ලස්සන වැඩි කරගන්න පුළුවන් පුදුම ක්‍රම

views 2017-10-13 10:35:00 BEAUTY

1) නිරෝගී කොන්ඩේකට බියර් ?

අපේ ව්‍යවහාරයේදී බියර් විතරක් නෙවෙයි ඕනෙම මත්පැන් වර්ගයක් ශරීරයට හිතකර නැති බව කියවෙනවා. නමුත් ඉතින් කොණ්ඩෙට තිබෙන හොඳම ස්වභාවික Conditioner එකක් තමයි බියර්. එහි තිබෙනවා බීරා යීස්ට්, හෝප්ස් සහ මෝල්ට් වැනි දේවල්. මේ අමුද්‍රව්‍ය ඔබේ හිසකෙස් ඇතුලතින් පෝෂණය කිරීමට සමත් වෙනවා.

බියර් කෝප්ප 1 කට වතුර කෝප්ප එකක් මිශ්‍ර කරන්න. ස්නානය ඉවර කරලා අවසාන වතාවට ඔබේ හිස කෙස් එම මිශ්‍රණයෙන් සෝදන්න. නැවත වතුරින් සෝදන්න එපා. ඔබේ කේස් කලඹට වෙන වෙනස අත්විඳින්න නම් කරලම බලන්න. මේ ආරංචිය ඔබට හොඳ දෙයක් වුනත් හස්බන්ඩ්ට නම් එච්චර හොඳ ආරංචියක් නොවේවි. කොණ්ඩෙට Hair Masks හදද්දීත් දිය කිරීම් වලට බියර් යොදා ගන්න කියල අපි නිර්දේශ කරනවා.
2) දිගු ඇසිපිය ලබා ගන්න නම් බේබි පවුඩර්?

ඔබ මේකප් දමද්දී ඇසිපිය විශාල ලෙස සකසා ගත්තොත් ඔබේ දෙනෙත වඩා සුන්දරව පෙනේවි. මේකට සරල ක්‍රමයක් තිබෙනවා. අවශ්‍ය වෙන්නේ බේබි පවුඩර් ස්වල්පයක් සහ කන් ශුද්ධ කරන කොටන් බඩ් එකක් විතරමයි.

    පළමුව ඔබේ ඇසිපිය වල මස්කාරා අලේප කරන්න.
    ඉන් පසු කොටන් බඩ් එක ආධාරයෙන් බේබි පවුඩර් තෙත මස්කාරා මත ගලවන්න.
    ටික වෙලාවකින් නැවත මස්කාරා තට්ටුවක් ඔබේ ඇසිපිය මත අලේප කරන්න.

ඔබේ ඇසිපිය විශ්මිත විදිහට විශාල කරන ක්‍රමය කරලම බලන්නකෝ. එයට විශාල මුදලක් වැය වෙන්නෙත් නැහැ. අමාරුත් නැහැ.
3) ඔබේ දෙතොලත් පමණට වඩා පුංචිද?

ඔබේ දෙතොල් පුංචියි කියල දුක් වෙන්න එපා. මෙන්න එය හරිගස්සවලා පෙන්වන්න පහසු ක්‍රමයක්. අවශ්‍ය වෙන්නේ Concealer විතරයි.

    මුලින්ම ඔබේ දෙතොල් වල පිටත දාරය නැත්නම් outline එක හොඳින් concealer එක ගාලා වසා දමන්න.
    Concealer එක වේලෙනකම් ඉඳලා තද පාට පැන්සලක් අරගෙන ස්වභාවික දොතොලට වඩා මදක් විශාල වෙන්න ලස්සනට අලුත් රේඛාවක් ඇඳ ගන්න.
    ඉන් පසු ඔබ කැමති ලිප්ස්ටික් එකක් අලේප කරගන්න පුළුවන්.
    නමුත් පමණට වඩා දෙතොල් විශාල කරන්න එපා. එය මූනට අවලස්සනක් එකතු කරාවි.

4) දත් ටික කහ පාට වෙලාද?

ඔබේ මූණ කොතරම් ලස්සන වුනත් වැඩක් නැහැ , දත් ටික දුර්වර්ණ වෙලා නම්. මේකටත් කරන්න තියෙන්නේ බොහොම සරල දෙයක්. මෙවුවා ඉතින් අතීතයේ අපි කරපු දේවල් තමයි.

    අඟුරු කැබැල්ලක් අරගෙන එයට වතුර බින්දු කීපයක් දාලා කිසියම් දෙයකින් කොටලා හදා ගන්න.
    එයින් ටිකක් අරගෙන දත් වල තියලා හොඳින් මදින්න. ඇඟිල්ල සහ බුරුසුව දෙකම මේ සදහා භාවිතා කරන්න පුළුවන්.
    මේ සත්කාරය මාසෙකට දෙපාරක් කරහම ඇති. වැඩිය කිරීම දත් වල සංවේදී තාවය ඇති කරන්න හේතුවක්.

5) ඇස් යට රැලි වහන්න රතු ලිප්ස්ටික් ?

ඔබේ දෙනෙත් යට රැලි වැසීමට අමාරුද? Concealer එක මුලින්ම පාවිච්චි කරලා බලන්න. එයින් ප්‍රතිපලයක් නැත්නම් රතු ලිප්ස්ටික් එක ඇස් යට ලාවට ආලේප කරන්න. ඇඟිල්ලෙන් පිරිමදින්න.

නැවත ඊට උඩින් වරක් concealer තට්ටු දෙකක් විතර ගාන්න. Concealer වේලුනහම නැවත හොඳින් පවුඩර් අලේප කරන්න. ඇස් යට රැලි මැකිලා ලස්සනට තියේවි. නමුත් මේ ක්‍රමය නිතරම කරන්න නම් එපා. ඇස් යට ඇති සියුමැලි සමට හානිකර වෙන්න පුළුවන්.
6) Highlighter එක නැත්නම් ලිප් බාම් ටිකක් ?

ගොඩක් ගැහැණු ළමයි Highlighter එකක් ගන්නේ නැහැ. නමුත් ඔබේ කම්මුල් වලට නිමාවක් දෙන්න ලිප් බාම් එකත් හොඳ ආදේශකයක්. එහි ඇති ගැටලුව තමයි ඇලෙනසුලු වීම.
7) කොන්ඩේ රැලි කර ගන්න පිගන් හෝදන ස්පොන්ජ්?

උණුසුම් අයන් එක පාවිච්චි කරලා කොන්ඩේ රැලි කර ගන්න එක වියදම් යන වැඩක්. ඒ වගේම එයින් කොණ්ඩෙට වෙන හානිය වැඩියි. ඒ කිසිම කරදරයක් නැතුව ස්වභාවිකව කොන්ඩේ කර්ල් කර ගන්න ඔබට අවශ්‍ය වෙන්නේ පිඟන් හෝදන ස්පොන්ජ් 10 විතර සහ කොන්ඩේ බඳින හීනි බෑන්ඩ් 10 විතර. හෙට ගමනක් යන්න තිබෙනවා නම් රාත්‍රියේ මේක කිරීම ගොඩක් හොඳයි.

කොන්ඩේ කොටස් 10 කට වගේ බෙදා ගන්න. කොටස් ගාන වැඩිවෙන තරමට ලස්සනට එනවා. ඉන් පස්සේ ස්පොන්ජ් කැබැල්ලක් මැදින් කොන්ඩේ හොඳට ඔතන්න. අගටම ඔතලා ස්පොන්ජ් එක දෙකට නවලා මුලින් කීව බෑන්ඩ් එකක් දමන්න. ( පහළ වීඩියෝ එකේ කරන ක්‍රමය බලන්න)

මේ විදිහට මුළු කොන්ඩේම කරලා පහුවෙනිදා උදේට ලිහල බලන්නකෝ. ලස්සනට තියේවි. ඉන් පස්සේ මූස් ටිකක් දාගෙන අදාළ උත්සවේට ලස්සනට යන්න පුළුවන්.

(under the courtesy of rasagossip.lk web)

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල