කන්ටේනරයක් පියා සහ දුව බිලි ගනී

0 Aug 25, 2020 08.45am Gossip

මහනුවර කුරුණෑගල මාර්ගයේ මඩවල වංගුව ප්‍රදේශයේ පෙරේදා (23) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ වයස අවුරුදු දෙකක දියණිය ජීවිත්ක්ෂයට පත්වී ඇත. මහනුවර සිට කුරුණැගල දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුරුව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි තවත් මෝටර් රථයක් මතට පෙරළී අනතුරට ලක්වී ඇත.

එම එක් මෝටර් රථයක් තුළ සිටි පියා සහ දියණිය මෙසේ අනතුරට පත්වී ඇත. ඔවුන් දෙදෙනා නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයන් 04 දෙනකු ගලගෙදර හා පේරාදෙණිය රෝහල් වෙත ඇතුළත් කර ඇති බව ගලගෙදර පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. ටිපර් රථයේ රියදුරුද බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් ගලගෙදර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post