news

  • රාධාක්‍රිෂ්ණන් ද ස්වාධීන වීමට තීරණය කරයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පවසයි. මහ මැතිවරණයෙන් පසු තමන් වෙත නියෝජ්‍ය අමාත්‍යධුරයක් ලබාදෙන ලෙස පක්ෂයෙන් ඉල්ලීමක් කළ බව ඒ මහතා පෙන්වාදෙයි.

  • එජාපය වෙනුවෙන් අර්ල් කෙන්යාවට යයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තමා එයට සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා පවසයි. කෙන්යාවේ, නයිරෝබී නුවර දී හෙට ආරම්භ වන මෙම සැසිවාරය සඳහා තමා අද දිවයිනෙන් පිටත්ව යන බව මන්ත්‍රීවරයා පවසා සිටියේය.

  • එජාපය කවදාවත් විනාශ වෙන්නේ නෑ

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පක්ෂය එකමුතු කරමින් විකල්ප දේශපාලන බලවේගයක් රට තුළ ඇති කිරීම තමාගේ එකම බලාපොරොත්තුව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය කිසි දිනක විනාශ නොවන පක්ෂයක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

  • නිවාඩුවට කොළඹ -මහනුවර අමතර දුම්රියක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    සති අන්තයේ සහ පොහොය නිවාඩු දින වල දී කොළඹ සිට මහනුවරට අමතර දුම්රියක් ධාවනය කරවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. විශේෂයෙන් පොහොය දිනයේ දී මහනුවර නගරයට දුම්රියෙන් පැමිණෙන ජනතාවගේ ඉහළ යාමක් දැකිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

  • දේශපාලන විසඳුමක් වෙනුවෙන් ද්‍රවිඩ පක්ෂ රැස්වෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ජාතික ‍ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා ද්‍රවිඩ දේශපාලන පක්ෂ යළි රැස් වීමට තීරණය කර තිබේ. ද්‍රවිඩ දේශපාලන පක්ෂ 10ක් අද පස්වරුවේ රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද්‍රවිඩ ජාතික විමුක්ති සන්ධානයේ මහ ලේකම් එම්. කේ. සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

  • අක්කරෙයිපත්තුව නිවසකට වෙඩි ප්‍රහාරයක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් වෙඩි තබා තිබේ. අද අලුයම පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. මෙම නිවස හිටපු දේශපාලඥයෙකුගේ සංවිධායකවරයාගේ නිවස බව ද සඳහන්ය.

  • විදේශයෙන් එවන මුදල් වල වාර්තාගත ඉහළයාමක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මෙම වසරේ ගත වූ කාලය තුළ විදේශ ශ්‍රමිකයින් විසින් ලංකාවට ‍එවන ලද විදේශ මුදල් ප්‍රමාණය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අදාළ කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3 . 8ක මුදලක් ශ්‍රී ලංකාවට එවා ඇති බව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

  • දෙවන යුධ අධිකරණය සඳුදාට කල් දමයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    හිටපු හමුදාපති සරත් ෆොන‍්සේකා මහතාට එරෙහි චෝදනා විභාග කෙරෙන දෙවන යුධ අධිකරණය ලබන සඳුදා දක්වා කල් දමා තිබේ. එම යුධ අධිකරණය ඊයේ පෙරවරුවේ රැස් විය. එහි සාක්ෂී දිම සඳහා 4 වන සාක්ෂිකරු පැමිණි සිටිය ද විත්තියේ නීතීඥවරු නොපැමිණීම යුද අධිකරණය කල් දැමීමට හේතු වී ඇති බව සඳහන්ය.

  • පාන් මිල ඉහළ දැමීම පමණයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පාන් මිල ඉහළ දැමුවව ද සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මැදිහත් නොවන බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

  • ළමුන් ඇතුළත් කර ගැනීමේ ලැයිස්තු ඔක්තෝම්බර් මුල් සතියේදී

    0000-00-00 00:00:00 Views 18 Read More...

    එළඹෙන ඔක්තෝම්බර් මුල් සතිය තුළ දී 2011 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ මූලික ලැයිස්තු ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සිරිසේන මහතා පවසයි. ගැටලුවකින් තොරව ගත වූ කාලය තුළ පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ මූලික කටයුතු සිදු කිරීමට හැකි වූ බව සුනිල් සිරිසේන මහතා සඳහන් කරයි.

  • 18 ගෙනඒම එජාප ප්‍රශ්න වැඩි කිරීමට හේතුවක් වුණා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය වැන්නක් පාර්ලිමේන්තුවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද වැඩි කිරීමට හේතු වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමීණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

  • කැඩූ අයිතිය ලබනු රිසියෙනි....

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පසුගියදා ගාල්ල නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය මගින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයට පොලීසිය අත්තනෝමතික ලෙස ප්‍රහාර එල්ලකොට විසුරුවා හැරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, අර්ජුන රණතුංග, අජිත් කුමාර ඇතුළු සත්දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාව.

  • මිල නොපෙන්වන සියලු වෙළඳසැල් පවරා ගන්නවා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මිල ප්‍රදර්ශනය නොකරන සියලු ආර්ථික මධ්‍යස්ථාන වල ඇති වෙළඳසැල් නැවත පවරා ගන්නා ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ පිළිබඳ අමාත්‍යවරයාට වාර්තාවක් මගින් තොරතුරු ලැබී ඇති බව ද සඳහන්ය.

  • සහය දීම ගැන සලකා බලනවා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    යෝජිත නව මැතිවරණ ක්‍රමය සඳහා සහය පළ කිරීම පිළිබද සලකා බලන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි. මීට පෙර ගෙන ආ යෝජනාවට තම පක්ෂය විරෝධය පළ කළ බව එම පක්ෂ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

  • පොලිසිය කළ යුතු වූයේ සිරිකොත සීල් තැබීමයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    18 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සංවිධානය කළ සාධාරණ හා අහිංසක විරෝධතා ව්‍යාපාරය ආණ්ඩුව විසින් කඩාකප්පල් කළ බව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක මහතා පවසයි.

  • කොමසාරිස්ගේ ප්‍රකාශය විභාග ගැන සැක මතුකරනවා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන් මහා පරිමාණ උපකාරක පන්ති වල දී ප්‍රශ්න පත්‍ර පිටකරන බවට විභාග කොමසාරිස්වරයා කර ඇති ප්‍රකාශය විභාග වල විශ්වසනීයත්වය පිළිබඳ බරපතල සැකයක් මතු කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

English News