කෙසෙල් ලෙල්ලෙන් ලස්සන වෙන්න උපදෙස්

views 2018-12-06 12:19:00 BEAUTY

කෙසෙල් කියන්නේ අපි නිතරම ආහාරයට ගන්න පළතුරක්. කෙසෙල් ගෙඩියේ තිබෙන ගුණ අපි කවුරුත් දන්න දෙයක්නේ. ඒත් මේ ලිපියෙන් කියවෙන්නේ අපි කෙසෙල් ගෙඩිය කාලා විසි කරන ලෙල්ල ගැනයි. මේ විසි කරන ලෙල්ලෙන් බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්.

එවැනි ප්‍රයෝජන කිහිපයක් තමයි මේ.

1. මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කිරීමට

කෙසෙල් ලෙල්ලේ ඇතුලත කොටස ලප කැළැල් මතුපිට සෙමෙන් අතුල්ලන්න. එහි පාට ලා දුඹුරු පැහැවනතුරු දවසකට තුන් වතාවක් කරන්න. මේ විදිහට ටික දවසක් කරනකොට ඔබටම තේරේවී ඔබේ මුහුණේ තිබෙන ලප කැළැල් ටිකෙන් ටික ඉවත් වී යන බව.

2. ඇස් වටා ඇති කළු පැල්ලම් ඉවත් කිරීමට

ඇස් වටා ඇති කළු පැල්ලම් ඉවත් කරන්න කෙසෙල් ලෙලි වලට හැකියාවක් තියෙනවා. කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්තේ සුදු පැහැති තන්තු කොටස හැන්දකින් සුරලා අරගෙන එය කෝමාරිකා යුෂත් එක්ක මිශ්‍ර කරලා, ඒ මිශ්‍රණය ඇස් වටා ගලවන්න. මේක විනාඩි 20ක් පමණ තියා අයිස් වතුරෙන් සෝදා හරින්න.

3. කුරුලෑ නැති කිරීමට

දවසකට වරක් විනාඩි 5ක් පමණ කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත මුහුණ මත අතුල්ලන්න. මේ විදිහට මාසයක් විතර කරනකොට කුරුලෑ නැත්තටම නැති වෙලා යන බව ඔබටම වැටහේවී.

4. සම පැහැපත් කිරීමට

කෙසෙල් ලෙල්ලේ බොහෝ වටිනා විටමින් වර්ග අඩංගු වෙනවා. ඒවා අපගේ සම පැහැපත් කරන්න ගොඩක් උදව් වෙනවා. මාසයක් පමණ කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත මුහුණේ ආලේප කරලා බලන්න. සම හොඳින් පැහැපත් වේවි.

5. දත් සුදු කරගැනීමට

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ දත් අවපැහැ ගැන්විලා තියෙන එක. ඉතින් ඒකට විසඳුමක් තමයි මේ තියෙන්නේ. දවසට වරක් කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්තෙන් දත් අතුල්ලන්න. සතියකින් පමණ වෙනස වැටහෙයි.

6. තරුණ බව රැක ගැනීමට

මේ වැඩේටනම් හැමෝම කැමතියිනේ. කරන්න ඕනේ කෙසෙල් ලෙල්ලේ ඇතුල් කොටස සුරලා අරගෙන බිත්තර සුදු මදයක් එක්ක මිශ්‍ර කරන්න. හැමදාම නිදාගැනීමට පෙර මුහුණ හොඳින් සෝදලා මේ මිශ්‍රනය මුහුණේ අලේප කරන්න. උදේට පිරිසිඳු වතුරෙන් සෝදලා හරින්න. මුහුණේ තරුණ බව රැක ගන්න හොඳම ස්වභාවික ක්‍රමයක් තමයි මේ.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල