news

  • හදිසිය යටතේ සිටින සැකකරුවන්ට කඩිනමින් නඩු

    0000-00-00 00:00:00 Views 18 Read More...

    හදිසි නීති රෙගුලාසි යටතේ රඳවා සිටින සැකකරුවන්ට අදාළ නඩු පැවරීම් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ. නීතිපති මෝහාන් පීරිස් මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරු කණ්ඩායමක් මෙම කාර්යයේ නිරතව සිටින බව වාර්තා වේ.

  • බසයක් පෙරළී 2 ක් මරුට -12 ට තුවාලයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    බදුල්ල කුරුවිගොල්ලේ සිට මැටිගහතැන්න දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මැටිගහතැන්න පාසල අසලදී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

  • පබාට විරුද්ධව ගම්පහ උද්ඝෝෂණයක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ආණ්ඩු පක්ෂයට සහය දීම පිළිබඳව විරෝධය පළ කරමින් අද ගම්පහ දිස්ත්‍රික්කයේ ජන පිරිසක් උද්ඝෝෂණයක නිරතවිය. ඒ කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේදීය.එක්සත් ජාතික පක්ෂයේ ජනතාවගෙන් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වී මූල්‍යමය වාසි පතමින් පාවාදීමක් සිදුකළ බව මෙම විරෝධතාකරුවන් පිරිස ස්වර්ණමාලි මහත්මියට චෝදනා කරනු ලැබීය.

  • වල් අලි ප්‍රහාරයකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට

    0000-00-00 00:00:00 Views 18 Read More...

    අඹන්පොල, නිකවලයාය ප්‍රදේශයේ දී වල් අ‍ලියෙකු පහරදීමෙන් කාන්තාවන් දෙ‍දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දර කැඩීම සඳහා ගිය අවස්ථාවකදී ඔවුන් මෙම වල්අලි ප්‍රහාරයට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

  • ප්‍රතිසංවිධාන යෝජනා දින 10 න් සම්මතයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී දීර්ඝ ව‍ශයෙන් සාකච්ඡා නොකෙරුණු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

  • කරදියනාරු පොලීසියට අයිත්තමලේට ස්ථාන මාරුවක්-මරණ 21 යි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    කරදියනාරු පොලිස් ස්ථාන ගොඩනැගිල්ල කඩාවැටී ඇති හෙයින් එහි රාජකාරි කටයුතු යාබද පොලිස් ස්ථානය වන අයිත්තමලේ පොලිස් ස්ථානය මගින් සිදුකරන බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.

  • උගත් පාඩම්-විදෙස් මාධ්‍යයට තහනම්!

    0000-00-00 00:00:00 Views 18 Read More...

    අද දිනයේ කිලිනොච්චියේ පැවැත්වෙන උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ සැසි වාරය ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් අවසර ලබාදී නැතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

  • දෙපිරිසක් ගැටී අයෙක් මරුට

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මීගමුව, අක්කර 50, බුදුපිළිම හන්දිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු මිය‍‍‍ගොස් තිබේ. ඊයේ පස්වරුවේ ඇති වූ මෙම ගැටුමින් තවත් පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

  • අවන්හල් හිමියන් 14 ක් දඩකයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මහජන සෞඛ්‍යයට හානිකර ආකාරයට ආහාරපාන ‍අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් අවන්හල් හිමියන් 14 දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබේ.

  • ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද කිලිනොච්චියේ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව අද කිලිනොච්චියේ දී රැස්වේ.

  • කරදියනාරු ජනජීවිතය සාමාන්‍යයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    කරදියනාරු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන ආරක්ෂක ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

  • කරදියනාරු පිපුරුමේ මරණ සංඛ්‍යාව 19 ට අඩුවෙයි-44 ට තුවාලයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මඩකළපුව කරදියනාරු පොලිස් ස්ථානයේ සිදුවු පිපිරීමෙන් මියගිය පිරිස 19 ක් බව නිල වශයෙන් තහවුරු වී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

  • සී.අයි.ඩී කණ්ඩායමක් කරදියනාරු බලා පිටත්වෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    කරදියනාරු පොලිස් ස්ථානයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ද පිටත්ව ගොස් සිටින බව පොලිසිය පවසයි.

  • 49 ක් රෝහලේ-4 ක් කොළඹට මාරුකර එවයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    කරදියනාරු පොලිස් ස්ථානයේ සිදුවූ පිපුරුමෙන් තුවාල ලැබූ 49 දෙනෙකු මේ වන විට මඩකළපුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

  • කරදියනාරු පිපිරීමෙන් මිය ගිය පිරිස 60 ඉක්මවයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මඩකළපුව - කරදියනාරු පොලීසිය අසල සිදුවූ පිපිරීමෙන් 62 ක පමණ පිරිසක් මරුමුවට පත්ව ඇති බවට සැකකරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පවසයි. මෙම පිරිසෙන් 60 දෙනෙකු පමණ පොලිස් ස්ථානය තුළ සිටි පිරිසක් බව ද දෙදෙනෙකු චීන ජාතික විදේශිකයන් බව ද හෙතෙම සඳහන් කළේය.

  • බිරිඳ සහ දරුවන් දෙන්න-සුසෙයිගේ සොයුරාගෙන් ඉල්ලීමක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    හිටපු මුහුඳු කොටි නායක සුසෙයිගේ බිරිඳ සහ දරුවන් නිදහස් කරගැනීම සඳහා තමන්ට හැකි සහයක් ලබාදෙන්නට සූදානම් බව ඊ.පී.ඩී.පී නායක,සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසා තිබේ.

English News

සතියේ ලග්න පලාපල