තෙල් සහිත සම නිසා කුරුළෑ වදයෙන් පීඩා විඳිනවද? එහෙනම් ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක් මෙන්න

views 2018-03-19 11:21:00 BEAUTY

අප කාගෙවත් සමේ ස්වභාවය එකවගේ නෑ. ජානමය සාධක මත සමේ ස්වභාවය වෙනස් වෙනවා. සමහර අයගේ වියළි සමක් හා සමහර අයගේ සාමාන්‍ය සමක් තිබෙද්දී ගොඩක් දෙනෙකුට ගැටළුවක් වෙල තියෙන්නේ තෙල් සහිත සමයි. එය ගැටළුවක් බවට පත්වෙලා තියෙන්නේ තෙල් සහිත සම නිසා කුරුළෑ හටගැනීමයි.

විවිධ ක්‍රම භාවිතා කරමින් ගොඩක් දෙනෙකු උත්සහ කරන්නේ සමේ තෙල් සහිත තත්වය අඩු කරගැනීමටයි. නමුත් ඒ සියළු දේ නිෂ්ඵල වන්නේ අධික මුදලක් නිකරුනේ වැයවීමත් සමඟයි. මෙම ලිපියෙන් කියවෙන්නේ දිනපතා නිවැරදි ආකාරයෙන් භාවිතා කර ඔබේ තෙල් සහිත සම ස්වභාවික සාමාන්‍ය සමක් බවට පත්කරගැනීමට හැකි සත්කාර කිහිපයක් පිළිබඳවයි.

01. මී පැණි

සමේ ඇති වන ගැටළු රැසකට මී පැණි කියන්නේ හොඳ විසඳුමක්. මී පැණි තේ හැඳි දෙකකට කඩල පිටි තේ හැන්දක් මිශ්‍ර කර පිරිසිදු කර ගත මුහුණේ ආලේප කර විනාඩි 15කින් සෝදා ඉවත් කරන්න

02. බිත්තර සුදු මදය

බිත්තර සුදු මදය විටමින් A වලින් පොහොසත් වන අතර එය තෙල් සහිත බව අවම කර සමේ තෙතමනය රැක ගැනීමට උපකාරී වෙනවා. පිරිසිදු කර ගත් මුහුණේ බිත්තර සුදු මදය ආලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න. මෙයට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කර ගන්න පුළුවන් නම් තවත් හොඳයි.

03. කඩල පිටි

කඩල පිටි ස්වල්පයක් සහ රෝස වතුර මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. එය වියලෙන තෙක් විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න. සමේ තෙල් සහිත බව අවම කරන්න කඩල පිටි සහ රෝස වතුර හොඳ විසඳුමක්.

04. තක්කාලි

තක්කාලි තෙල් සහ කුරුලෑ සඳහා කල හැකි හොඳ ප්‍රතිකාරයක්. තක්කාලි පෙති කපා මුහුණ මත විනාඩි 20ක් තබා සිටීමෙන් හෝ තක්කාලි යුෂ ආලේප කිරීමෙන් අනවශ්‍ය තෙල් සහිත බව අඩු කර ගන්න පුළුවන්.

05. බේකින් සෝඩා

පිරිසිදු ජලය සමග බේකින් සෝඩා මිශ්‍ර කරන්න. තෙල් සහිත සම මත ආලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න. ඔබේ මුහුණෙන් දූවිලි හා තෙල් ඉවත් කිරීමට එය භාවිතා කරන්න.

මෙම සත්කාර සිදුකිරීමත් සමඟම ඔබ අනිවාර්යයෙන් අනුගමනය කලයුතු දේවල් කිහිපයක් තමයි මේ.

01. අලුත් එළවලු සහ පලතුරු හා සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීම

02. වැඩිපුර වතුර පානය කිරීම

03. මුහුණ දවසට දෙවරක් හෝ තුන් වරක් පිරිසිදු වතුරෙන් සෝදන්න. හැබැයි නිතර නිතර මුහුණ සොදන්නත් එපා. මුහුණේ සම ඉක්මනින් වියලෙන්න එය හේතුවක් වෙනවා.

04.සමට අහිතකර රසායනික වලින් තොර, තෙල් සහිත බව වැඩි කරන්න හේතු නොවන ආලේපන තෝරා ගන්න.



​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල