බියුටි එක ගැන වද නොවී බියුටි ක්වීන් කෙනෙක් වෙන්න… බියුටි ටිප්ස්

views 2019-04-23 10:43:00 BEAUTY

ලස්සනට ඉන්න වගේම ලස්සන නිසා අන් අය අතර කැපිලා පේන්න කවුද අකමැති.එහෙම නේද ?මේ බියුටි ටිප්ස් ටික ලස්සන වෙන්නත් ආසා එහෙත් සැලෝන් යාමට කම්මැලි අයට ……
1.ප්‍රානවත් දෙතොලක්

තොල් වියලීම බොහෝ අයට ලොකු ගැටලුවක්.මී පැනි සහ ඔලිව් ඔයිල් වලට සීනි එකතු කරන්න.විනාඩි දෙකක් පමන පිරිමැද සෝදා අරින්න.
2.නීට් එකට කියුටෙක්ස්

නිය ආලේපන ගැල්විමේදී සාමන්‍ය සමේත් ගෑවීම ලොකු ගැටලුවක්.ආලේපනයට පෙර නියපොතු වටා ගම් ටේප් එකක් අලවන්න.ආලේපනයෙන් පසු ගලවා දමන්න.
3.නව පෙනුමක්

කලු තේ සමග විනාකිරි මිශ්‍ර වතුරෙන් ශේව් කල කකුලේ සම තවන්න.සුසිනිඳු බවක් ගෙනදෙනවා.
4.හදිසියට

මස්කාරා අන්තිම අඩියටම වේලී ඇත්නම් ලෙන්ස් සොලූශන්වලින් ටිකක් වත්කරන්න.හදිසි වෙලාවකට කදිමයි.
5.ලස්සන ම නියපොතු

අවර්න නියපොතු දින පහක් පමන ටූත්පේස්ට් ආලේප කර බ්‍රශ් කරන්න.වෙනස බලන්න.
6.දිගු කෙස්

කැස්ට්‍රොල් ඔයිල්,ඇවකාඩෝ ඔයිල් සමග පොල්තෙල් මිශ්‍ර කර හිසකෙස් වල ආලේප කරන්න.වේගවත් වර්ධනයක් ලබාගන්න.
7. අලුත්ම අයි ලයිනර්ස්

පාට පැන්සල් ඔබට අවශ්‍ය වර්න තෝරාගන්න.උනුසුම් වතුර කෝප්පයක තුඩ පැත්ත හරවා පොඟවාගන්න.ඇස් පිල්ලම් වර්න ගැන්වීමට යොදාගන්නට පුලුවන්.
8.පැතලි උදරයක්

උදරය අවම කරගැනීමට ,බිම දිගාවී හුස්ම ඇතුලට ගන්න.බඩ වල ගැසෙන සේ.තත්පර විස්සකින් පසු සෙමෙන් නිදහස් කරන්න.දිනපතා සිදුකර වෙනස අත්විඳින්න.
9.අලුත් වෙනසක්

ශේව් කිරීමේදී හෙයාර් කන්ඩිශනර් යොදා ගන්නටද පුලුවනි.සම ප්‍රානවත් පෙනුමකින් යුතුවෙනවා.
10.දිදුලන සමක්

ස්ට්‍රෙච් මාක් සඳහා ඇලෝවේරා පොල්තෙල් සමග මිශ්‍ර කර දිනපතා ආලේප කරන්න.
11.අලුත්ම තොල් වර්නකයක්

ජෙලටින් උනුවතුරේ දියකරගන්න.තොල්වල ආලේප කිරීමට සුදුසු වර්නයක ෆුඩ් කලර් එකක් එකතු කරගන්න.එය තොල් මත ආලේප කරන්න.විනාඩි කිහිපයකින් තොල් මත බාහිර ආවරනයක් සැදෙනවා.එය ගලවා දමන්න.තොල් වර්නගැන්වී ඇති අතර ලිප්ස්ටික් මෙන් ආහාර ගැනීමේදී දියවෙන්නේ නැහැ.

​සිංහල ලිපි

  • රුව රකින රහස්

    2019-05-23 10:31:00 Views 28 Read More...

    1. මුහුණේ හා බෙල්ලේ හටගන්නා කළු ලප සුවකර ගැනීමට අමු කහ, වෙනිවැල් ගැට, ඇල් වතුරෙන් ගලගා ලප

  • රුව රකින රහස්

    2019-05-04 12:12:00 Views 156 Read More...

    * ආමන්ඩ් ඇට කිහිපයක්, රැයක් වතුරේ පෙඟෙන්නට හැර පොත්ත ඉවත් කර හොඳින් අඹරා ගන්න. එයට කස්තුරි කහ

සතියේ ලග්න පලාපල