business

  • යාපනයේ බීට් රූට් දඹුලෙන් ලාබෙට.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව අද වැඩි වෙනසකට ලක්වී නැහැ. දේශීය ලොකු ළුෑණු වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු අතර, ඒ අනුව කිලෝග‍්‍රෑමයක් සටහන් වූයේ රුපියල් 40 ත් 50 ත් අතරයි. ගෝවා කිලෝග‍්‍රෑමයක් රුපියල් 30 කට අලෙවි වූ අතර, බෝංචි මිල දැක්වුණේ රුපියල් 80 ත් 110 ත් අතරයි. කැරට් කිලෝග‍්‍රෑමයක් රුපියල් 40 ට ද, යාපනයේ බීට් රූට් කිලෝග‍්‍රෑමයක් රුපියල් 18 කට සහ නුවරඑළිය බීට්රූට් කිලෝග‍්‍රෑමයක් රුපියල් 40 කට අලෙවි වුණා. තක්කාලි කිලෝග‍්‍රෑමයක් රුපියල් 50 කට අලෙවි වෙද්දී මාලූ මිරිස් කිලෝග‍්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 40 ටයි. දේශීය ආර්තාපල් කිලෝග‍්‍රෑමයක් රුපියල් 50 ත් 60 අතර මිලකට අලෙවි වූ අතර, විදේශ අර්තාපල් කිලෝග‍්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 55 ත් 60 ත් අතර මිලකටයි. රාබු, නෝකෝල්, පිපිඤ්ඤා, පතෝල කිලෝග‍්‍රෑමයක මිල ගණන් රුපියල් 20 ට අඩුවෙන් සටහන් වුණා.

  • කොටස් වෙළෙඳපොල ඉහළට.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    කොළඹ කොටස් වෙළඳ පොලේ මිල ගණන්වල වැඩිවීමක් ඊයේ දක්නට ලැබුණා. දිනය අවසනදී සමස්ත දර්ශකය 5,884 ක් ලෙස සටහන් වූ අතර එය පෙරදිනයට සාපේක්ෂව සියයට දශම 4 යි 5 ක සුළු වැඩිවීමක්. මිලංකා මිල දර්ශකයේ පහත වැටීමක් දක්නට ලැබුණු අතර දිනය අවසනදී, එය සටහන් වූයේ ඒකක 6034 ක් ලෙසයි. කොළඹ කොටස් වෙළඳ පොලේ ඊයේ දින මුළු පිරිවැටුම රුපියල් බිලියන 5.8ක්. එල්. ඕ.එල්.සී, ඩිස්ටලරීස්, සම්පත් බැංකුව, කීල්ස් හෝටල් යන සමාගම්වල කොටස් ඊයේ දිනයේදී, ඉහළ මිල ගණන් වලට අලෙවි වුණා. කාසන්ස් කම්බබැච් සමාගමේ කොටසක මිල රුපියල් 10 කින් අඩු වූ අතර, කලම්බු ලෙදර් ප‍්‍රඩක්ට්ස් සමාගමේ කොටසක මිල රුපියල් 6.60 කින් අඩුවී තිබෙනවා. රිචඞ් පිරීස් සමාගමේ කොටසක මිල අඩුවී ඇත්තේ රුපියල් 4.30 කින්.

  • සෙලාන් බැංකුවෙන් දින 4 න් නිවාස ණයක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    සෙලාන් බැංකුවේ විශේෂිත නිවාස ණය මධ්‍යස්ථානය වන"සෙලාන් සිරි නිවස"කොළඹ 3, ඞීල් පෙදෙස ඒ, අංක 02 දරණ ස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් අද නිල වශයෙන් විවෘත කරන ලදී.

  • කොටස් වෙළඳපොළෙන් තවත් වාර්තාවක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ඉතිහාසයේ ප්‍රථමවරට කොළඹ කොටස් වෙළඳපොළෙහි සමස්ත කොටස් මිල දර්ශකය, මිලංකා මිල දර්ශකය හා වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය අද ඉහළම අගය වාර්තා කර ඇත.

  • නැණසල මධ්‍යස්ථාන පිළිබඳව සමීක්ෂණයක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    නැණසල මධ්‍යස්ථාන පිළිබදව ජාතික මට්ටමේ"ප්‍රතිඵල ඇගයීමේ සමීක්ෂණයක්"සිදු කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ. නැණසල මධ්‍යස්ථාන මගින් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සදහා කුමන ආකාරයේ සහයක් ලැබී තිබේද යන්න සොයා බැලීම මෙම සමීක්ෂණය සිදු කිරීමේ මුලික අරමුණක් වේ.

  • කුකීස් රස තුනකින් මෙරටට

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ශ්‍රී ලංකාවේ විශාලතම බේකරි නිෂ්පාදන සමාගම වන ෆිනෙගල් පංකා සමාගම රස තුනකින් යුත් කුකීස් ^Cookies& මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති Propack -2010 ප්‍රදර්ශන භූමියේදී මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දුන් මෙම කුකීස් නිෂ්පාදන ත්‍රිත්වය, ෆිනේගල් කුකීස්, ජින්ජර් කුකීස් හා කොකනට් කුකීස් යන ඇසුරුම් වලින් වෙළඳපොළට එක්වේ. මෙම කුකීස් නිපදවෙන්නේ ලොව වඩාත් ප්‍රණීත කුකීස් ලෙස සැලකෙන ඩෙන්මාර්කයේ සම්ප්‍රදායික කුකීස් වට්ටෝරුවකට අනුව ඩෙන්මාර්කයෙන්ම ආනයනය කරන අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමිනි.

  • පොදු මගී ප්‍රවාහන සේවාවන් 1919 න්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    රාජ්‍ය සහ පෞද්ගලික පොදු මගී ප්‍රවාහන සේවාවන් පිළිබදව රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ඔස්සේ ලබා දෙන තොරතුරු තව දුරටත් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. මේ අනුව පෞද්ගලික සහ රාජ්‍ය බස් සේවාවන් පිළිබද ධාවන කාල වේලාවන් සහ ප්‍රවේශ පත්‍ර මිල ගණන් ආදී තොරතුරු ඉදිරියේදී දැනගත හැකි වේ.

  • ජනශක්ති ඉන්ෂුවරන්ස් වෙතින් ෆේස් බුක් ප‍්‍රචාරක වැඩපිළිවෙළක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    නොමිලේ ඉන්ධන දිනා ගැනීමේ වරම ලබා දෙන ප‍්‍රචාරණ වැඩසටහනක් සිය"ෆේස්බුක්"(Facebook) රසිකයන් වෙත තිළිණ කරමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම සිය ප‍්‍රචාරක වැඩපිළිවෙළ මුළුමනින් ම නව්‍ය හා උද්යෝගීමත් මාවතක් වෙත යොමු කරයි.

English News

සතියේ ලග්න පලාපල