නෞකාවේ ගින්න සාර්ථකව පාලනය කෙරේ

0 Sep 10, 2020 09.27am Gossip

අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ වර්ධනය වූ ගින්න ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් මෙහෙයුම් මගින් සාර්ථකව පාලනය කෙරේ.

නෞකාවේ පවතින ආපදා තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය වීමෙන් පසු නෞකාවට ඇතුළු වී එහි තත්වය නිරීක්‍ෂණය කිරීම හා අවශ්‍ය ඉදිරි කටයුතු සොයා බැලීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත ආපදා කළමණාකරණය පිළිබඳ විශේෂඥ පුහුණුව ලත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් කණ්ඩායමක් ඊයේ(09) එම මුහුදු ප්‍රදේශය වෙත යාමට නියමිතව තිබිණ.

පෙරේදා (07) දිනයේ අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට ඊයේ(09) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. එමෙන්ම මේ වන විට නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්‍ෂණය නොවන අතර, ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතී. ඒ අනුව ආපදාවට පත් නෞකාව ඊයේ පෙරවරුව වන විට සංගමන්කන්දතුඩුවේ සිට නාවික සැතපුම් 37ක් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර, එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වාභාවය සහ දැඩි සුළං ප්‍රවාහයද හමුවේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නාවුක හමුදාව පැවසීය.

 


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post