අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමිට

0 Aug 10, 2020 09.33am Gossip

මෙවර මහ මැති­ව­ර­ණ­යෙන් අපේ ජන බල පක්ෂ­යට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට ලබා­දී­මට පක්ෂයේ විධා­යක සභාව ඒක­ම­ති­කව තීර­ණය කරයි.

මේ මන්ත්‍රී ධුරය සම්බ­න්ධ­යෙන් අර්බු­ද­කාරී වාතා­ව­ර­ණ­යක් මේ වන විට උද්ග­තව පැවැ­තිය ද, ඉදිරි සති­යක් හෝ දෙකක කාලය තුළදී අනි­වා­ර්ය­යෙන්ම ජනතා අපේ­ක්ෂා­වට අනුව ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කිරී­මට ඉදි­රි­පත් කරන බව පක්ෂයේ සභා­පති සමන් පෙරේරා මහතා පැවැ­සු­වේය.

රාජ­ගි­රියේ නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධ­ර්ම­රා­ජික විහා­ර­ස්ථා­නයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (09) ප්‍රකාශ කළේය.

මෙවර මහ මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරී­මට දිස්ත්‍රික්ක 17ක පක්ෂය තරග කළ බවත් 67,000 කට ආසන්න ජන­තා­වක් පක්ෂය කෙරෙහි තැබූ විශ්වා­සය ආරක්ෂා කර­මින් ඥාන­සාර හිමි­යන් පාර්ලි­මේ­න්තුව මන්ත්‍රී­ව­ර­යෙක් ලෙස පත් කිරී­මට සියලු නීති­මය කට­යුතු මේ වන විට සිදු කර­මින් පව­තින බවත් ඔහු පැවැ­සු­වේය. කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් නාම යෝජනා බාර­දී­මට ඥාන­සාර හිමි­යන්ට අව­ස්ථා­වක් නොලැ­බුණ ද, පක්ෂය නියෝ­ජ­නය කර­මින් රට පුරා මහ­ජ­න­තාව ආම­න්ත්‍ර­ණය කිරී­මට උන්ව­හන්සේ කට­යුතු කළ බවත් උන්ව­හන්සේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක් ලෙස ජාතික ලැයි­ස්තු­වෙන් නම් කිරී­මට පක්ෂය ගත් තීර­ණය මැති­ව­රණ කොමි­ෂන් සභා­වට ලිඛි­තව දැනුම් දී ඇති බවත් ඔහු කීය.

පක්ෂයේ වැඩ බලන මහ­ලේ­කම් ලෙස සිටි වේදෙ­නියේ විම­ල­තිස්ස හිමි­යන් පක්ෂයේ තීර­ණ­ය­කින් තොරව තමන්ගේ කැමැ­ත්තට අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය උන්ව­හ­න්සේට ලබා දෙන ලෙස ඉල්ලා මැති­ව­රණ කොමි­ෂන් සභා­වට දැනුම් දුන්න ද එය පක්ෂයේ කැමැත්ත නොවන්නේ යැයි ද ඔහු පැවැ­සු­වේය.

මේ සියලු ගැටලු නිරා­ක­ර­ණය කර ගනි­මින් ඉදිරි සති දෙක තුළ කෙසේ හෝ ඥාන­සාර හිමි­යන් පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර­යට පත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post