news

  • සරණාගතයින් වෙනුවෙන් නීතියේ පිහිට පැතීමට ප්‍රමාණවත් මුදල් නෑ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පසුගිය අගෝස්තු 13 වන දින කැනඩාව වෙත ළඟාවූ සන් සී නෞකාවේ සිටින ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයින් වෙනුවෙන් නීතිඥ සේවය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් මූල්‍යමය පහසුකම් තම සංවිධානය සතුව නොමැති බව කැනඩාවේ නීති සේවා සමාජය පවසයි.

  • මහනුවර නගරාධිපතිට එරෙහි විනය පරීක්ෂණ නවතන්නැයි නියෝග

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමේ චෝදනා මත මහනුවර නගර සභාවේ වැඩ බලන නගරාධිපති සුමින්ද වික්‍රමසිංහ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

  • නීල් බූනේ නැගෙනහිර ගැන සතුටුවෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මානුෂීය මෙහෙයුමෙන් පසු නැගෙනහිර පළාතේ දැනට පවතින තත්ත්වය පිළිබඳ සතුටු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත නීල් බූනේ මහතා පවසයි. එම පළාතේ කෘෂිකාර්මික කටයුතු සඳහා තවදුරටත් බාධා පවතින බව ඔහු සඳහන් කරයි.

  • බේරුවල වෙඩි තැබීම -පොලිස් නිලධාරීන් 5 දෙනා රිමාන්ඩ්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    බේරුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. කළුතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

  • මැතිවරණ සංශෝධන පනත කඩිනමින් පාර්ලිමේන්තුවට

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වූ යෝජිත පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් පසු සීමා නිර්ණය කිරීමේ කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

  • කොල්ල කල්ලියක සාමාජිකයින් 7 ක් රක්ෂිත බන්ධනාගාරයට

    0000-00-00 00:00:00 Views 18 Read More...

    කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සමූහ මංකොල්ලකෑම් සිද්ධීන් ගණනාවකට සම්බන්ධ කොල්ල කල්ලියක සාමාජිකයින් 7 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පොලිස් ස්ථාන කිහිපයක් මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 29 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

  • අක්කරෙයිපත්තුවේ නිවසකින් ටී.56 උණ්ඩ මතුවෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කිරීමේ දී ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 31 ක් සොයාගැනීමට හැකිවූ බව අක්කරෙයිපත්තුව පොලිසිය පවසයි.

  • විපක්ෂය නියෝජනය කරන්න අපට බෑ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සභාවේ විපක්ෂයේ නියෝජිතයා ලෙස කටයුතු කළ නොහැකි බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක,පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා

  • පාර්ලිමේන්තු සභාවේ විපක්ෂ නියෝජනයට

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පාර්ලිමේන්තු සභාව නියෝජනය කිරීම සඳහා විපක්ෂයේ නියෝජිතයා ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා නම් කර තිබේ.

  • හයිකොප් සෑම සිකුරාදාම විභාගයට ගැනෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    "හයිකොප්"මුල්‍ය වංචාව සම්බන්ධ නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා එල්ල වී ඇති මෙම නඩුව කොළඹ මහා‍ධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය.

  • ශ්‍රී ලාංකිකයන් ඇතුළු 31 ක් කොරියාවෙන් පිටුවහල් කෙරෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    විවිධ අපරාධ වලට සම්බන්ධ බවට හෙළිදරව්වීමත් සමග කොරියාවේ විසූ ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද ඇතුළු විදේශිකයින් 31 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ. කොරියානු ගුවන් තොටුපළෙහි සති 2ක පමණ කාලයක සිට සවිකර ඇති නව ඇඟිලි සලකණු යන්ත්‍රය මගින් මෙම පිරිස පිළිබඳව තොරතුරු හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබී ඇත. කොරියානු අධිකරණ අමාත්‍යාංශයට අනුව බලධාරීන්ට ඇඟිලි සලකුණු මගින් මෙම සැකකටයුතු විදේශිකයින් පිළිබඳව හෙළිදරව් කරගැනීමට අවස්ථාව ලැබී ඇත.

  • වෙඩි හුවමාරුවෙන් දරුවකු මියයාම

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ඊයේ(15) බේරුවල ප්‍රදේශයේදී පොලීසිය හා සැකකරුවන් පිරිසක් අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී අට හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධව මහරගම පොලිසියේ පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. ඒමෙන්ම සිද්ධිය සම්බන්ධව සැකපිට තවත් සිවිල් වැසියන් හතරදෙ‍නෙකුද අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේය.

  • අද විශේෂ පක්ෂ නායක හමුවක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    විශේෂ පක්ෂ නායක හමුවක් අද පැවැත්වීමට රජය කටයුතු යොදා තිබේ. ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීමේ අරමුණින් මෙම පක්ෂ නායක හමුව කැඳවු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

  • මෙරට වැඩි පිරිසක් ක්ෂණික ආහාර වලට හුරුවෙලා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මෙරට පිරිමි පුද්ගලයින්ගෙන් 81%ක් සහ කාන්තාවන්ගෙන් 83%ක් සෞඛ්‍ය සම්පන්න නොවන ක්ෂණික ආහාර භාවිතයට හුරුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

  • ජගත් ඕසෝන් දිනය අදයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ජගත් ඕසෝන් දිනය අදට යෙදී තිබේ. මිහිපිට ජීවත් වන සෑම ජිවියෙකුගේම පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා ඕසෝන් වියන ආරක්ෂා වීම ඉතා වැදගත්ය.

  • අත්අඩංගුවට ගත් කොළඹ සරසවි සිසුන් මුදාහැරෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු තරයේ අවවාද කර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

English News

සතියේ ලග්න පලාපල