නිව් ඩයමන්ඩ් ගින්න පාලනයට ජලය ලීටර් හාරලක්ෂ හතලිස්දහසක්

0 Sep 09, 2020 01.03pm Gossip

ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නැවේ ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව විසින් නැව මතට  බමිබි බකට් ආධාරයෙන්   ජලය ලීටර් හාර ලක්ෂ හතලිස් දහසක්(4,40000) පමණ ඉස ඇති බවට ගුවන් හමුදාව ප්‍රකාශ කරයි
 
එමෙන්ම  අවස්ථා 176ක දී ගුවන් යානා යොදා ගනිමින් නැව මතට හෙළා ඇති වියළි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රැම් 4500 ක් පමණ වෙයි
 
නෞකාවේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් නිළධාරීතුමාගේ උපදෙස් පරිදි ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රවී ජයසිංහ නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය
 
මේ වන විට දින 07ක් පුරාවට ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝණයට අයත් බිච් කින් 200(Beech King 200 )නිරීක්ෂණ ගුවන් යානයක්,අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ,අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මෙන්ම අංක 08 සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානා බලඝණයට අයත් Y12 ගුවන් යානයක් යොදා ගෙන ඇත


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post