sport

  • ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ඉන්දියාව අතර මෝහාලියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (05) යි. දෙවැනි ඉනිමේ ලකුණු 216ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දීය පිල ඊයේ (04) දිනය අවසන් වනවිට කඩුලූ 4ක් දැවී ලකුණු 55ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් කඩුලූ 6ක් අතැතිව තවත් ලකුණු 161ක් පිටුපසින් සිටිනවා. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිමේදී ලකුණු 428ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමේ දී ලකුණු 192කට දැවී ගියා. සහීර් ඛාන් සහ ඉෂාන්ට් ෂර්මා කඩුලූ 3 බැගින් බිඳ හෙලූවා. ඉන්දීය දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටින්නේ සචින් තෙන්ඩුල්කාර් සහ සැදෑ පිතිකරු සහීර් ඛාන්.

  • චැම්පියන් ලීග් තරග තුනක පරාජයකින් පසු වයඹට ජයක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    චැම්පියන් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ වයඹ කණ්ඩායම සහ නවසීලන්ත මධ්‍යම දිස්ති‍්‍රක් කණ්ඩායම අතර දකුණු අපි‍්‍රකාවේ පෝට් එළිසබත්හිදී පැවැති තරගය ලකුණු 74 කින් ජය ගැනීමට වයඹ කණ්ඩායම ඊයේ සමත් වුණා. කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් වයඹ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 06 දැවී ලකුණු 144 ක් ලබාගත්තා. මහේල ජයවර්ධන ලකුණු 20 යි. මහේල උඩවත්ත ලකුණු 23 ක් සහ නායක ජෙහාන් මුබාරක් ලකුණු 30 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත මධ්‍යම දිස්ති‍්‍රක් කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 3 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 70 ක් පමණයි. තරගයේ වීරයා වයඹ කණ්ඩායමේ ඉසුරු උදානයි. වයඹ කණ්ඩායම චැම්පියන් ලීග් තරගාවලියේ මීට පෙර සහභාගි වු තරග තුනම පරාජයට පත්වුණා.

  • පාකිස්ථානය එංගලන්තයට පිත්තෙන් පිළිතුරු දෙයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    එංගලන්ත ක‍්‍රීඩකයන් ද තරග පාවාදීම්වලට සම්බන්ධ බවට පාකිස්ථාන කි‍්‍රකට් සම්මේලන ප‍්‍රධානි ඉජාස් බට් සිදුකළ ප‍්‍රකාශයක් හේතුවෙන් එංගලන්ත-පාකිස්ථාන 4 වැනි එක්දින තරගය නතර වීමේ අවදානමක් ඊයේ (20) පැන නැගුණා. පාකිස්ථාන ක‍්‍රිකට් ප‍්‍රධානියාගේ ප‍්‍රකාශයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට ද එංගලන්ත ක‍්‍රිකට් පාලක මණ්ඩලය අනතුරු ඇඟවීමක් ද කළා. එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැරදි ආදර්ශයක් සැපයිය නොහැකි බැවින් පාකිස්ථානය සමඟ ඉතිරි තරග ද එලෙසින්ම පවත්වන බවයි එමගින් කියා සිටියේ. ඔට්ටු තබන්නන්ගෙන් මුදල් ලබාගෙන එංගලන්ත ක‍්‍රීඩකයන් 3 වැනි එක්දින තරගයේදී පාකිස්ථානයට පරාජය වූ බවටයි ඉජාස් බට් චෝදනා කළේ.

  • රට පාවා දෙන්නන්ට නීතිය - කී‍්‍රඩා ඇමති සී.බී. කියයි.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    මෙරට කීී‍්‍රඩා ක්ෂේත‍්‍රය ඉදිරියට ගෙන යාම සදහා ගත හැකි සියළුම කි‍්‍රයා මාර්ග ගන්නා බව කී‍්‍රඩා අමාත්‍ය සී.බී.රත්නායක පවසනවා. ඔහු කියා සිටියේ රට පාවා දෙමින් වැරදි ක‍්‍රියාමාර්ග අනුගමනය කරන අය සම්බන්ධයෙන් නීතිය හරියාකාරයෙන් කි‍්‍රයාත්මක කිරිමට තමා කිසිවිටෙක පසුබට නොවන බවයි. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ජාතික මල්ලවපොර සම්මේලනයේ නිල වෙබ් අඩවිය විවෘත කිරිමේ අවස්ථාවට කොළඹ දී ඊයේ එක් වෙමින්

  • චැම්පියන් ලීග් හෙට ඇරඹෙයි.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    චැම්පියන් ලීග් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී හෙට ආරම්භ වීමට නියමිතයි. කි‍්‍රකට් කී‍්‍රඩා කරන රටවල ප‍්‍රාන්ත තරගාවලි ජයග‍්‍රහණය කරන කණ්ඩායම්වලට මෙම තරගාවලිය සඳහා ආරාධනා ලැබී තිබෙනවා. අයි. පී. එල්. තරගාවලියට සමාන ආකාරයේ තරගාවලියක් ලෙස මෙම චැම්පියන් ලීග් තරගාවලිය පැවැත්වෙනු ඇති. පසුගිය අයි.පි.එල්. තරගාවලියේ පළමු ස්ථාන 3 හිමිකරගත් මුම්බායි ඉන්ඩියන්, චෙන්නායි සුපර් කිංස්, බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් යන කණ්ඩායම් මෙම තරගාවලියට ඉදිරිපත් වනවා.

  • නෙට්බෝල් කී‍්‍රඩාවට නව ජාතික පුහුණුකාරිනියක්.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ශී‍්‍ර ලංකා නෙට්බෝල් සම්මේලනයේ ජේ්‍යෂ්ඨ පුහුණු සංචිතය සඳහා නව ජාතික පුහුණුකාරිනියක් පත්කර ගැනීමට සූදානම් වනවා.

  • 2018 පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල ලංකාවට ලබාගැනීමට ප්‍රබල උත්සාහයක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රට වල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලබා ගැනීම සඳහා ප්‍රබල උත්සහයක් දරන බව ක්‍රීඩා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.

  • සාක්ෂි ලැබෙන තුරු කිසිවක් කරන්නේ නෑ

    2014-07-30 05:38:00 Views 18 Read More...

    පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වන තුරු කිසිදු ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පකිස්ථානු ක්‍රිකට් මණ්ඩලය පවසයි. තරග පාවා දුන් බවට තම ක්‍රීඩකයින්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බව එහි සභාපති ඉජාස් බට් සඳහන් කරයි.

  • බීච් ‍ෆුට්බෝල් පිරිමි ශූරතාවය ට්‍රයි ස්ටාර් කණ්ඩායමට

    2014-07-30 05:38:00 Views 18 Read More...

    පා පන්දු සම්මේලනය සංවිධානය කළ බීච් ‍ෆුට්බෝල් තරගාවලියේ පිරිමි ශූරතාවය ට්‍රයි ස්ටාර් කණ්ඩායම හිමි කර ගෙන තිබේ. ඔවුන් ශූරතාවය හිමි කර ගනු ලැබුවේ කළුතර පාක් කණ්ඩායම පරාජය කරමිනි. කළුතර කැලිඩෝ වෙරළ තීරයේ පැවති මෙම බීච් ‍ෆුට්බෝල් තරගාවලිය සඳහා පිරිමි තරග සදහා කණ්ඩායම් 8 ක් සහභාගී වී සිටියහ.

  • පොදු රාජ්‍ය මණ්ඩලයීය උළෙලට ජාත්‍යන්තර පාපැදි තරගයක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව ජාත්‍යන්තර පාපැදි තරගයක් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාවේ නවදිල්ලි නගරයේ මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත.

  • තුන් කොන් ජය ශ්‍රී ලංකාවටයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති අවසාන මහා තරගයෙන් වැඩි ලකුණු 74 න් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ස්වල්ප මොහොතකට පෙර සමත්විය. අද පැවති තරගයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර ගණන අවසානයේ ලකුණු 299 ක් රැස්කරන ලදී.

  • සුදුස්සන් තේරීමේ තරගයෙන් ලංකාවට තෙවන තැන

    2014-07-30 05:38:00 Views 18 Read More...

    2010 ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා ආසියානු කලාපීය සුදුස්සන් තේරීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය හිමි වී තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර දී රටවල් 8 ක සභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්විණි.

English News

සතියේ ලග්න පලාපල