පොලීසියට පහර දුන් කාන්තාවෝ 3ක් අත්අඩංගුවට

0 Sep 10, 2020 09.26am Gossip

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගි වු පොලිස් නිලධාරින් පිරිසකට පහර දී තුවාල සිදු කළ බව කියන කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

බණ්ඩාරගම, මාරාව ප්‍රදේශයේ පුද්ගලයෙකු කාලක සිට ගංජා ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරකට අනුව 09 දා උදෑසන මෙම වැටලීමි සිදු කර තිබේ.

බණ්ඩාරගම පොලිසියේ නිලධාරින් 05 දෙනකු මාරාව ප්‍රදේශයේ නිවසකදි ගංජා සමග පුද්ගලයකු අත් අඩංගුවට ගෙන අත් මාංචු දැමීමිට සැරසෙන විට ඔහුගේ බිරිය දියණිය බෑණා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිලධාරින් සමග පොර බදා අතපය සපාකා නිලඇදුම් ඉරා දමමින් කළහකාරි ලෙස හැසිරී එම පුද්ගලයා මුදා ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය . සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරිනියන් දෙනෙකු හා නිලධාරින් දෙදෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙන අතර සිද්දීයට සම්බන්ධ කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ .

පලා ගිය සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පහර දීමට සම්බන්ධ තවත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බව පොලීසිය පවසයි .


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post