business

  • VEET 2011 ශ‍්‍රී ලංකා රූ රැජින අභිෂේක කරයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ඡායාරූපය =දෙරණ VEET මිස් ශ‍්‍රී ලංකා 2011"ජයග‍්‍රාහිකා පුෂ්පිකා දි සිල්වා (මැද)දෙවන හා තෙව ස්ථාන දිනාගත් ශිමල්කා බෝදරගම හා චමූපා ගොඩගේ සමග)

  • බාට්ලීට් ෆිනෑන්ස් අලුත් ගෙදරකට යයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    බාට්ලීට් ෆිනෑන්ස් සමාගම් සමූහයේ සභාපති, එරාජ් විජේසිංහ මහතාගේ සංකල්පයක් අනුව සිදු කෙරෙන"බාට්ලීට් ෆිනෑන්ස් සමාගමේ"දීප ව්‍යාප්ත වැඩසටහනේ තවත් පියවරක් ලෙසින්, එහි හොරණ ශාඛාව, වැඩි ඉඩකඩක් හා පාරිභෝගිකයන් වඩාත් සුවපහසුවෙන් සේවාවන් ලබාගත හැකි නව පරිශ‍්‍රයකට පසුගියදා ගෙවැදුණි.

  • විශිෂ්ට ප‍්‍රතිඵලලාභීහු ජනශක්ති සම්මාන උළෙල දීප්තිමත් කරති

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ශ‍්‍රී ලංකා රක්ෂණ ඉතිහාසයේ උත්කර්ෂවත්, වර්ණවත් සහ නිර්මාණාත්මක සම්මාන ප‍්‍රදානෝත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ප‍්‍රකටව සිටින ජනශක්ති රක්ෂණ සමාගම රෝමානු අධිරාජ්‍යයේ ප‍්‍රභාමත් ශ‍්‍රී විභූතිය සිහි ගන්වන අලංකාර සම්මාන ප‍්‍රදානෝත්සවයක් පවත්වමින් 2011 වාර්ෂික විශිෂ්ටතා සම්මාන උළෙලේදී අලෙවි අංශයේ සහ වෙනත් විශිෂ්ට දක්ෂතා පෙන්වූ 150 කට වැඩි සංඛ්‍යාවකට ගුවන් ටිකට් පත්, මුදල් ත්‍යාග, කුසලාන සහ විශිෂ්ටතා සහතික පත් පිරිනැමීම සිදුකෙරිණි.

  • අපේ සහය අවශ්‍ය වෙයිද. . ?

    2014-07-30 05:38:00 Views 18 Read More...

    2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගය නැරඹීම සඳහා මහ ජනතාව වෙනුවෙන් නිකුත්කරන රුපියල් 50 ප්‍රවේශපත් අද(26) පී. ඩී. සිරි‍සේන ක්‍රීඩා පිටියේදී අලෙවි කෙරෙයි. එම ප්‍රවේශපත්‍ර අලෙවිය පෙරවරු 8 .30 ආරම්භ විය. ප්‍රවේශපත් මිලදීගැනීම සඳහා ක්‍රීඩා පිටිය අසල රැස්කමින් සිටි ජනතාව මෙසේ කැමරා ඇසක සටහන්ව තිබිණි. මාර්තු 05 වන දින අදාළ තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

  • චූටි දූවේ,නුඹ සුව නින්දේ...!

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(09) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රඹෑව ප්‍රදේශයේ විපතට පත් ජනයාගේ දුකසැප සොයා බලන්නට සංචාරයක නිරතවිය.එහිදී ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාත් රාජ්‍ය නිලධාරීන් හමුවී පීඩාවට පත් ජනයාට සහන සැලසීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව කියැවේ. කෙසේ වුවද අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පවුල් 607 ක් අවතැන්ව ඇති අතර පුද්ගලයින් 2079 ක් එයින් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ. මෙම පිරිස සුබසාධන මධ්‍යස්ථාන 10 ක දැනට රඳවා අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයා රඹෑව ප්‍රදේශයේ ජනතාවගේ දුකසැප බෙදාගත් අයුරු .

  • "ශ‍්‍රී ලාංකිකත්වය"ජාත්‍යන්තර රන් සම්මානයෙන් පිදුම් ලබයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ආසියානු ශාන්තිකර කලාපීය සංචාරක සංගමය මගින් සංවිධානය කළ ලෝක සංචාරක අලෙවිකරණ තරගාවලියේ පෝස්ටර් අංශයේ රන් සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සමත් වෙයි. ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයට මෙම සම්මානය හිමිවූයේ ශ‍්‍රී ලාංකිකත්වය තේමා කර ගනිමින් ඉදිරිපත් කළ පෝස්ටරය වෙනුවෙනි. ලොව පුරා පෞද්ගලික අයදුම්කරුවන් සහ සංචාරක සංවිධාන 102 ක් නිර්මාණ 223 ක් මේ සදහා ඉදිරිපත් කර තිබුණි. නවමු ශ‍්‍රී ලංකාවක් පිළිබද ප‍්‍රතිරූපය ලොවට ප‍්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින්"අලූත් ශ‍්‍රී ලංකාවක් නමින්" විශේෂ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මාසයේදී ප‍්‍රකාශයට පත් කෙරුණි.

    කිසියම් සංචාරකයකුට විස්මිත අත් දැකීම් 8 ක් විද ගැනීමට ඉඩ ලැබෙන බැවින් Sri Lanka යන වදනේ අකුරු 8 න් විවිධ ක්ෂේත‍්‍ර 8 ක් සංකේතවත් කිරීමට හදුනාගෙන තිබේ. එම අංශ 8 අතර ශ‍්‍රී ලාංකිකත්වය එක් ක්ෂේත‍්‍රයකි. ශ‍්‍රී ලංකා සංචරණය මගින් කරන ලද සමීක්ෂණ වලින්ද ශ‍්‍රී ලාංකිකත්වය සහ ශ‍්‍රී ලාංකික සිනහව සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට යොදා ගත හැකි බව අනාවරණය කර තිබේ.

    ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහදශීලී බව ආගන්තුකසත්කාර සහ සංග‍්‍රහශීලී බව ජාත්‍යන්තර ප‍්‍රජාවගේ නිරන්තර පැසසුමට ලක්වේ.මේ අනුව ශ‍්‍රී ලාංකිකත්වයට මුල් තැන දෙමින් ප‍්‍රචාරණ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමට දැනටමත් පියවර ගෙන ඇත."2011 සංචාරක වසර සමරමු"යන්න මුල් කර ගනිමින් ශ‍්‍රී ලංකා සංචරණය තේමා 12 ඔස්සේ මෙම වසරේ සෑම මාසයක්ම ආවරණය වන පරිදි ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇත.

  • SLIIT 6 වන පර්යේෂණ සමුඵව 27 ඇරඹෙයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    2011.01.23, ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය හෙවත් SLIIT ආයතනයේ වාර්ෂික පර්යේෂණ සමුළුව අඛණ්ඩ 6 වන වසරටත් ජනවාරි මස 27 වනදා මාලබේ SLIIT පරිශ‍්‍රයේදි පැවැත් වෙයි. SLIITආයතනයේ වාර්ෂික දින දර්ශකයේ විශේෂ වැඩ සටහනක් වන මෙම පර්යේෂණ සමුඵවේදි ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණයේ අනාගත ගමන්මග සහ අදාළ අංශ පිළිබඳව ගැඹුරින් සාකච්ජා කෙරෙයි.

  • ඉල්ලූ ජාතික හැදුනුම්පත ගැන විස්තර ජංගම දුරකථනයට

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ජාතික හැදුනුම්පතක් සදහා අයදුම් කිරීමෙන් අනතුරුව එය ලැබෙන දිනය ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු ජංගම දුරකථනයට කෙටි පණිවිඩ මාර්ගයෙන් දැනුම් දීමට පියවර ගෙන තිබේ.

  • ව්ෂබීජවලින් නිදහස්-සේෆ්ප්ලස්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    ඡායාරූපය- ස්වදේශීය සමාගමේ නවතම නිෂ්පාදනවන,"සේෆ්ප්ලස්"වෙළඳපොළට හඳුන්වාදීමේ උත්සවයට එක්වූ, ස්වදේශී සමාගමේ, සභාපතිනි/කළමනාකාර අධ්‍යක්ෂිකා, අමරි විජයවර්ධන මහත්මිය ඇතුළු ස්වදේශී සමාගමේ නිලධාරීන්

  • අන්තර් ජාලයේ අපරාධ ගැන සර්ට් අවදියෙන්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    අන්තර්ජාලය තුළ සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සන්සදය වෙත දැනුම් දෙන ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

  • කොටස් වෙළෙඳපොල පහල යාමක්.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    කොළඹ කොටස් වෙළෙඳපොල ඊයේ (07) දිනයේදී, පහල යාමක් දක්නට ලැබුණා. සමස්ත මිල දර්ශකය ඒකක 37 යි දශම 2 යි 2 කින් පහල වැටුණු අතර, දිනය අවසනදී එය සටහන් වූයේ ඒකක 6469 යි දශම 0 යි 8 ක් ලෙසයි. මිලංකා මිල දර්ශකය ඒකක 38 යි දශම 4 යි 7 කින් පහල වැටුණු අතර, එය සටහන් වූයේ ඒකක 6937 යි දශම 8 ක් ලෙසයි. දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3 යි දශම 3 ක්. ඊයේ දිනයේදී සමාගම් 118 ක කොටස් මිල ඉහල ගිය අතර, මිල පහල ගිය සමාගම් සංඛ්‍යාව 44 ක්. ලංකා හොස්පිට්ල්ස් සහ සෙලාන් බැංකුවේ කොටස් මිල ඉහල ගියා. කොටස් මිල පහල ගියේ සම්පත්, කොමර්ෂල්, ඞී.එෆ්.සී.සී යන බැංකුවල සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, ඩිස්ටිලරීස්, ඩයලොග් ආසියාටා යන සමාගම්වලයි.

  • ලාෆ්ස් කොටස් නිකුතුවට ඉහළ ඉල්ලූමක්

    2014-07-30 05:38:00 Views 18 Read More...

    සිය ව්‍යාපාරික කටයුතු විවිධාංගීකරණය කිරීමේ අරමුණින් ලාෆ්ස් ගෑස් සමාගම මහජනතාව වෙත නිකුත් කළ රුපියල් බිලියන 2.5 ක කොටස් නිකුතුව සදහා ලැබී ඇති ඇනවුම් සංඛ්‍යාව රුපියල් බිලියන 43.3 ක් වන බව එම සමාගම පවසනවා. ලාෆ්ස් සමාගම මගින් රුපියල් 23 බැගින් සාමාන්‍ය කොටස් මිලියන 75 ක් නිකුත් කළ අතර එමගින් රුපියල් මිලියන 1725 ක් ඉපයීමට අපේක්ෂා කළා. රුපියල් 15 බැගින් වූ ලාෆ්්ස් නිඡන්ද කොටස් මිලියන 52 ක් නිකුත් කෙරුණේ රුපියල් මිලියන 780 ක් ඉපයීමේ අපේක්ෂාවෙන්. එහෙත් ලාෆ්ස් සාමාන්‍ය කොටස් සදහා රුපියල් බිලියන 28.3 ක ඇනවුම් ලැබී ඇති අතර, නිඡුන්ද කොටස් ස`දහා ලැබී ඇති ඇනවුම් සංඛ්‍යාව රුපියල් බිලියන 13.9 ක්. මෙම කොටස් අයදුම්කරුවන් අතර බෙදා හරින ආකාරය ලාෆ්ස් සමාගම මගින් ඉක්මණින්ම ප‍්‍රකාශයට පත් කරනු ඇති.

  • 2010 අවසන් වීමට පෙර දිවයින පුරා ධීවර අලෙවිසැල් 250 ක්.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    2010 වසර අවසන් වීමට පෙර දිවයින පුරා ධීවර සංස්ථා අලෙවිසැල් 250 ක් පිහිටුවන බව ධීවර අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. අමාත්‍ය රාජිත සේනාරත්න හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මිරිදිය සහ කරදිය ධීවර නිෂ්පාදන එමගින් අලෙවි කිරීමට අපේක්ෂිත බවයි. ඒ අනුව ඉදිරියේදී දැනට පවතින මාලූ මිලෙහි අඩුවීමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

  • සීනි නිෂ්පාදනයට රජය දිරි දෙයි

    2014-07-30 05:38:00 Views 18 Read More...

    උක් වගාව සඳහා පොහොර සහනාධාරය ලබාදීම පිළිබඳව මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද දිනයේත් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. මෙරට සීනි නිෂ්පාදනය වැඩිදියුණු කිරිමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බවද ඔහු සඳහන් කළා.

  • මිල ප‍්‍රදර්ශනය, දඹුල්ලේ කඩ හිමියන්ට ගැටලූවක්.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලූ මිල ගණන්වල විශාල වෙනසක් සිදු වී නොමැති බව, ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පවසනවා. කන්ද උඩරට ප‍්‍රදේශයෙන් ලැබෙන එළවලූවල මිල ගණන් රුපියල් 70ත් - 110ත් අතර, පවතින බවයි කළමනාකරණ භාරය සඳහන් කළේ. පහතරට ප‍්‍රදේශවලින් ලැබෙන එළවලූවල මිල ගණන් සුළු පහත වැටීමක් දක්නට ලැබුණා. මෑකරල්, වම්බටු, දඹල, කැකිරි වැනි එළවලූවල තොග මිල ගනන් සටහන් වූයේ රුපියල් 12ත්, 45ත් අතරයි. පාරිභෝගික සේවා අමාත්‍යාංශය විසින්, මිල ප‍්‍රදර්ශනය කරන ලෙසට, පනවා ඇති නීතිරීති සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඇතැම් වෙළඳුන් මිල ප‍්‍රදර්ශනය කරන නමුත්, සමහර කඩ හිමියන් මිල ප‍්‍රදර්ශනයක් සිදු කරන්නේ නැහැ. මේ නිසා, නියමිත මිල ගණන්වලට එළවලූ ලබාදීමට නොහැකි වී ඇති බවයි කළමනාකරණ භාරය පවසන්නේ.

  • මේ වසරේ දෙවන කාර්තුවේදී ආර්ථිකය සියයට 8 යි දශම 5 ක වර්ධනයක්.

    2014-07-30 05:38:00 Views 18 Read More...

    මෙරට ආර්ථිකය මේ වසරේ දෙවන කාර්තුවේදී, සියයට 8 යි දශම 5 කින් පමණ වර්ධනය වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2002 වසරෙන් පසු මෙරට ආර්ථිකය කාර්තුවකදී ලැබූ ඉහළම වර්ධනය මෙයයි. මෙහිදී කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය සියයට 5 යි දශම 1 කින්ද, කර්මාන්ත ක්ෂේත‍්‍රය සියයට 9 යි දශම 2 කින්ද, වර්ධනය වී ඇති අතර, පසුගිය වසර හා සසඳන විට සේවා අංශයද, සියයට 8 යි දශම 8 කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය සැලකු විට තේ නිෂ්පාදනය සියයට 5 යි දශම 1 කින් සහ රබර් නිෂ්පාදනය සියයට 3 යි දශම 9 කින් වර්ධනය වී ඇති බව සඳහන්. එහෙත් පොල් නිෂ්පාදනය සියයට 7 යි දශම 9 කින් පහල වැටී තිබෙනවා. මෙරට වී නිෂ්පාදනය මේ වසරේ දෙවන කාර්තුවේදී, සියයට 10 යි දශම 2 කින් වර්ධනය වීම විශේෂත්වයක්. 1952 වසරෙන් පසු මහ කන්නයේ ඉහළම අස්වැන්නක් ලැබී ඇත්තේ මේ වසරේදීයි.

English News

සතියේ ලග්න පලාපල