ෂණය කර තිබෙනවාග

මීට අමතරව සමහර අවස්ථා වලදී කුඩා වයසේදී පවා සුදු කෙස් ඇතිවීම සිදුවෙනවාග මෙය ජානමය හේතු නිසා හෝ තයිරොක්සීන් ඌනතා නිසාල විටමින් B 12ඌනතාව ආදී රෝග තත්ත්වයන් නිසා හෝ සමහර විට ඇතිවිය හැකි වෙනවාග

හිසකෙස් ‘සුදු වීම’ හෙවත් හිසකෙස් වල වර්ණය වෙනස් වීම සඳහා බලපාන සාධක ගැන සොයා බලමුග මුලින් සඳහන් කළ පරිදි ප්‍රධාන සාධකය වන්නේ වයසට යාමයිග ශරීරයේ ඇති කෙස් හෙවත් රෝම වර්ග සුදු වීම බොහෝ විට සිදුවන්නේ මුලින්ම නාසයේ ඇති රෝම සුදු වීමත්ල මීළඟට රැවුල ප්‍රදේශයෙත්ල මීළඟට ශරීරයේ අනෙක් කොටස් වල ඇති රෝමත් අවසානයේ දී ඇහිබැම තුළ ඇති රෝමත් යනාදී ලෙසයිග

වයස්ගත වීමට අමතරව ලෙඩ රෝග වැනි වෛද්‍යමය කාරනා මේ සඳහා බලපානවාග සුදු කබර ඇතිවීම හෙවත් සමෙහි මෙලනින් වර්ණකය නැති වී යාමදල උපතින්ම මෙලනින් වර්ණකය අහිමි වන ‘ඇලි’  (Albinism) රෝග තත්ත්වයේදී මන්ද පෝෂණය ඇති විටදී හිසකෙස් වෙනස් වර්ණයන්ට හැරීමදල විටමින් B 12 ඌනතාවයදWerner Syndrome නම් වූ රෝග තත්ත්යද මෙහිදී සඳහන් කළ හැකි තත්ත්වයක් වෙනවාග මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ ලිපියේ මාතෘකාවේදී සඳහන් කළ පරිදි ර්‍ණපීනස” සමඟ හිසකෙස් සුදුවීමේ ස්වභාවයක් නොමැති බවයිග පීනසට හිසකෙස් සුදුවීම කිසියම් සමාජමය විශ්වාසයක් පමණක් වනවාග

මෙම කාරණා වලට අමතරව ‘දුම්පානය’ කිරීම අකලට හිසකෙස් සුදුවීම කෙරෙහි තදින්ම බලපාන දෙයක් වනවාග දුම්පානය කරන අයගේ අකලට හිසකෙස් සුදුවීමේ ඉඩකඩ දුම්පානය නොකරන අයකුට වඩා හතර ගුණයක් වැඩිවන බව සොයාගෙන තිබෙනවාග

සුදුකෙස් නැවත කලුබවට හැරවීම සඳහා මෙතෙක් විශේෂ විටමිනයක්ල ප්‍රෝටීනයක් හෝ ආහාරමය ඖෂධයක් සොයාගෙන නැති අතර එවැනි ක්‍රම මඟින් සුදුවීම නතර කිරීමට උත්සාහ කිරීම හෝ සුදුකෙස් කලු කිරීමට උත්සාහ කිරීම ද නිශ්චල ක්‍රියාවන් වනවාග සමහර පිළිකා සඳහා ප්‍රතිකාර කරන අවස්ථාවලල පිළිකා නාශක ඖෂධ මඟින් සුදුකෙස් කලුවන අවස්ථා නිරීක්ෂණය කර තිබුණත් සුදුකෙස් කලුකිරීම සඳහා වූ ප්‍රතිකාරයක් ලෙසල ඒවායේ සුදුකෙස් කලු කරීම සඳහා වූ ප්‍රතිකාරයක් ලෙසල ඒවායේ ඇති දරුණු අතුරු ආබාධ නිසා භාවිතා කරන්නේ නැහැග

curtesy :dinamina.lk

​සිංහල ලිපි

  • කොණ්ඩේ සුදුයි පිළියමක් නැද්ද

    2017-03-19 03:02:00 Views 178 Read More...

    කොණ්ඩය හෙවත් හිසකෙස් සඳහා ලොකු කුඩා බාල මහලු සෑම දෙනා දක්වන්නේ පුදුම උනන්දුවක්ග කොතරම් වයසට ගියත් කොණ්ඩය කළු කර තබා ගැනීමට මිනිසුන් දකවන උනන්දුවෙන් පේන්නේ ර්‍ණහිසකෙස්” අප තුළ සිදුකර ඇති බලපෑමයිග හිසකෙස් ර්‍ණසුදුවීම” ගැන අද අපි කතා කරමු

  • නොදැනුවත්කම නිසා කෙස් ගස් ගැලවෙන්නේ මෙහෙමයි

    2017-03-05 03:34:00 Views 219 Read More...

    හිසකෙස් ගැලවිලා යන එක ලෝකයේ කාන්තාවන් සීයට 93කට තියෙන මහ විශාල ප්‍රශ්නයක්. සමහර අයගෙ කෙස් අහුරු පිටින් ගැලවිලා යන අවස්ථාත් තියෙනවා.