තෙල් සාත්තුවෙන් පමණක් හිසකෙස් රැකගන්න බෑ

views 2017-04-20 11:32:00 BEAUTY

නිතඹ තෙක් ඇද හැලුණු මොනරපිලක් වන් කෙස් කළඹක් හිමිකර ගැනීම සෑම යුවතියකගේම පැතුමයි. ඒත් ඒ හිත පිරි ආසාව සැබෑකර ගන්නට අවස්ථාව ලැඛෙන්නේ කීයෙන් කී දෙනකුටද? මේ අසීමිත බලාපොරොත්තුව නිසාම බොහොමයක් යුවතියන් අතට හසුවන ඕනෑම තෙලක් හිසේ හළාගන්නට දෙවරක් හිතන්නේ නැහැ.

 

හිසකෙස් හැළීමට, අවපැහැවීමට අකලට ඉදීමට බාහිරින් තෙල් ආලේප කිරීම පමණක්ම ප්‍රතිඵල දායකද? නැත. මන්ද ප්‍රතිකාර කළයුත්තේ රෝගයට නොව රෝග නිධානයටය. රෝගී තත්ත්වය හිසකෙස් ගැළවීයැම වුවත් රෝග නිධානය මලබද්ධය, ඇෙ`ග් උෂ්ණය, විටමින් අඩුවීම හෝ වෙනත් තත්ත්වයක් විය හැකිය.

 

ඒ නිසා ප්‍රථමයෙන් රෝග නිධානය හඳුනා ගැනීම වඩාත් වැදගත්ය.

 

හිසකෙස් ගැළවීයාමට බාහිරින් ප්‍රතිකාර කිරීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන්නේ මේ නිසායි. ඒ සඳහා අභ්‍යන්තරික වශයෙන්ද ප්‍රතිකාර කිරීම වැදගත්ය. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට හිසකෙස් ගැලවීයාමට මලබද්ධය හා ඇ`ග උෂ්ණවීම ප්‍රධාන වශයෙන් බලපායි.

 

එකී තත්ත්වයක් පවතිනවා නම් ප්‍රථමයෙන් එකී රෝග නිධානයන්ට ප්‍රතිකාර කිරීමෙන් ඉබේම රෝගයද පාලනය වෙයි.

 

යම් කෙනකුට මලබද්ධය තත්ත්වයක් පවතිනවා නම් ඔහු හෝ ඇය පලතුරු වැඩි වශයෙන් ආහාරයට එක්කරගත යුතුය. ඒ වගේම එකී තත්ත්වය පාලනයට විටමින් බී අත්‍යාවශ්‍ය වන නිසා මුංඇට, කඩල, නිවුඩුහාල්, රනිලභෝග ගැනීමද වැදගත්ය. ඒ වගේම ගොටුකොළ, කතුරුමුරුංගා, මුකුණුවැන්න, කංකුං, නිවිති, සලාද, මුරුංගා ආදිය නිතර ආහාරයට ගැනීම සුදුසු වන අතර ඒවා වැඩි වේලා නොතැම්බීමට ද වගබලා ගැනීම යෝග්‍යයි.

 

බඩ විරේක කිරීම අතීතයේ පුරුද්දක් වශයෙන් සිදුකළත් වර්තමානය වන විට එකී තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත්වීම නිසා ඌෂ්ණවීම, මලබද්ධය අපගේ ජීවිතවලට සමීප කිරීමට සමත් වී ඇත.

 

සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකු මාස 6කට හෝ 8කට වරක් බඩ විරේකයක් කිරීම අනිවාර්යයි.

 

බඩ විරේකයක් කිරීමට අරළු කුඩු කලං 6 ක්, සූකිරි කලං 6 ක්, සහිඳ ලුණු කලං 01 තැඹිලි ගෙඩි එකක් සපයා ගත යුතුය. සවස 6.00 හෝ 7.00 ට තැඹිලි ගෙඩියක් කපා ඉහත ද්‍රව්‍ය එක්කර නැවත තැඹිලි ගෙඩියේම කැපූ කැබැල්ලෙන් වසා පින්නට නිරාවරණය කළ යුතුය.

 

මෙම පානය පිරිසුදු රෙදි කඩකින් 7 වරක් පමණ පෙරා හිස්බඩම පානය කිරීම වැදගත් සේම තෙල් සහිත හා මාංශමය ආහාර ආහාරයට නොගැනීමත් වැදගත්ය.

 

මෙසේ අභ්‍යන්තරිකව ප්‍රතිකාර කරන අතරවාරයේ හිසකෙස් වර්ධනයට බාහිරින්ද ප්‍රතිකාර කිරීම වැදගත්ය. ඒ සඳහා සුදුසු කීකිරිඳිය අඩංගු කේශ වර්ධන තෙලක් පාවිච්චි කළ යුතුය. තෙල් පාවිච්චි කිරීමට පළමුව හිස පිරිසුදු කරගැනීමට කෝමාරිකා මද හෝ උළුහාල් දෙහි තම්බා සෝදා හිස වියළා ගැනීමෙන් පසු තෙල් දමා ඇ`ගිලි තුඩුවලින් සම්බාහනය කළ යුතුය.

 

මෙසේ බාහිරින් හා අභ්‍යන්තරිකව ප්‍රතිකාර කිරීමෙන් නීලවර්ණ දිගු කෙස් කළඹක හිමිකාරිනියක් වීමට ඔබටත් පුළුවන.

Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල