sport

  • ලෝක කුසලානය වෙනුවෙන් තිස් දෙනෙකුගේ ලැයිස්තුවකට ඇමති අනුමැතිය

    2014-07-30 05:38:00 Views 18 Read More...

    2011 අයි.සී.සී ලෝක කුසලානය සඳහා තරගවදින ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් වටයේ ක්‍රීඩකයින් 30 දෙනෙකුගේ නම් ලැයිස්තුවකට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

  • ආසියානු මලල ක්‍රීඩාවේ ශ්‍රි ලංකාව 16 වන තැනට

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ආසියාතික මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රි ලංකාව 16 වන ස්ථානයට පත්ව තිබේ.

  • ඉන්දියාවෙන් යලි සුපිරි දස්කම්.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    සංචාරක නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර, බැංගලෝර් හීදී පැවති එක්දින කි‍්‍රකට් තරගය කඩුළු 5 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (07) සමත් වුණා. කාසියේ වාසිය දිනා නවසීලන්ත කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කි‍්‍රකට් නායකයා ආරාධනා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේදී, කඩුළු 7 ක් දැවී ලකුණු 315 ක් ලබා ගත්තා. ජේම්ස් ෆ්රෑන්ක්ලින් නොදැවී ලකුණු 98 යි. යූසුෆ් පතාන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුළු 3 ක් දවා ගත්තා. ලකුණු 316 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 5 ක් තුළ ජයග‍්‍රහණය හිමිකර ගනු ලැබුවේ ලකුණු 321 ක් ලබා ගනිමින්. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුසුෆ් පතාන් නොදැවී ලකුණු 123 යි. තරගයේ වීරයා සම්මානය හිමිවූයේද, යූසුෆ් පතාන්ටයි. තරග 5 කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා එක්දින තරගාවලිය 4 ට 0 ක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්.

  • ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 84

    2014-07-30 05:38:00 Views 18 Read More...

    සංචාරක බටහිර ඉන්දීය කෙදෙව් පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්.ප්‍රේමදාස කී්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි්‍රකට් තරගයේ පළමු දිනය වු ඊයේ (23) අඳුරු ආලෝකය නිසා තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 84 ක් ලබා සිටියේය. ඉන් අනතුරුව ඇඳ හැළුණු වර්ෂාවත් සමග පළමු දිනයේ තරගය අත්හිටුවන ලදී. නායක කුමාර් සංගක්කාර (නොදැවී 25) සහ තිලාන් සමරවීර (නොදැවී 26) පන්දුවට පහර දෙමින් සිටින පිතිකරුවෝ වෙති.

  • ශ්‍රී ලංකා -කොදෙව් පළමු ටෙස්ට් ගැටුමේ අවසන් දිනය අදයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද(19)ය. ඊයේ(18) දිනය නිමාවන විට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කිසිවෙකු නොදැවී ලකුණු 89 ක් රැස් කර ගෙන තිබිණි.

  • ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පළමු පුහුණු තරගය ලකුණු 119 කින් ජය ගනී.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ඕස්ටේ‍්‍රලියානු සංචාරයක නිරත ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට එරට ක්වින්ස්ලන්ඞ් කණ්ඩායම සමග බි‍්‍රස්්බෙන්හිදී අද (22) සහභාගී වුණා. කාසිය වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශි‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලූ 7 ක් දැවී ලකුණු 301 ක් රැස් කළා. කුමාර සංගක්කාර ලකුණු 110 යි. චාමර සිල්වා ලකුණු 75 යි. පිළිතුරු වශයෙන් ක්වින්ස්ලන්ඞ් කණ්ඩායමක් පන්දුවාර 36 යි පන්දු 1 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි. ඒ අනුව ශි‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 119 කින් මෙම තරගය ජයග‍්‍රහණය කළා. පන්දු යැවීමේදී දිල්හාර ප‍්‍රනාන්දු ක්වින්ස්ලන්ඞ් කණ්ඩායමේ කඩුලූ 4 ක් බිඳ හෙලූ අතර, ධම්මික ප‍්‍රසාද් කඩුලූ 3 ක් බිඳ හෙලූවා. අජන්ත මෙන්ඩිස් කඩුලූ 2යි.

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියා යයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වීමට‍ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා ඊයේ(17) පිටත්විය. එක්දින ක්‍රිකට් තරග තුනට අමතරව පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයක් ද මෙම තරගාවලියට ඇතුළත්ය.

  • ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ඉන්දියාව අතර මෝහාලියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (05) යි. දෙවැනි ඉනිමේ ලකුණු 216ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දීය පිල ඊයේ (04) දිනය අවසන් වනවිට කඩුලූ 4ක් දැවී ලකුණු 55ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් කඩුලූ 6ක් අතැතිව තවත් ලකුණු 161ක් පිටුපසින් සිටිනවා. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිමේදී ලකුණු 428ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමේ දී ලකුණු 192කට දැවී ගියා. සහීර් ඛාන් සහ ඉෂාන්ට් ෂර්මා කඩුලූ 3 බැගින් බිඳ හෙලූවා. ඉන්දීය දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටින්නේ සචින් තෙන්ඩුල්කාර් සහ සැදෑ පිතිකරු සහීර් ඛාන්.

  • චැම්පියන් ලීග් තරග තුනක පරාජයකින් පසු වයඹට ජයක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    චැම්පියන් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ වයඹ කණ්ඩායම සහ නවසීලන්ත මධ්‍යම දිස්ති‍්‍රක් කණ්ඩායම අතර දකුණු අපි‍්‍රකාවේ පෝට් එළිසබත්හිදී පැවැති තරගය ලකුණු 74 කින් ජය ගැනීමට වයඹ කණ්ඩායම ඊයේ සමත් වුණා. කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් වයඹ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 06 දැවී ලකුණු 144 ක් ලබාගත්තා. මහේල ජයවර්ධන ලකුණු 20 යි. මහේල උඩවත්ත ලකුණු 23 ක් සහ නායක ජෙහාන් මුබාරක් ලකුණු 30 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත මධ්‍යම දිස්ති‍්‍රක් කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 3 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 70 ක් පමණයි. තරගයේ වීරයා වයඹ කණ්ඩායමේ ඉසුරු උදානයි. වයඹ කණ්ඩායම චැම්පියන් ලීග් තරගාවලියේ මීට පෙර සහභාගි වු තරග තුනම පරාජයට පත්වුණා.

  • පාකිස්ථානය එංගලන්තයට පිත්තෙන් පිළිතුරු දෙයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    එංගලන්ත ක‍්‍රීඩකයන් ද තරග පාවාදීම්වලට සම්බන්ධ බවට පාකිස්ථාන කි‍්‍රකට් සම්මේලන ප‍්‍රධානි ඉජාස් බට් සිදුකළ ප‍්‍රකාශයක් හේතුවෙන් එංගලන්ත-පාකිස්ථාන 4 වැනි එක්දින තරගය නතර වීමේ අවදානමක් ඊයේ (20) පැන නැගුණා. පාකිස්ථාන ක‍්‍රිකට් ප‍්‍රධානියාගේ ප‍්‍රකාශයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට ද එංගලන්ත ක‍්‍රිකට් පාලක මණ්ඩලය අනතුරු ඇඟවීමක් ද කළා. එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැරදි ආදර්ශයක් සැපයිය නොහැකි බැවින් පාකිස්ථානය සමඟ ඉතිරි තරග ද එලෙසින්ම පවත්වන බවයි එමගින් කියා සිටියේ. ඔට්ටු තබන්නන්ගෙන් මුදල් ලබාගෙන එංගලන්ත ක‍්‍රීඩකයන් 3 වැනි එක්දින තරගයේදී පාකිස්ථානයට පරාජය වූ බවටයි ඉජාස් බට් චෝදනා කළේ.

  • රට පාවා දෙන්නන්ට නීතිය - කී‍්‍රඩා ඇමති සී.බී. කියයි.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    මෙරට කීී‍්‍රඩා ක්ෂේත‍්‍රය ඉදිරියට ගෙන යාම සදහා ගත හැකි සියළුම කි‍්‍රයා මාර්ග ගන්නා බව කී‍්‍රඩා අමාත්‍ය සී.බී.රත්නායක පවසනවා. ඔහු කියා සිටියේ රට පාවා දෙමින් වැරදි ක‍්‍රියාමාර්ග අනුගමනය කරන අය සම්බන්ධයෙන් නීතිය හරියාකාරයෙන් කි‍්‍රයාත්මක කිරිමට තමා කිසිවිටෙක පසුබට නොවන බවයි. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ජාතික මල්ලවපොර සම්මේලනයේ නිල වෙබ් අඩවිය විවෘත කිරිමේ අවස්ථාවට කොළඹ දී ඊයේ එක් වෙමින්

  • චැම්පියන් ලීග් හෙට ඇරඹෙයි.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    චැම්පියන් ලීග් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී හෙට ආරම්භ වීමට නියමිතයි. කි‍්‍රකට් කී‍්‍රඩා කරන රටවල ප‍්‍රාන්ත තරගාවලි ජයග‍්‍රහණය කරන කණ්ඩායම්වලට මෙම තරගාවලිය සඳහා ආරාධනා ලැබී තිබෙනවා. අයි. පී. එල්. තරගාවලියට සමාන ආකාරයේ තරගාවලියක් ලෙස මෙම චැම්පියන් ලීග් තරගාවලිය පැවැත්වෙනු ඇති. පසුගිය අයි.පි.එල්. තරගාවලියේ පළමු ස්ථාන 3 හිමිකරගත් මුම්බායි ඉන්ඩියන්, චෙන්නායි සුපර් කිංස්, බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් යන කණ්ඩායම් මෙම තරගාවලියට ඉදිරිපත් වනවා.

  • නෙට්බෝල් කී‍්‍රඩාවට නව ජාතික පුහුණුකාරිනියක්.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ශී‍්‍ර ලංකා නෙට්බෝල් සම්මේලනයේ ජේ්‍යෂ්ඨ පුහුණු සංචිතය සඳහා නව ජාතික පුහුණුකාරිනියක් පත්කර ගැනීමට සූදානම් වනවා.

  • 2018 පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල ලංකාවට ලබාගැනීමට ප්‍රබල උත්සාහයක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රට වල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලබා ගැනීම සඳහා ප්‍රබල උත්සහයක් දරන බව ක්‍රීඩා අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි.

  • සාක්ෂි ලැබෙන තුරු කිසිවක් කරන්නේ නෑ

    2014-07-30 05:38:00 Views 18 Read More...

    පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වන තුරු කිසිදු ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පකිස්ථානු ක්‍රිකට් මණ්ඩලය පවසයි. තරග පාවා දුන් බවට තම ක්‍රීඩකයින්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බව එහි සභාපති ඉජාස් බට් සඳහන් කරයි.

  • බීච් ‍ෆුට්බෝල් පිරිමි ශූරතාවය ට්‍රයි ස්ටාර් කණ්ඩායමට

    2014-07-30 05:38:00 Views 18 Read More...

    පා පන්දු සම්මේලනය සංවිධානය කළ බීච් ‍ෆුට්බෝල් තරගාවලියේ පිරිමි ශූරතාවය ට්‍රයි ස්ටාර් කණ්ඩායම හිමි කර ගෙන තිබේ. ඔවුන් ශූරතාවය හිමි කර ගනු ලැබුවේ කළුතර පාක් කණ්ඩායම පරාජය කරමිනි. කළුතර කැලිඩෝ වෙරළ තීරයේ පැවති මෙම බීච් ‍ෆුට්බෝල් තරගාවලිය සඳහා පිරිමි තරග සදහා කණ්ඩායම් 8 ක් සහභාගී වී සිටියහ.

English News

සතියේ ලග්න පලාපල