news

  • උසස් තාක්ෂණ සිසුන් නේවාසිකාගාරවලින් පලවා හැරලා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ නේවාසිකාගාරවල රැදී සිටි සිසුන් ඊයේ(07) රාත්‍රියේ හදිසියේ පලවා හැරි බව එම ආයතනයේ සිසුන් සුරැකීමේ ශිෂ්‍ය සංගමය පවසයි. කිසිදු දැනුම් දීමකින් තොරව පොලිසිය පැමිණ තමන් පලවා හැරීමට පියවර ගත් බව එහි ප්‍රකාශක චතුරංග දේවප්‍රිය සඳහන් කළේය.

  • වරාය -කොටුව පාරේ දැඩි වාහන තදබදයක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මෝදර ඉබ්බාවත්ත ප්‍රදේශයේ කන්ටේනරයක් පෙරළීමෙන් වරාය -කොටුව මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ. අද(07) උදෑසන 7ට පමණ කොළඹ වරායේ සිට පිටතට ගමන් කරමින් තිබු පිටි රැගත් කන්ටේනරයක් මෙසේ පෙරළී ‍ඇති බව මෝදර පොලිසිය පැවසීය.

  • ජී. එල්ට එරෙහි විශ්වාස භංගය අද විවාදයට

    0000-00-00 00:00:00 Views 18 Read More...

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අද (07) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇත. සැප්තැම්බර් 27 වන දින මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

  • ෆොන්සේකා වෙනුවෙන් සමාව ඉල්ලන්න අනෝමාට වුවමනාවක් නෑ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා සිටිය යුත්තේ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු විසින් බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් සමාව ඉල්ලා ඵලක් නොවන බවත් ජන මාධ්‍ය අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ෆොන්සේකා මහතා වෙනුවෙන් සමාව ඉල්ලීමට කිසිදු අදාළත්වයක් රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති බව ඔහු ප්‍රකාශ කරයි.

  • මාස 9 ක් තුළ හොර ඒජන්සිකරුවන් 58 ක් කොටුවෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    වසරේ ගතවු මාස නවයක කාලය තුළ නීති විරෝධී ලෙස විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය ඒජන්සිකරුවන් 58 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

  • අසැබි වෙබ් අඩවි නිර්මාණකරුවන් සෙවීමට මාධ්‍ය සහය පතයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ශ්‍රී ලාංකික තරුණ තරුණියන්‍ පෙනී සිටින අසභ්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ජන මාධ්‍යය සහය ලබාගැනීමට පොලිසිය තීරණය කර තිබේ. අදාළ පුද්ගලයින්ගේ ඡායාරූප මාධ්‍යය හරහා ප්‍රචාරය කර එම පුද්ගලයින් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය කටයුතු යොදා ඇත.

  • ඩෙංගු මර්දන සතිය ඇරඹෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ඩෙංගු මර්දන සතිය අදින් ආරම්භ වේ. මෝසම් වර්ෂාවත් සමඟ වර්ධනය වන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම සතිය ප්‍රකාශයට පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

  • ෆොන්සේකාගේ නිදහස පතා දළදා මාළිගාවේදී අධිෂ්ඨාන පූජාවක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    සිරගතව සිටින සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට අද(07) කටයුතු යොදා ඇතැයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසයි.

  • සිරකරුවෙකුට දෙන සියලු පහසුකම් ෆොන්සේකාට දෙනවා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    බන්ධනාගාර ගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සිරකරුවෙකුට දිය හැකි සියලු පහසුකම් හා ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇති බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩිව්.ගුණසේකර මහතා පවසයි.

  • ෆොන්සේකා වෙනුවෙන් පෙනී ඉන්න මටත් අයිතියක් තියෙනවා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරන්නට තමන්ට අයිතියක් ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද කඩවන විට විපක්ෂයේ නායකයා වශයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් තමන්ට එකී කාර්යය කළ හැකි බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

  • පොලිස් නිලධාරීන්ගෙන් ක්‍රෙඩිට් කාඩ් ගැහිල්ලක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ක්‍රෙඩිට් කාඩ් වංචාවක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයෙන්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

  • ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත‍යේ තහනම ලිහිල් කෙරේ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    රාත්‍රී කාලයේ එළිමහන් සංගීත සංදර්ශන සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම තහනම් කරමින් ලබා දී තිබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලිහිල් කර තිබේ.

  • පෙත්සමට අත්සන් ගත්තු පිරිස් විසුරුවයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ පෙත්සමක් අත්සන් කරමින් සිටි පිරිස් පලවාහරින්නට පොලීසිය විසින් කටයුතු කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

  • පොලිස් නිලධාරීන්ගෙන් ක්‍රෙඩිට් කාඩ් ගැහිල්ලක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ක්‍රෙඩිට් කාඩ් වංචාවක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  • 5 ශිෂ්‍යත්වය 7 ට මාරුවෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 7 ශ්‍රේණියේ දී පැවැත්වීමට අවධානය යොමු වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ මනසට අහිතකර බලපෑමක් එල්ල කරන බව ඔහු පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

  • පාලිත රංගේ ගේ විදෙස් බලපත්‍ර වලට ව්‍යාජ වීසා -පරීක්ෂණ නිමා නෑ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ විදේශ බලපත්‍ර වල ව්‍යාජ වීසා ඇතුළත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

English News

සතියේ ලග්න පලාපල