ඔබ විසින්ම ඔබේ පෙනුමට හානි කරන වැරදි පුරුදු 15 ක් – 1 කොටස

views 2017-03-17 11:13:00 BEAUTY

ඔබේ සුන්දරත්වය නොදැනීම විනාශ කරන වැරදි පුරුදු අපි හැමෝම අතරේ තිබෙනවා. මේවා වලට හුරු වෙන්නේ ඉබේමයි. නමුත් එයින් ඔබේ පෙනුම අවලස්සන වෙනවා නම්, ඒ පුරුදු වලින් මිදීම තමයි හොඳම දේ. කියවල බලන්නකෝ මෙතනින් කීයක් ඔබත් කරනවද කියල.

1) ඔබත් පෝනිටේල් එකට කැමති කෙනෙක්ද?

ගොඩක් දෙනෙක් පෝනිටේල් කොන්ඩ විලාසිතාවට කැමතියි. එකෙන් වැදගත් පෙනුමක් ලැබෙනවා වගේම එය ඉතාම පහසුයි. උණුසුම් කාලයට දාඩියෙන් බේරෙන්නත් මේක හොඳ කොන්ඩ විලාසිතාවක්. ඒත් මෙහි අවාසිත් තියන බව ඔබ දන්නවද?. දිගු කාලයක් නොකඩවා කොණ්ඩය පසුපසට පීරීමෙන් ඔබේ නළල ප්‍රදේශයෙන් කොණ්ඩය පසුපසට යයි. එයින් නළල වඩා පළල්ව දිස්වේ. මෙය අනාගතයේදී තට්ටය පැදීමට ද හේතුවක් වේ. ඒ නිසා හැමදාම එකම විදියට කොණ්ඩය නොබැඳ තරමක් පහලට කර ද කොණ්ඩය බැඳීමට (Low panytail) මෙන්ම කොන්ඩ කටුවක් භාවිතා කර ලිහිල්ව කොණ්ඩය සකස් කර ගැනීමටද පුරුදු වන්න. එයින් ඔබේ පෙනුම හැමදාම ලස්සනට තියා ගන්න පුළුවන් වේවි.
02) ඕනවට වඩා කිරි බොන්න හොඳයිද?

කිරි කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය දෙයක්. ඒත් ප්‍රමාණය ඉක්මවා කිරි බීම ශරීරයට අහිතකරයි. කිරිවල ශරීරයේ මේද නිෂ්පාදනය වැඩි කරන androgens අඩංගු වේ. මේ නිසා ඔබේ සිරුරේ මේද නිෂ්පාදනය වැඩි වී ඔබේ සම තෙල් සහිත ස්වභාවයක් ගනී. ඔබ තුළින් මහන්සි පෙනුමක් දිස්වීමටද මෙය හේතුවකි. ඒ නිසා මින් පස්සේ කිරි බීම තරමක් අඩු කරන්න. එයින් ඔබට ප්‍රාණවත් පෙනුමක් ලබා ගත හැකි වේවි.
03) සන් ක්‍රීම් ගාන්නේ මුහුණේ විතරද?

ගෙදරින් එලියට බහින්න කලින් සන් ක්‍රීම් ගාන එක අද ගොඩක් කාන්තාවන්ගේ පුරුද්දක්. ඒත් ගොඩක් අය සන් ක්‍රීම් ගාන්නේ මුහුණේ විතරයි. මේක නම් හොද දෙයක් නෙවෙයි. මුහුණ වගේම ඔබේ දෑත් දෙපාත් හිරු එළියට නිරාවරණය වෙනවා. අත් කකුල්වල සන් ක්‍රීම් ආලේප නොකිරීමෙන් සම පිළිස්සී ලප කැළැල් ඇති කරන අතර හම රැලි වැටීමටද පටන් ගනී. එයින් ඔබේ දෑත් සහ දෙපාවලට වයසින් වැඩි පෙනුමක් ලබා දෙයි. මේ නිසා මීට පස්සේ සන් ක්‍රීම් ගානකොට ඔබේ සිරුරේ හිරු එළියට නිරාවරණය වන හැමතැනකම සන් ක්‍රීම් ගාන්න අමතක කරන්න එපා.
04) කකුලක් පිට කකුලක් දමාගෙන වාඩි වීම හොඳ නැහැ

රුධිර වාහිනී සංකෝචනයට හා රුධිර සංසරණයට පාදවල නහර ඍජුවම බලපෑම් කරයි. ඔබ කකුලක් පිට කකුලක් දමා වාඩි වීමෙන් ඔබේ ශ්‍රෝණි ප්‍රදේශයේ රුධිර සංසරණයට බාධා වේ. මෙම ඉරියව්ව කාන්තාවන්ගේ සෞඛ්‍යයට හානිදායක වන අතර ගර්භනී කාන්තාවන්ට කිසිසේත්ම සුදුසු නැත. ඔබ මේ විධියට ඉඳගන්න පුරුදු වුණු කෙනෙක් නම් ඒක අත්හරින එක මුලින් ටිකක් අමාරු වේවි. ඒත් සෞඛ්‍යමත්ව ඉන්න නම් ඒක කරන්නම වේවි. මෙය පහසු කිරීම සඳහා ඔබ වැඩ කරන විට අසුන් ගැනීමට සුවපහසු පුටුවක් ගන්න. වාඩි වූ පසු අනිවාර්යයෙන්ම කකුල් දෙක බිම තබාගෙන ඉන්න අමතක කරන්න එපා. මෙයින් ඔබට ඇතිවන ශාරීරික වේදනා බොහොමයක් අඩු කරගත හැකි අතර ඔබට සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමටද හැකි වේවි.
05) තෙත කොණ්ඩය පීරන්න එපා

ඔබත් නාපු ගමන්ම කොණ්ඩය පීරනවද? එහෙනම් ඔබ ඔබේම කොණ්ඩයට හානි කරගන්නවා. තෙත කොණ්ඩය පීරීම කෙස් අග පැලීමට හේතුවක්. ඒ වගේම තෙත පිටින් කොණ්ඩය පීරීමෙන් කෙස් ගැලවී යාමද වැඩි වෙනවා. කොණ්ඩය නීරෝගීව තබා ගන්න නම් නෑමෙන් පසු පළමුවෙන්ම තුවායකින් කොණ්ඩය තෙත මාත්තු කරන්න.(ඇතිල්ලීමෙන් වළකින්න) ඉන් පසු කොණ්ඩය බ්ලෝ ඩ්‍රයි කරන්න. ඊට පස්සේ කොණ්ඩය පීරලා කැමති කොන්ඩ මෝස්තරයක් දාගන්න. මෙයින් ඔබේ කොණ්ඩයට හානි වීම වළක්වා ගත හැක.
06) මේකප් දාන්න කලින් ඇහිබැම ගලවන්න එපා

ගොඩක් දෙන කරන වැරද්දක් තමයි මේකප් දාන්න කලින් ඇහිබැම ගලවන එක. ඔබ දන්නවද මෙයින් බැක්ටීරියා අසාදනය වීමේ හැකියාව වැඩි කරන බව. ඇහිබැම ගලවපු ගමන්ම මේකප් දැමීමෙන් ඔබේ දෑස් අවට අසාදනය වී කැළැල් ඇති වේ. මේ නිසා සවස් වරුවක අයිබ්‍රෝස් ගැලවීම සිදු කරන්න. එවිට දුවිලි හා විෂබීජ නිසා ඇති වන අසාදන වළක්වා ගත හැක.
07) කොන්ඩය සකස් කිරීමේ උපකරණ අධික උෂ්ණත්වයෙන් භාවිතා කරනවද?

හෙයාර් ඩ්‍රයර්, හෙයාර් අයන් ආදිය අධික උෂ්ණත්වයෙන් භාවිත කිරීමේදී කෙස් ගස ඇතුලත කුඩා බුබුළු නිර්මාණය වේ. මෙම බුබුළු නිසා හිසකෙස් ඉතා වියළි හා කැඩෙනසුලු ස්වභාවයකට පත් වේ. මේ නිසා කොණ්ඩය වේලන විට හෙයා ඩ්‍රයරය කොණ්ඩයට 15cm වත් දුරින් තබාගෙන වේලන්න. එමෙන්ම අයන් කිරීමට පෙර සිල්කොන් ඔයිල් වැනි ආරක්ෂක ආලේපයක් ගැල්වීමටත් උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමක තබා ගැනීමටත් අමතක කරන්න එපා. මෙයින් ඔබේ හිසකෙස්වලට හානි වීමෙන් වළක්වා ගත හැක.
මෙම ලිපියේ දෙවැනි කොටස සදහා පිවිසෙන්න : –
ඔබ විසින්ම ඔබේ පෙනුමට හානි කරන වැරදි පුරුදු 15 ක් – 2 කොටස



සතියේ ලග්න පලාපල