වයස ස`ගවන්නම ඕනෙ නම් මෙන්න නවීන ප්‍රතිකාර

views 2017-04-21 11:21:00 BEAUTY

වයසත් එක්ක අපේ සිරුරේ මොනතරම් නම් වෙනස්කම් ඇතිවෙනවාද? හු`ගාක් වෙලාවට වයසට ගියා කියලා පෙනෙන්නේ මුහුණේ වයස්ගත පෙනුම ඉස්මතු කරන ම් යම් ලක්ෂණ මතු වූ විටයි.

 

මේ වෙනස්කම් එක්ක ඔබේ සිතට පුංචි දුකක් පසුතැවීමක් ඇතිවේවි zzඅනේ මං දැන් වයස පාටයි නේද කියලා. මෙහෙම හිතලා ඔබ ඔබේ තිඛෙන රුව රැකගන්න මුහුණ ලස්සනට තියාගන්න උනන්දු නොවුණොත් තව තවත් ඔබේ පෙනුම වයසට යන වේගය ඉක්මන් වේවි.

 

zzඑහෙම වෙන්න දෙන්න එපාZZ අප එහෙම කියන්නේ වයසට ගිය බව පෙන්වන ලක්ෂණ ඉවත්කර ඔබේ තරුණ පෙනුම ළ`ගාකර දෙන්නට දැන් නවීන ප්‍රතිකර්මවලට හැකියාව තිඛෙන නිසයි.

 

zzඔබ තරුණ වෙන්න කැමැතිද?ZZ

 

zzඇත්තටම ඔව්ZZ

 

එහෙම නම් බලන්න ඔබේ තරුණ පෙනුම රැක දෙන්න නවීන ප්‍රතිකර්ම උපකාරී වන්නේ කොහොමද කියලා. වයසට යනකොට මුහුණේ ඇතිවන රැලි සහ එයට සිදු කෙරෙන ප්‍රතිකර්ම මොනවාද යන්න විමසා බලමු.

 

වයසට යාමේදී සමේ සෛල නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය හෙමින් හෙමින් අඩුවෙනවා. ඒ වගේම සමේ ඇදෙන සුළු ගතිය රැකදෙන කොලජන් ඉලාස්ටික් තන්තු හැදෙන එක වඩාත් අඩුවෙනවා. තරුණ කාලයේ දී මෙන් මෙය ඉක්මනින් වර්ධනය වන්නේ නෑ.

 

වයසට යාමත් සම`ගම ඇතිවන තවත් දෙයක් තමයි අපේ මුහුණේ යම් යම් ඉරියව් නිසා ඇතිවන වෙනස් වීම. නළලේ ඇතිවන රැලි, සිනාසෙන විට ඇස්වල දෙපැත්තෙන් මතුවන රැලි, නාසය දෙපස සහ කට දෙපස ඇතිවන රැලි බොහෝ විට දක්නට පුළුවන්. අපේ මුහුණේ සෑම ඉරියව්වක්ම පාසා මේ වෙනස්වීම් ඇතිවෙනවා.

 

වයස්ගත වීමත් සම`ගම සෛල අඩුවීම නිසාත් ඒ වගේම සමේ ඇදෙන සුළු බව අඩුවීම නිසාත් ඉරියව්වලින් මුහුණේ ඇතිවන වෙනස්කම් නැවතත් යථා තත්ත්වයට පත් වන්නේ නෑ. ඒවා ඉරි ආකාරයට රැලි ආකාරයට සම මතුපිටින් ඉස්මතු වනවා.

 

සම වියපත් වීමට බලපාන සාධක බැලුවොත් එය අපට මේ ආකාරයෙන් දක්වන්නට පුළුවන්.

 

සමට නිසි පෝෂණයක් නොලැබීම සම වියපත් වීමට හේතුවක්. අවශ්‍ය ආකාරයට සමට පෝෂණය ලැඛෙනවා නම් සමේ නිරෝගිමත් පෙනුම හොඳින් පවත්වා ගන්නට හැකියාව තිඛෙනවා.

 

අනෙක් කරුණ නම් සමට පාවිච්චි කරන ආලේපන වර්ගයි. බොහෝමයක් ප්‍රෝටීන් වර්ග වගේම සමට හිතකර ඖෂධ වර්ග අඩංගු ක්‍රීම් වර්ග භාවිත කිරීමෙන් සම වයසට යන එක අඩුකර ගන්න පුළුවන්.

 

ඒ වගේම අප මුහුණට ක්‍රීම් එකක් ගාන විටත් මුහුණ සේදීමේදී වුවත් එහිදී මුහුණ සම්බාහනය කළ යුතු විවිධ ක්‍රම තිඛෙනවා. එය නිවැරැදිව අනුගමනය කිරීම වැදගත්.

 

ඉර අව්ව නිසා සමට වන හානිය ගැනත් මෙහිදී සඳහන් කළ යුතුයි. හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්න සන්බ්ලොක් එකක් පාවිච්චි කළ යුතු බව අප නිතර පවසන දෙයක්. නමුත් වැඩි දෙනෙක් එය පාවිච්චි කරන්නේ නෑ. සම ඉර එළියට නිරාවරණය වීම තුළින් සම ඉක්මනින් වයසට යනවා. එම නිසයි පිටතට නිරාවරණය වන අපේ මුහුණ, ඛෙල්ල, අත් දෙක වැනි තැන් ඉක්මනින් රැලි වැටී වියපත් බවක් පෙන්නුම් කරන්නේ.

 

 

 

- සමේ වියපත් පෙනුම ම`ගහරවන්නට ඊස්තටික් මෙඩිසින් ක්‍රමය ඉවහල් වන්නේ කොහොමද?

 

මුහුණේ සියුම් ලෙස ඇති වී තිඛෙන ඉරි වැනි ස්වභාවය නම් ක්‍රීම් ම`ගින් ඉවත් කරන්න පුළුවන්. නමුත් මුහුණේ සම මතුපිට ගැඹුරින් ඉරි මතුවී තිඛෙනවා නම් ඇස් දෙපස රැලි, ඇස් ඇතුළට ගිය ස්වභාවය ආදිය ඉතාමත් මිල අධික ඇන්ටි ඒජිං ක්‍රීම්වලින් වුවත් හදන්න බෑ.

 

මේ තත්ත්වයට පිළියම් කළ හැකි ක්‍රම කීපයක් තිඛෙනවා. ලෝකයේ අලුතින් සොයා ගත් ක්‍රමයක් දැන් ජනපි‍්‍රය වී තිඛෙනවා. මෙය හැඳින්වෙන්නේ ර්‍ථඅර්‍ථ වශයෙන්. ඕනෑම කෙනකුගේ රුධිරයෙන් ගන්නා විශේෂිත ප්‍රෝටීන් එකක් සමට තැන්පත් කිරීම තුළින් නැවතත් -යිබ්‍රොග්ලාස් කියන සෛලය වර්ධනය කරනවා. ඒ සෛල වැඩිවන විට නැවතත් සම ශක්තිමත් වෙනවා. සමේ තිඛෙන වයස්ගත ස්වභාවය අඩු කරනවා. මෙය ඉතාමත් සාර්ථක ක්‍රමයක්. මෙහි කිසිදු ආසාදනයක් හෝ අතුරු බලපෑමක් නැති සියයට සියයක්ම ස්වාභාවික ප්‍රතිකර්මයක්. නවතම තාක්ෂණයට අනුව සිදු කෙරෙන මෙම ප්‍රතිකර්මවලදී අල්ට්‍රාසවුන්ඩ් භාවිතකර සම තද කිරීමත් ශක්තිමත් කිරීමත් කරනවා. මෙය භාවිත කරන්නේ සමේ රැලි ගතිය ඉවත් කරන්නටයි. මේ සඳහා පුහුණුව ලත් වෛද්‍යවරුන් විසිනුයි මෙම කාර්යය සිදු කළ යුත්තේ.

 

එතැනදී වෙන්නේ සමේ දෙවැනි ස්ථරය මත සුළු රත් කිරීමක් කිරීමයි. මෙම රත් කිරීමේදී ළිහිල් වී ඇති සමේ ශක්තිමත් බවක් ඇති කරනවා. ඊට අමතරව කොලජන් තන්තු හදන්න පටන් ගන්නවා. එම නිසාත් සමේ ඇති ඉරි ස්වභාවය අඩුවෙනවා.

 

මේ සඳහා ගැනෙන තවත් ප්‍රතිකර්මයක් තිඛෙනවා. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සමේ හැදිලා තිඛෙන රැලි අයන් කිරීමක් කරඇති ආකාරයට සමේ ලස්සන ස්වභාවයක් ඇති කරනවා. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සමේ රැලි තිබේ නම් එම රැලි බොහෝ දුරට අඩු කිරීමයි. මුහුණේ රැලි වැටී වයස්ගත පෙනුම මතුවී පෙනෙන කෙනකුට වුවත් මේ ම`ගින් හොඳ තරුණ පෙනුමක් ලැඛෙනවා.

 

අවුරුද්දකට වරක් හෝ දෙවරක් මෙම ප්‍රතිකර්මය සිදු කළ යුතුයි.ඊට අමතරව වයසට යාමේදී සමට අවශ්‍ය විටමින් වර්ග ලබා ගැන්ම හරිම වැදගත්. නමුත් හිතුමතේ විටමින් ගැනීම සුදුසු නෑ. හේතුව එසේ විටමින් ගෙන අතුරු ප්‍රතිඵල ඇතිවීම නිසා පැමිණි අය අපට හමු වී තිබීමයි.

 

වයසට යාම පටන් ගන්නා විටම එය පාලනය කරගන්න සැලකිලිමත් වුණේ නැත්නම් ඔබට ඒ ගැන පසුතැවෙමින් ඉන්නට සිදුවේවි. හේතුව කල් පසුවී මේ ගැන සිතන්නට ගියහොත් එම තත්ත්වයන් යථා තත්ත්වයට පත් කිරීම අසීරු විය හැකි නිසයි. ඉතින් තවත් පමා වන්නට එපා. තරුණ පෙනුම ළ`ගාකර ගන්නට ඔබට තවමත් අවස්ථාව තිඛෙනවා.