යහපාලන ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පළි ගන්න ගිහින් රටේ ආර්ථිකයට හානි කළා

0 Aug 25, 2020 08.43am Gossip

උදයංග වීරතුංග කොමිසමට කියයි

රාජපක්ෂවරුන්ගෙන් පළි ගැනීම් කළ යහපාලන ආණ්ඩුව රුසියානු ශ්‍රී ලංකා සබඳතාවන් පළුදු කරමින්, සංචාරක ව්‍යාපාරය කඩා දමා ශ්‍රී ලංකා රජයටද ආර්ථික හානි කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (24) පැවසීය.

සිරිමාවෝ මැතිනියගේ කාලයෙන් පසුව වසර 37ක් අත්හිටුවා තිබූ රුසියානු සබඳකම් 2010 වසරේ මහින්ද රාජපක්ෂ රජය මගින් යළි ආරම්භ කළ බවත්, එම සබඳකම් 2015 වසරේදී යහපාලන ආණ්ඩුව කඩා දැමූ බවත් වීරතුංග මහතා පෙන්වා දුන්නේය.

රුසියාවේ තානාපතිවරයකු ලෙස හා ව්‍යාපාරිකයෙකු ලෙස තමන් විශාල සේවයක් ශ්‍රී ලංකා රජයට කළ බව පැවසූ වීරතුංග මහතා යහපාලන රජය රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට මොස්කව් - ශ්‍රී ලංකා ගුවන් ගමන් පවා නවතා දැමූ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවට ආයුධ මිලදී ගැනීමට තමන් උපකාර කළේ ව්‍යාපාරිකයකු ලෙස හෝ මැදිහත්කරුවකු ලෙස ලාභ ලබා ගැනීමේ අපේක්ෂා‍ෙවන් නොවන බවත්, හුදෙක් භාෂා පරිවර්තකයකු ලෙස සද්භාවයෙන් ශ්‍රී ලංකා රජයට සහාය වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමන් කළ සේවයට උපහාරයක් ලෙස හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහතා තමන්ට තානාපති සේවයට ආරාධනා කළ බවද කීවේය.

ජේ.ආර්. ජනපති සමයේ අහිමිව ගිය තානාපති සබඳකම් නැවත ඇති කරමින් රටට විශාල සේවයක් කළ තමන් දේශපාලන පළිගැනීමට ලක්ව ඇති බවත්, අසත්‍ය තොරතුරු මත නඩු පවරා පළිගැනීම් කළ බවත් වීරතුංග මහතා පැවසීය.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post