ඔබ විසින්ම ඔබේ පෙනුමට හානි කරන වැරදි පුරුදු 15 ක් – 2 කොටස

views 2017-03-19 10:20:00 BEAUTY

මේ ලිපියේ පළමු වෙනි කොටස පල වුනා. ඔබ කියවන්න ඇති. මෙතැන් සිට අපේ රුව අවලස්සන කරන අනික් පුරුදු ගැනත් ඉගෙනගෙන ඒවගෙන් මිදෙන්න උත්සහ කරමු.

08) ඔබත් ඇස් පොඩි කරනවද?

මේ නරක පුරුද්ද ඔබේ ඇස්වලට විතරක් නෙවෙයි ඔබේ ඇහි පිහාටු වලටත් හානි කරයි. මෙය ඇහි පිහාටු ගැලවී යාමටත් ඇස්යට යාමටත් හේතු වේ. ඒ වගේම මෙයින් ඇස අවට හමට හානි කර රතු පැහැ ගන්වන අතර දෑස්වලට විඩාබර පෙනුමක් ගෙන දෙයි. ඒ නිසා ඇස් පොඩි කිරීම වෙනුවට සෑම විනාඩි විස්සකට වරක්ම තත්පර 20ක් දෑස්වලට විවේකයක් දීමට පුරුදු වන්න. මෙයින් ඔබට කාන්තිමත් දෑසක් ලබාගත හැකි වේවි.
09) පරණ කෝන්තර තාමත් හිතේ තියන් ඉන්නවද?

2005 වර්ෂයේ පළවූ Journal of Behavioral Medicine නම් අධ්‍යයනයට අනුව සමාවදීම හා ශාරීරික සෞඛ්‍ය අතර දැඩි සම්බන්ධයක් ඇති බව සොයා ගැනුණි. ඔබට වෙනත් අයෙකු කෙරෙහි ඇති කේන්තියක් හෝ පළිගැනීමේ චේතනාවක් අමතක කළ නොහැකි නම් එය ඔබේ පෙනුම වසර දෙකකින් පමණ වැඩි කරන බව හෙළි වී ඇත. මෙවන් අවස්ථාවල ඔබ මානසික පීඩනයට ලක් වේ. ඔබ මානසික පීඩනයට ලක් වූ විට ශරීරයේ කෝටිසසෝල් නම් රසායනය නිපදවේ. එය ඔබේ සිරුරේ බර, රුධිරයේ සීනි මට්ටම, රුධිර පීඩනය, ආදිය වැඩි කරයි. එනිසා ඔබට දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදිය වැළඳීමේ ප්‍රවණතාව වැඩි කරයි. මේ නිසා අනික් අය එක්ක තියන තරහවල් අමතක කර මානසික පීඩනයෙන් තොරව හිතේ සතුටින් හිටියොත් ඔබටත් හැමදාම තරුණව ඉන්න පුළුවන් වෙයි.
10) ඔබත් නිතර මුහුණ අල්ලනවද?

ඔබත් ඔබ නොදැනුවත්වම කම්මුලේ ඇත තබා ගැනීම, නහය කැසීම, නිකට අතගෑම ආදී දේ කරනවා ඇති. මෙය ඔබේ මුහුණට විශාල හානියක් සිදු කරනවා. මෙයින් ඉක්මනින් මුහුණ රැලි වැටීමට පටන් ගන්නා අතර ඔබ අපිරිසිදු දෑත්වලින් මුහුණ අල්ලන්නේ නම් ඔබේ මුහුණේ සම ආසාදනය වී කුරුලෑද ඇති විය හැක. ඒ නිසා තමන්ව පාලනය කරගෙන මේ නරක පුරුද්ද අත්හැරගත්තොත් ඔබේ ගොඩක් ගැටළුවලට විසඳුම් ලැබේවි.
11) ඔබත් නිතර නිතර ඔබේ මුහුණට පවුඩර් යොදනවද?

ඔබේ මුහුණට කරන නරකම දෙය තමයි තෙල් ගතියක් දැනෙන හැම විටම මුහුණට පවූඩ්ර් ආලේප කිරීම. එයින් ඔබේ සමේ ඇති සියුම් සිදුරු අවහිර කරයි. එය ඔබේ සමට ඉතා අහිතකරයි. එනිසා පළමුවෙන්ම ටිෂූ එකක් හෝ වෙට් ටිෂූ එකකින් මුහුණ පිසදමන්න. එයිනුත් තෙල් ගතිය ඉවත්වන්නේ නැත්නම් පමණක් පවුඩර් ආලේප කරන්න.
12) ඔබේ හෑන්ඩ් බෑග් ඒකෙත් දාහක් දේ තියෙනවද?

ඔබත් ඔබේ බෑගයේ මේකප් බඩු, කුඩය,පොතක්, වතුර බෝතලයක්, ප්‍රථමාධාර ආදී ඔබට අවශ්‍ය හැමදේම අරන් යනවද? එහෙනම් ඔබ බොහෝ අපහසුතාවලට මුහුණ දෙනවා ඇති. ඒ වගේම ඔබේ උරහිස්, දෑත් රිදුම් දෙනවා ඇති. මේ නිසා එකම අතේ බෑගය රැගෙන යාමෙන් වවළකින්න. මාරුවෙන් මාරුවට අත් දෙකේම බැගය අරන් යන්න. මෙයින් ඔබට යම් සහනයක් ලබා ගත හැක.
13) මුණේ ඕනවට වඩා ක්‍රීම් ගන්න එපා.

ඕනෑම දෙයක් ඕනවට වැඩ ඕනෙම නෑ කියනවනේ. මුහුණේ ක්‍රීම් ගාන විටත් ඕනවට වඩා ගාන්න හොඳ නැහැ. ඉතා හොඳ පෝෂණයක් දෙන ක්‍රීම් එකක් වුවත් ඝන තට්ටුවක් ලෙස මුහුණේ ආලේප කිරීම හොඳ නැහැ. එයින් සමට හුස්ම ගැනීමේ හැකියාව නැතිවී යන අතර එනිසා සම ඉදිමීම, කැළැල් ඇති වීම සහ දුර්වර්ණ වීම සිදු වේ. මෙනිසා ක්‍රීම් ආලේප කළ පසු වැඩි ප්‍රමණය ටිෂු එකක් අධාරයෙන් ඉවත් කරන්න.
14) දිවීම ඔබේ ජීවිතයේ කොටසක්ද

වෛද්‍යවරුන්ට අනුව දිවීම වැනි ශාරීරික ව්‍යයමයකින් යම් දුරකට සම ඉක්මනින් වයසට යාමක් සිදු විය හැක. එහෙත් ඔබ උදෑසන මද හිරු එළියේ ව්‍යායාම කරන්නේ නම් බිය වීමට අවශ්‍ය නැත. එය ඔබේ ශරීරය සෞඛ්‍යමත් කරයි.
15) පළතුරු යුෂට ඔබ කෑදරයිද?

නැවුම් පළතුරු යුෂ ශරීරය අත්‍යවශ්‍යය. එහි ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. එහෙත් පළතුරු යුෂවල ඇති fructose වැනි රසායන ශරීරයට තරමක් අහිතකර වේ. එයින් රුධිරයේ ඇති සීනි, collagen නමැති ප්‍රෝටීන් සමග බද්ධ වේ. මෙය සම රැලි වැටීමට හේතුවකි. එනිසා පළතුරු යුෂ ද අධිකව පානය කිරීමෙන් වළකින්න. ඒ වගේම ගෝවා යුෂ පානයට පුරුදු වීමෙන් මේ ගැටළු මගහරවා ගත හැක. කොළ පැහැති එළවලුවල සම රැලි වැටීම් නැති කරන ප්‍රතිඔක්සිකාරක හා සින්ක් අඩංගු වේ.

මේ පුරුදු ටික හොඳින් අධ්‍යනය කරලා නරක පුරුදු අතහැරගත්තොත් ඔබටත් ඉතා සෞඛ්‍ය සම්පන්නව හා ලස්සනට ඉන්න පුළුවන් වේවි