වැරැදි ක්‍රම නිසා සමට හානි සිදුවෙන්න පුළුවන්

views 2017-05-17 11:38:00 BEAUTY

සමේ නිරෝගිමත් බව පැහැපත් බව රැකගත හැකිවන්නේ සමේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වූ විටයි. සමේ ආරක්ෂාවත් පැහැපත් බවත් රැකගත යුතු නිසාම දෛනිකව අනුගමනය කෙරෙන යම් යම් පිළිවෙත් තිඛෙනවා. අප මෙම කරුණු ඔස්සේ ඔබේ විමසුමට ලක්කරන්නට සුදානම් වන්නේ ඔබ නොදැනුවත්වම කරන වැරදි පිළිවෙත් නිසා සමට සිදුවන හානි ගැනයි.

 

සමට සිදුකෙරෙන සත්කාර අතර ස්ක්‍රබ් කිරිම බොහෝ විට සිදුකරන දෙයක්. ස්ක්‍රබ් කිරීමෙන් සමේ පැහැදිලි වෙනසක් දැකිය හැකි වුවත් දීර්ඝකාලීනව අධික ලෙස සමට හානිවීමට ඉඩ ඇත.

 

එසේ සමේ උඩු ස්ථරය අතුල්ලා ඉවත් කිරීමෙන් සිදුවන්නේ සමේ ඇති ආරක්ෂක ස්ථරය ඉවත්වීමත් එසේ ඉවත්වීමෙන් සම හිරු එළියට සහ පරිසරයේ ඇති විෂ වායුවලට නිරාවරණය වීමයි.

 

මෙමගින් සමට අධික ලෙස හානිවීමට ඉඩකඩ ඇති අතර සම වියපත් වීමේ අවදානම ද වැඩි වෙයි. ස්ක්‍රබ් එකක් සිදුකරනවානම් උපරිමයෙන් සතියට දෙවරක් කිරීම සුදුසුයි. තව බොහෝ දෙනෙක් අතර පවතින දුර්මතයක් නම් සම ඕනෑවට වඩා ස්ක්‍රබ් කිරීමෙන් සමේ ඇති තෙල් ගතිය ඉවත්කරගත හැකි බව. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ අධික ලෙස ස්ක්‍රබ් කිරීමෙන් සමේ තෙල් නිපදවීම වේගවත් වීමයි. ඒ සමේ ස්වාභාවිකව සිදුවන අලූ‍ත්වැඩියාව වේගවත්වීම නිසයි.

 

මේක් අප් ඉවත් නොකිරීම

 

බොහෝ දෙනෙක් මේක්අප් කළ පසු එය නිසි ආකාරයට ඉවත් නොකර රාත්‍රි නින්දනට යාමෙන්ද සමට අහිතකර බලපෑම් එල්ලවිය හැකියි. පුරුද්දක් වශයෙන් මෙසේ මේක් අප් ඉවත් නොකර සිටීමෙන් සමේ ඇති තෙල් ග්‍රන්ථී සහ කුහර අවහිර වේ. මේක් අප් වලින් සමේ කුහරවලට සිදුවන බලපෑම නිසා ඒවා විශාල වෙයි. එවිට මසේ ඇති කොලජන් ස්ථරය අඩුවනවිට කුහර පහසුවෙන් යථා තත්ත්වයට පත් නොවේ. මෙමගින් සමෙහි ඉදිමුම් සහිත දැවිල්ලක් හටගැනීමට ඉඩ තිඛෙයි.

 

සම හරීමෙන් සහ ඇදීමෙන් ද සම තුවාලවීම සිදුරුවීම සහ රැලි වැටීම සිදුවිය හැකියි.

 

මෙය නොකළ යුතු දෙයක් බව බොහෝ දෙනෙක් දැන සිටියත් දිගින් දිගටම ඒ පිළිබඳව නොතකා කටයුතු කිරීමට සමහරුන් පෙළඹෙයි.

 

ආලේපන භාවිතයේ නොදැනුවත්කම :

 

ආලේපන භාවිතයේ දී ඒ පිළිබඳව වැටහීමකින් තොරව කටයුතු කිරීමට කිසිසේත්ම සුදුසු නොවේ. ඉන් සිදුවන්නේ නොසිතූ ආකාරයෙන් යම් යම් ගැටලූ‍කාරී තත්ත්වයක් ඇතිවීමයි. ඔබ ආලේපනයක් තෝරාගන්නා විට හැමවිටම එම නිෂ්පාදනයේ ඇති ඇසුරුමේ සදහන් දේ හොඳින් කියවා චබලන්න. ඒ අනුව තමන්ගේ සමේ ස්වභාවය අනුව තමන්ට ගැළපෙන ආලේපන පමණක් භාවිතා කරන්න. ඔබ භාවිතා කරන ආලේපන ගැන ඔබට වැටහීමක් නැත්නම් සුදුසු අයකුගෙන් ඒ පිළිබඳ විමසා දැනුවත් වන්න.

 

අධික ලෙස සම ස්ක්‍රබ් කිරීම, ක්ලෙන්සර් කිරීම නිසා සමේ ස්වභාවිකව සිදුවන තෙල් නිපදවීමට බලපෑම් ඇතිවිය හැකියි. මේ නිසා අනවශ්‍ය ලෙස දිනපතා ආලේප භාවිතයෙන් වැළකෙන්න. මෙහිදි සවස හෝ රාත්‍රියේ දී ක්ලෙන්සර් කිරිම පිළිබඳ වැඩි අවධානයක් දැක්විය යුතුයි. එදිනෙදා වැඩ කටයුතුවල නිරත වීමේ දි දවස පුරා සම මතුපිට රැඳුණු කුණු, දූවිලි, තෙල් මේක් අප් ඉතා හොඳින් ක්ලෙන්සර් කර ඉවත් කරගත යුතුයි. නමුත් රාත්‍රීයේ දී නින්දේදි නිපදවන තෙල් සහ තෙතමනය උදෑසන මුහුණ සේදීමේ දී අනවශ්‍ය ලෙස සෝදා ඉවත් නොකල යුතුයි.

 

ආලේපන කීපයක් එකවර ආලේප කිරිම :

 

බොහෝ කාන්තාවන් රාත්‍රී නින්දට පෙර සුපුරුදු ලෙස ක්ලෙන්සර් කර සම පිරිසුදු කර ගැනීමෙන් අනතුරුව නොයෙක් වර්ගයේ ක්‍රීම් සහ සීරම් වර්ග දෙක තුනක් එකවර ආලේප කරයි. ඕනෑම සාමාන්‍ය ආලේපනයක් ප්‍රතිඵලදායක ලෙස සමට උරා ගැනීම සිදුවන්නේ 0.3% ක ප්‍රමාණයක් පමණයි. ඔබ විවිධ වර්ගයේ ආලේපන කීපයක් එකවර භාවිතා කළ හොත් ඒ සෑම එකකින්ම ලැඛෙන ඵලදායිබව අඩු වෙයි. ඔබේ සමට ආලේපන භාවිතා කිරිමට අවශ්‍ය නම් සමට ගැළපෙන එක් ආලේපනයක් භාවිතා කරන්න.

 

කුරුලෑ කැඩීම

 

කුරුලෑ බිබිලි නිසා ද වැඩි දෙනෙක් ප්‍රශ්න මතුකරගනියි. කුරුලෑ ඇති වූ විට එය අතින් කැඩීම, මිරිකීම ආදිය නිසා සමට හානි සිදුවන අතරම සමේ කුහර තුළින් විෂබීජ සමට කාවැදීමෙන් සමේ ආසාදන තත්ත්වයක් ඇතිවිය හැකිය. කුරුලෑ සහිත සමක් නම් පැස වූ කුරුලෑ ඇත්නම් මුහුණ පිරිසුදු කිරීමෙන් පසු ඉතාමත් පිරිසුදු තුවායකින් මුහුණ තෙත මාත්තු කර ගන්න.

 

උණුවතුර ස්නානය :

 

උණුවතුර ස්නානය කිරීම නිසා සමට අවශ්‍ය තෙතමනය සහ තෙල් සහිත බව ඉවත්වෙයි. වඩාත් සුදුසුවන්නේ මද රස්නය සහිත වතුර භාවිතා කිරීමයි.

 

නින්දට පෙර හිසකෙස් සකසා ගැනීම :

 

හිසකෙස් පිළිබඳව දක්වන නොසැලකිලිමත්කම නිසා අද බොහෝ දෙනකු අතර හිසකෙස් රෝග බහුල වෙයි. හිසකෙස් සඳහා භාවිත කරන විවිධ නිෂ්පාදන සහ තෙල් වර්ග ආදිය නිසා අද බොහෝ දෙනකුගේ නලල හා ඒ අවට ප්‍රදේශයේ කුඩා බිබිලි හා වෙනත් ආසාදන මතුවිය හැකියි. හැකිතරම් ඔබේ හිසකෙස් මුහුණේ නොවදින ලෙස පිටුපසට කර සකසා ගන්න. විශේෂයෙන්ම රාත්‍රී නින්දට පෙර කොණ්ඩය හොඳින් පීරා පිටුපසට කර සකසාගන්න.

 

නිතර ඇතිරිලි සහ කොට්ට උර සෝදා පිරිසුදුකර නොගැනීම

 

අප භාවිතාකරන කන්ඩිෂනර් සහ වෙනත් ආලේපන හිස් කබලේ ඇති තෙල් ආදිය කොට්ටඋර ඇතිරිලි ආදියෙහි රැදී තිඛෙයි. මේවා නිතර සෝදා පිරිසුදු නොකිරීමෙන් සම අපවිත්‍ර විය හැකියි. විශේෂයෙන්ම කුරුලෑ සමක් ඇති අය අවම වශයෙන් සතියකට වරක්වත් උණුවතුරෙන් ඇද ඇතිරිලි සහ තුවා සෝදා වේලාගැනීමෙන් විෂබීජ නිසා ඇතිවන ආසාදන වළක්වාගත හැකි වෙයි.

 

සම වියළීම

 

කුරුලෑ ඇති සහ කලාතුරකින් කුරුලෑ හටගන්නා බොහෝ දෙනාගේ දුර්මතයක් වන්නේ තමන්ගේ සමෙහි වියළි ස්වභාවයක් තිබිය යුතු බවයි. ඒ සඳහා ඔවුන් බොහෝ විට සමට අහිතකර රළු නිෂ්පාදන භාවිතයට පෙළැඹෙයි. මෙමගින් සම අනවශ්‍ය ලෙස වියැළීමෙන් සමෙහි තුවාල ඇතිවිය හැකියි. හැමවිටම තමන්ගේ සමේ තත්ත්වය අනුව උචිත දේ පමණක් තෝරාගන්න. සමේ තෙතමනය රඳවාගැනීමට නිතරම මොයිස්චර්රයිසර් එකක් භාවිතා කරන්න.

 

සමේ ආරක්ෂාවට සන්ස්ක්‍රීන් අවශ්‍යයි

 

සමේ ඇතිවිය හැකි වියපත් බව සහ කුරුලෑ නිසා ඇතිවන ලප කැළැල් වළක්වාගැනීමට හොඳම ආරක්ෂකයා වන්නේ සන්ස්ක්‍රීන් එකයි. මෙය දිනපතා භාවිතා කළ යුතු අතර ඉර්‍ථජ් අගය 30 හෝ ඊට වැඩි අගයක් ඇති නිෂ්පාදන තෝරාගත යුතුයි. මෙය මුහුණේ මෙන්ම ඛෙල්ල හා අත්වලත් ආලේප කිරීම යෝග්‍ය වේ.

 

ප්‍රමාණවත් නින්දක් නොලැබීම

 

හොඳ නින්දක් ලැබීම නිරෝගී සමක් ලබාගැනීමට උදව් වෙයි. ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් සම අඳුරු හා මළානික පැහැයක් ගන්නා අතර ඇස්වටාද අඳුරු පැහැයක් ගනියි. අඩු නින්ද ආතතිය වැඩිකරන අතර එය ශරීර සෞඛ්‍යයට ද යෝග්‍ය වේ.

 

මෙම කරුණු කාරණා පිළිබඳව සැලකිලිමත්වීමෙන් ඔබේ සම ගැන ඇති වන ගැටලූ‍ බොහෝමයක් ඔබට නිරාකරණය කරගැනීමට හැකිවේවි.

pasanliya.info
 

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල