news

  • පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පසුගියදා ගාල්ල නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මගින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයට පොලීසිය අත්තනෝමතික ලෙස ප්‍රහාර එල්ලකොට විසුරුවා හැරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, අර්ජුන රණතුංග, අජිත් කුමාර ඇතුළු සත්දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

  • කොටස් වෙළඳපොළෙන් තවත් වාර්තාවක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ඉතිහාසයේ ප්‍රථමවරට කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

  • එච්. ජී. පී. නෙල්සන් මියයයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන එච්. ජී. පී. නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි හෙතෙම අද අලුයම කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වන විට 80 වන වියෙහි පසු විය.

  • ආණ්ඩුව තමන්ගේ ජනවරමට පයින් ගැහුවා-ජ.වි.පෙ න් නිවේදනයක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ආණ්ඩුව, ජනමතයට පයින් ගසා, ජනමතය නොසලකා හරිමින් 18 වන සංශෝධනය ගෙන ආවා පමණක් නොව ඒ පිළිබඳව ජනතාව අතර සංවාදයක් ඇතිවීමට ඉඩ දුන්නේද නැති බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. සම්පූර්ණ නිවේදනය පහත පරිදිය.

  • සැමියන්ට ලැබුණු කාර් ගැන පස්සේ කියන්නම්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පක්ෂය හැර ගිය ඇතැම් මන්ත්‍රීවරියන්ගේ සැමියන්ට අයත් කාර් සේල් වලට කාර් ලැබුණු ආකාරය පිළිබඳ ඉදිරියේදී හෙළිදරව් කරන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

  • මර්වින්ගෙන් මාධ්‍යයට පාඩමක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    සත්‍යය ජය ගන්නා බවත්, සත්‍යය ප්‍රකාශ කරන ලෙස ‍මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවත් මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. සිය පෑන එල්ලුම් ගසකට යන තැනකට ගෙන නොයන ලෙසත්, සිය මාධ්‍යය අනුන්ට හිරිහැරයක්, කරදරයක් නොවන ලෙස භාවිත කරන ලෙසත් ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියි.

  • ෆොන්සේකා කට පරිස්සම් කරගත යුතුයි-දයාසිරි අනතුරු අඟවයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ප්‍රජානතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා කට පරිස්සම් කරගත යුතු බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

  • පළමු විනය ක්‍රියා මාර්ගය කරූ ජයසූරියටයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. එවැනි විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් පළමුව විනය ක්‍රියා මාර්ග ගැනීම ආරම්භ කළ යුත්තේ කරූ ජයසූරිය මහතාගෙන් බව ද ඔහු පෙන්වාදෙයි. එමෙන්ම තමන් එක්සත් ජාතික පක්ෂය හැර නොගිය බව ද ඔහු අවධාරණය කරයි.

  • හෙරොයින් සමග එක් අයෙක් කොටුවෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මාතලේ දිග්කිරියාව ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 830 ක් ඔහු සතුව තිබී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. සැකකරු දිග්කිරියාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. ඔහු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

  • දේශපාලනය නැවතත් අධ්‍යාපනයට අත දමනවා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    දේශපාලන අත පෙවීම් යළිත් වරක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල වසර ගණනාවක පළ පුරුද්දක් ඇති ආචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතාව මෙවර එම ඇගයීම් කටයුතු වලින් ඉවත් කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇති බව එම සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

  • 18 ට කැමැත්ත දුන් අයට පක්ෂයත්, තනතුරුත් නෑ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සිය පක්ෂයේ දැරූ ‍සියලු තනතුරු වලින් ඉවත් කිරීමට මෙන්ම පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව එම පක්ෂයේ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. පක්ෂයේ තීරණයට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුගියදා රැස්වු කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව ඔහු සඳහන් කළේය.

  • මර්වින්ට ආයෙමත් හිටපු තැන ලැබෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    හිටපු මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට යළි නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබා දීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

  • මේ හදන්නේ නාමල්ට පාර කපාදීමටයි-අනුර

    0000-00-00 00:00:00 Views 18 Read More...

    18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් සිද්ද වෙන්නේ නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපති බවට පත්වීමට පාර කපාදීමක් බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

  • බංගලා හන්දියේදී යූ.ඇන්.පියට පොලිස් පොල්ල හරස්වෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනට ඇතුල්කෝට්ටේ-පිටකෝට්ටේ පාරේ බංගලා හංදියේදී පොලීසිය විසින් බාධා එල්ල වී ඇතැයි සඳහන් වේ.

  • පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවට අයිතියක් නෑ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නට පාර්ලිමේන්තුවට අයිතියක් නැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

  • වරදාන වලට බිලී බාගත්තත් යන්න තැනක් නෑ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    අල්ලස් හා දූෂණ කොමිසම අක්‍රීය තත්ත්වයේ පවතින හෙයින් අල්ලස් අරන් ආණ්ඩුවට සහය දක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාත්මක විය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා පවසයි.

English News