news

  • ඉන්දියාවේදී ශ්‍රී ලාංකීය දෙමළ ජාතිකයින් 2 ක් අත්අඩංගුවට

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ශ්‍රී ලාංකීය දෙමළ ජාතිකයින් දෙදෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ චෙන්නායිහී දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

  • අධිකාරියට උපරිම සහය දෙනවා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    කොළඹ මහ නගර සභාව අධිකාරියක් කිරීමට ආණ්ඩුව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට උපරිම සහය පළ කිරීමට ආණ්ඩුකාරවරුන්ගේ හමුවේ දී තීරණය කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා පවසයි. කොළඹ මහනගර සභාව අධිකාරියක් බවට පත් කිරීම පිළිබඳව සාකච්ඡා‍ කෙරෙන බව අද දෙරණ කළ විමසීමක දී අලෙවි මවුලාන මහතා ප්‍රකාශ කළේය.

  • අමාත්‍යාංශයට එරෙහිව බස් හිමියන් නඩු මගට බසී

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ප්‍රවාහන අමාත්‍යාංශයට ‍එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංග‍මයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

  • නීතිපති උපදෙස් ලැබෙන තුරු තමිලිනී රිමාන්ඩ්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    අත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු කාන්තා නායිකා තමිලිනී සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතීපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී රහස් පොලිසිය මෙම දැනුම් දීම කර ඇති බව සඳහන්ය.

  • ශ්‍රී ලංකාව වටා මගී නැව් සේවාවක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ශ්‍රී ලංකාව වටා මගී නැව් සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා පවසයි.

  • ජා-ඇළ රෝහලේ සේවක පිරිස් රාජකාරි නවතයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ජා-ඇළ දිසා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්යය මණ්ඩලය අද දහවල් සිට සියලු රාජකාරි කටයුතු වලින් බැහැර වී තිබේ. රෝහලේ ආරක්ෂක නිලධාරියෙකුට පුද්ගලයින් පිරිසක් පහර දීම‍ මීට හේතු වී ඇත.

  • වහාබි ගැන සොයන්නැයි ඉස්ලාම් ප්‍රජාව ඉල්ලයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව මූලස්ථානය කරගනිමින් ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක විය හැකි යැයි අමෙරිකාව විසින් ඉන්දීය ආරක්ෂක අංශ වෙත යම් අනතුරු ඇඟවීමක් කර ඇති බව පසුගියදා ඉන්දීය මාධ්‍යය විසින් වාර්තා කර තිබිණි.

  • දුරකථන වලට අසැබි ඡායාරූ යැවූ සැකකරු රිමාන්ඩ්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකථන වලට අසභ්‍ය ඡායාරූප හා වීඩීයෝ දර්ශන යැවීම මත අත්අඩංගුවට ගත් අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය. ඇඟලුම් කම්හලක පිළිගැනීමේ නිලධාරිණියක විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව ‍ඔහු අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

  • රජය වැඩකරන ජනතාව අමතක කරලා

    0000-00-00 00:00:00 Views 18 Read More...

    වත්මන් රජය සැබෑ ජන වරමක් ලබා ගත් රජයක් ලෙස කටයුතු නොකරන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි. මෙරට වැඩකරන ජනතාව අමතක කරමින් රජය ආරම්භ කර ඇති ගමන් මග දැඩි ලෙස හෙළා දකින බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

  • විපක්ෂයේ වැඩ කොටස සිදුකරන්නේ ජවිපෙයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    මේ වනවිට විපක්ෂයේ කාර්යය භාරය ඉටුකරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ආණ්ඩුවේ අසාධාරණයන්ට එරෙහිව සත්‍ය ලෙසම විපක්ෂය ලෙසින් ක්‍රියා කරන, මහ පොළවේ සිටින විපක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව ඔහු පෙන්වාදෙයි.

  • දයාසිරි අනුරගේ ප්‍රකාශය හෙළා දකියි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    තමා කිසිවිටක රජයේ දේශපාලන මත වාදය තුළ රැඳී ‍නොසිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තමා සම්බන්ධයෙන් ඊයේ සිදුකළ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව ඔහු සඳහන් කළේය.

  • කුලුනක නැගි උපවාසකරුගේ ඇමතුම් ගැන වාර්තාවක් ඉල්ලයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    කොළඹ විහාර ‍මහදේවී උද්‍යානය අසල කුලුනක් මත නැගී විරෝධතාවක නිරත වු පුද්ගලයා ලබා ගත් දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුරකථන සමාගම් කිහිපයකට නියෝග කර තිබේ.

  • හදිසිය යටතේ සිටින සැකකරුවන්ට කඩිනමින් නඩු

    0000-00-00 00:00:00 Views 18 Read More...

    හදිසි නීති රෙගුලාසි යටතේ රඳවා සිටින සැකකරුවන්ට අදාළ නඩු පැවරීම් කඩිනම් කිරීමට පියවර ගෙන තිබේ. නීතිපති මෝහාන් පීරිස් මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරු කණ්ඩායමක් මෙම කාර්යයේ නිරතව සිටින බව වාර්තා වේ.

  • බසයක් පෙරළී 2 ක් මරුට -12 ට තුවාලයි

    0000-00-00 00:00:00 Views 18 Read More...

    බදුල්ල කුරුවිගොල්ලේ සිට මැටිගහතැන්න දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මැටිගහතැන්න පාසල අසලදී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

  • පබාට විරුද්ධව ගම්පහ උද්ඝෝෂණයක්

    0000-00-00 00:00:00 Views 18 Read More...

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ආණ්ඩු පක්ෂයට සහය දීම පිළිබඳව විරෝධය පළ කරමින් අද ගම්පහ දිස්ත්‍රික්කයේ ජන පිරිසක් උද්ඝෝෂණයක නිරතවිය. ඒ කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේදීය.එක්සත් ජාතික පක්ෂයේ ජනතාවගෙන් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වී මූල්‍යමය වාසි පතමින් පාවාදීමක් සිදුකළ බව මෙම විරෝධතාකරුවන් පිරිස ස්වර්ණමාලි මහත්මියට චෝදනා කරනු ලැබීය.

  • වල් අලි ප්‍රහාරයකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට

    0000-00-00 00:00:00 Views 18 Read More...

    අඹන්පොල, නිකවලයාය ප්‍රදේශයේ දී වල් අ‍ලියෙකු පහරදීමෙන් කාන්තාවන් දෙ‍දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දර කැඩීම සඳහා ගිය අවස්ථාවකදී ඔවුන් මෙම වල්අලි ප්‍රහාරයට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

English News